සාරාංශයඡායාරූපඥාති සබඳකම
Vijaya Kumaranatunga
විජය කුමාරතුංග
1945 - 1988
78.655884995508
79% |   5565  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

 
සම්මාන

1 Best Actor - Merit

7වන විචාරක සම්මාන උළෙල 1975
අහස් ගව්ව

2 Merit Award

2වන ජනාධිපති සම්මාන උළෙල 1980
පොඩි මල්ලි

3 Best Performance Award

11 වැනි සරසවිය සම්මාන උළෙල - 1983
මහ ගෙදර

4 Famous Actor

11 වැනි සරසවිය සම්මාන උළෙල - 1983

5 Famous Actor

12 වැනි සරසවිය සම්මාන උළෙල - 1984

6 Famous Actor

13 වැනි සරසවිය සම්මාන උළෙල - 1985

7 Famous Actor

14 වැනි සරසවිය සම්මාන උළෙල - 1986

8 Famous Actor

15 වැනි සරසවිය සම්මාන උළෙල - 1987

9 Merit Award

9වන ජනාධිපති සම්මාන උළෙල 1987
දෙව්දුව

10 "Ranathisara" Award

16 වැනි සරසවිය සම්මාන උළෙල - 1988

11 Famous Actor

16 වැනි සරසවිය සම්මාන උළෙල - 1988

12 Best Actor

17වන OCIC සම්මාන උළෙල 1990
කැඩපතක චායා

13 Best Singer - MaleSong : Walakulak Gena

19 වැනි සරසවිය සම්මාන උළෙල - 1991
සහරාවේ සිහිනය

14 Best Actor

3වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1991 - 1
කැඩපතක චායා

15 Best Singer - MaleSong : Pemaka Suwanda Danila

20 වැනි සරසවිය සම්මාන උළෙල - 1992
දොළොස්මහේ පහන
 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1මනමාලයෝ
නළුවා
1967
2රෝමියෝ ජුලියට් කතාවක්
නළුවා
1969
3හන්තානේ කතාව
ප්‍රධාන නළුවා
1969
4ප්‍රියංගා
ප්‍රධාන නළුවා
1970
5රන් ඔන්චිල්ලා
ප්‍රධාන නළුවා
1971
6හතර දෙනාම සූරයෝ
නළුවා
1971
7අභිරහස
ප්‍රධාන නළුවා
1971
8කේසර සිංහයෝ
ප්‍රධාන නළුවා
1971
9අපි කවදත් සූරයෝ
නළුවා
1971
10එදත් සූරයා අදත් සූරයා
නළුවා
1972
11මේ දෑස කුමටද
ප්‍රධාන නළුවා
1972
12ආදරේ හිතෙනවා දැක්කම
නළුවා
1972
13වන රාජා
නළුවා
1972
14තුෂාරා
ප්‍රධාන නළුවා
1973
15හත්දින්නත් තරු
ප්‍රධාන නළුවා
1973
16හොඳම වෙලාව
නළුවා
1973
17දාහකින් එකෙක්
ප්‍රධාන නළුවා
1973
18අහස් ගව්ව
ප්‍රධාන නළුවා
1974
19දුලීකා
ප්‍රධාන නළුවා
1974
20සුසී
ප්‍රධාන නළුවා
1974
21සැණකෙළිය
ප්‍රධාන නළුවා
1974
22පෙම් කුරුල්ලෝ
ප්‍රධාන නළුවා
1975
23සිකුරුලියා
ප්‍රධාන නළුවා
1975
24ලස්සන දවසක්
ප්‍රධාන නළුවා
1975
25සංගීතා
ප්‍රධාන නළුවා
1975
26ප්‍රදීපේ මා වේවා
ප්‍රධාන නළුවා
1976
27වාසනා
ප්‍රධාන නළුවා
1976
28ගංගා
ප්‍රධාන නළුවා
1976
29දියමන්ති
ප්‍රධාන නළුවා
1976
30උන්නත් දාහයි මලත් දාහයි
ප්‍රධාන නළුවා
1976
31ආදරෙයි මං ආදරෙයි
ප්‍රධාන නළුවා
1976
32සකුන්තලා
ප්‍රධාන නළුවා
1977
33හරියනකොට ඔහොම තමයි
ප්‍රධාන නළුවා
1977
34හිතුවොත් හිතුවාමයි
ප්‍රධාන නළුවා
1977
35පෙම්බර මදූ
ප්‍රධාන නළුවා
1977
36එයා දැන් ලොකු ළමයෙක්
ප්‍රධාන නළුවා
1977
37මරුවා සමග වාසේ
ප්‍රධාන නළුවා
1977
38විශ්මය
ප්‍රධාන නළුවා
1978
39සෙලීනාගේ වලව්ව
ප්‍රධාන නළුවා
1978
40කුණ්ඩල කේශී
ප්‍රධාන නළුවා
1978
41බඹරු ඇවිත්
ප්‍රධාන නළුවා
1978
42සැලි
ප්‍රධාන නළුවා
1978
43කුමර කුමරියෝ
ප්‍රධාන නළුවා
1978
44සඳ වට රන් තරු
ප්‍රධාන නළුවා
1978
45අහසින් පොලවට
නළුවා
1978
46අනුපමා
ප්‍රධාන නළුවා
1978
47ගැහැනියක්
ප්‍රධාන නළුවා
1979
48හිඟන කොල්ලා
ප්‍රධාන නළුවා
1979
49මොණරතැන්න
ප්‍රධාන නළුවා
1979
50එක හිත
ප්‍රධාන නළුවා
1979
51අක්කේ මට අවසර
ප්‍රධාන නළුවා
1979
52පොඩි මල්ලි
ප්‍රධාන නළුවා
1979
53ටක් ටික ටුක්
ප්‍රධාන නළුවා
1980
54කාංචනා
ප්‍රධාන නළුවා
1980
55ගඟ අද්දර
ප්‍රධාන නළුවා
1980
56කරුමක්කාරයෝ
ප්‍රධාන නළුවා
1980
57රජ දවසක්
ප්‍රධාන නළුවා
1980
58පාර දිගේ
ප්‍රධාන නළුවා
1980
59කිඳුරු කුමාරි
ප්‍රධාන නළුවා
1980
60බද්දේගම
ප්‍රධාන නළුවා
1981
61වාලම්පුරි
ප්‍රධාන නළුවා
1981
62වාලම්පුරි
නළුවා
1981
63සූරියකාන්ත
ප්‍රධාන නළුවා
1981
64ගීතිකා
ප්‍රධාන නළුවා
1981
65අංජානා
ප්‍රධාන නළුවා
1981
66හොඳම නළුවා
ප්‍රධාන නළුවා
1981
67මහ ගෙදර
ප්‍රධාන නළුවා
1982
68යස ඉසුරු
ප්‍රධාන නළුවා
1982
69සක්විති සුවය
නළුවා
1982
70බයිසිකලේ
නළුවා
1982
71රහසක් නැති රහසක්
ප්‍රධාන නළුවා
1982
72කිරි සුවඳ
නළුවා
1982
73තක්කිට තරිකිට
නළුවා
1982
74මිහිදුම් සිහින
ප්‍රධාන නළුවා
1982
75පාරමිතා
ප්‍රධාන නළුවා
1982
76නැවත හමුවෙමු
ප්‍රධාන නළුවා
1982
77කඩවුණු පොරොන්දුව (නව)
ප්‍රධාන නළුවා
1982
78සඳමලී
නළුවා
1983
79සිව් රඟ සේනා
ප්‍රධාන නළුවා
1983
80පසමිතුරෝ
ප්‍රධාන නළුවා
1983
81සමනල සිහින
ප්‍රධාන නළුවා
1983
82වැල්ලේ තැනූ මාලිගා
ප්‍රධාන නළුවා
1984
83බිනරී සහ සුදු බණ්ඩා
ප්‍රධාන නළුවා
1984
84කෝකිලා
ප්‍රධාන නළුවා
1984
85රණ දෙරණ
ප්‍රධාන නළුවා
1984
86බිරිඳ
ප්‍රධාන නළුවා
1984
87ජය සිකුරුයි
ප්‍රධාන නළුවා
1984
88පෙරළිකාරයෝ
ප්‍රධාන නළුවා
1986
89ගිම්හානේ ගී නාදේ
ප්‍රධාන නළුවා
1986
90දෙව්දුව
ප්‍රධාන නළුවා
1986
91ජය අපටයි
ප්‍රධාන නළුවා
1986
92පූජා
නළුවා
1986
93යුගයෙන් යුගයට
ප්‍රධාන නළුවා
1987
94යුක්තියද ශක්තියද
ප්‍රධාන නළුවා
1987
95කව්ළුව
ප්‍රධාන නළුවා
1987
96රජ වැඩකාරයෝ
ප්‍රධාන නළුවා
1987
97රන්දම්වැල්
ප්‍රධාන නළුවා
1987
98ඔබටයි ප්‍රියේ ආදරේ
ප්‍රධාන නළුවා
1987
99අහිංසා
නළුවා
1987
100මමයි රජා
ප්‍රධාන නළුවා
1989
101බදුලු කෝච්චිය
ප්‍රධාන නළුවා
1989
102කැඩපතක චායා
ප්‍රධාන නළුවා
1989
103නොම්මර 17
ප්‍රධාන නළුවා
1989
104වරදට දඬුවම්
ප්‍රධාන නළුවා
1989
105රන්දෙනිගල සිංහයා
නළුවා
1989
106දෑසේ මල් පිපිලා
ප්‍රධාන නළුවා
1990
107තන්හා ආශා
ප්‍රධාන නළුවා
1990
108වීර උදාර
ප්‍රධාන නළුවා
1990
109සහරාවේ සිහිනය
නළුවා
1990
110මධු සිහින
නළුවා
1990
111ක්‍රිස්තු චරිතය
ප්‍රධාන නළුවා
1990
112මධුසමය
ප්‍රධාන නළුවා
1991
113සූරයන් අතර වීරයා
ප්‍රධාන නළුවා
1993
114විජය ගීතා
ප්‍රධාන නළුවා
1994
115ශක්ති
නළුවා
1994
116හිත හොඳ සූරයෝ
ප්‍රධාන නළුවා
1995
117ඇය ඔබට බාරයි
නළුවා
1998

තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

1බිඳුණු හදවත්
නිෂ්පාදනය
1971
2වරදට දඬුවම්
නිෂ්පාදනය
1989

ගීත සඳහා දායකත්වය

1ගඟ අද්දර
  • ගායනය - Ganga Addara ma
1980
ජීවදත්ත

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග (දෙමළ: விஜய குமாரணதுங்க) විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.

පෙර අවධිය
මොහුගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගැනීය. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.

සිනමා දිවිය
විජය කුමාරතුංග චිත්‍රපට ලැයිස්තුව: විජය කුමාරතුංග සිනමාගමනය විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" & "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.

ඝාතනය
විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.

අවමංගල්‍ය උත්සවය හා පසුව
විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. [20] හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), "භයානක අඟහරුවාදා" නැතහොත් "අඳුරු අඟහරුවාදා" යනුවෙන් හැඳින්වේ.
 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS