සාරාංශයඡායාරූප
Thilak Pushpakumara
තිලක් පුෂ්ප කුමාර
58.997429305913
59% |   778  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Thilak Pushpakumara තිලක් පුෂ්ප කුමාර
Thilak Pushpakumara
සම්මාන

 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1අදට වැඩිය හෙට හොඳයි
නළුවා
1963
2මංගලිකා
නළුවා
1963
3සුජාගේ රහස
නළුවා
1964
4සුදෝ සුදු
නළුවා
1965
5පොඩි මල්ලි
නළුවා
1979
6කාංචනා
නළුවා
1980
ජීවදත්ත

හැටේ දශකයේ ජනප්‍රියම ළමා නළුවා

තිලක් පුෂ්ප කුමාර

සුදෝ සුදු, හැඩකාර පිරිමි දරුවකු සිංහල සිනමාවට, අදට වඩා හෙට හොඳ අනාගතයක් උදා කර දිය හැකි බව ඔප්පු කළේය. ඉතා විශිෂ්ට රංගන ශිල්පියකු වෙන බවට පෙරනිමිති පෙන්නුව ද දෛවය ගමන් කළේ වෙනස් මඟකයි.

තිලක් පුෂ්ප කුමාර නම් ළමා නළුවා අද උපන් රටේවත් නැත. ඔහු පදිංචි වී සිටින්නේ එංගලන්තයේයි. එහෙත් පුංචිකමට ඔහු තිරයේ පෑ මහා දස්කම් අදටත් ප්‍රේක්ෂකයන්ට අපූරු මතකයකි.

තිලක් සිනමාවට සම්බන්ධ වූයේ පියා නිසයි. බී. ආර්. යන අකුරු දෙකින් මීගමුව, දළුපත ප්‍රදේශයේ පියා ජනප්‍රිය වී සිටියේ කතෝලික වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙසයි. බී. ආර්., හියුගෝ මාස්ටර්ගේ ගජ මිතුරෙකි. ‘අදට වඩා හෙට හොඳයි’ සිනමා පටයට ළමා නළුවකු සොයමින් සිටි කාලයේදී හියුගෝ ප්‍රනාන්දු නළුවාගේ සිත ගියේ තිලක්ගේ වැඩිමල් සොයුරිය වෙතටයි.

එහෙත් සොයුරියට වඩා තිලක් චරිතයට ගැළපෙන බව පසුව සිතූ නිසා සිනමා පටයට අවසානයේදී තෝරා ගැනුණේ හය හැවිරිදි තිලක්වය. එය තිලක්ට අදටත් මිහිරි මතකයකි. ‘චිත්‍රපටියේ මගේ තාත්තාට හිටියේ ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න මහතායි. ගාමිණී, ජීවා ප්‍රධාන නළු නිළියෝ. මට රඟපාන්න තිබුණේ සීට් එකක් අස්සෙ හැංගිලා ඉන්න චරිතයක්. නොහිතපු විදියට ඒ චරිතය ජනප්‍රිය වුණා.

තාත්තට බී. ඒ. ඩබ්. ජයමාන්න මහතාව හමු වුණේ ඔය කාලෙදිමයි. ඔහු කලත්තූර් කන්නම්මා සිනමා පටය ඇසුරින් ‘මංගලිකා’ කියලා චිත්‍රපටයක් කරන්න සූදානමින් හිටියා. එහි කමල් හසන් රඟපෑ චරිතය රඟපාන්න මාව ඉල්ලලා තිබුණා.

ඔය අතරේ ‘අදට වැඩිය හෙට හොඳයි’ සිනමා පටය කළ සිනමාස් සමාගමත් ඒ ද්‍රවිඩ සිනමා පටයම ‘උඩරට මැණිකේ’ නමින් කරන්න හිටියා. තාත්තා මාව බී. ඒ. ඩබ්. මහතාගේ මංගලිකා සිනමා පටයට රඟපාන්න එක්ක ගෙන ගියා. ඔහු අපේ ගමේ කෙනානෙ.

‘මංගලිකා’, ළමයකු විදියට මට අමතක නොවෙන සුන්දර අත්දැකීමක්.

මංගලිකා රූගත කරන කාලයේ මට අම්මා කෙනෙක් ළඟ නැති අඩුව දැනුණේ නැහැ. ඩේසි ඇන්ටි (රුක්මණී දේවි), ඇලෝයි අන්කල් (බී. ඒ. ඩබ්. ජයමාන්න) ළමයින්ට හරිම කරුණාවන්තයි. ආදරෙයි. තාත්තට වැඩ වැඩි නිසා ‘මංගලිකා’ රූගත කිරීම්වලට මාව එක්ක ගෙන ගියේ සේනාධීර කුරුප්පු අන්කල්.

ඇලෝයි අන්කල් මට හොඳට රඟපාන්න කියලා කෑම කවනවා. රූගත කිරීම් ඉවර වුණාම හොඳට රඟපෑවා කියලා හිස ආදරයෙන් අතගාලා චොකලට් දෙනනවා. රූගත කිරීම්වලට කලින් දෙමළ චිත්‍රපටය පෙන්වලා ඒ විදියට රඟපාන්න කියනවා.

දන්නෙම නැතුව මං හොඳට රඟපාලා තියෙන බව තේරුණේ ජයවිලාල් විලේගොඩ මහතාගේ විවේචනය දැක්කම. හිතට කා වදින චරිතයක් තිලක් පුෂ්ප කුමාර ළමයා හොඳට රඟපාලා තියෙන බව ඔහු ලියා තිබුණා.

රඟපාන අතරේ තාත්තාගේ නාට්‍යවල පුංචි කොටස් රඟපෑවා.

සුජාගේ රහස චිත්‍රපටියේ රඟපාන්න ලැබුණේ රෝයි ද සිල්වාගේ පොඩි කාලේයි. ඒ චරිතය ‘මංගලිකා’ චරිතය වගේ ලොකු චරිතයක් නොවුණත් හොඳ චරිතයක්.

සුදෝ සුදු චිත්‍රපටියේ සුවිනීතා වීරසිංහගේ පුතා විදියට රඟපෑවා. ගාමිණී ෆොන්සේකා මහත්මයා මාව එක්ක ගෙන ගියා. ඒ වෙන කොට මට පොදු වාහනයක යන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. පාසල් යන කොට ළමයි දහය පහළොව මගේ පස්සෙ. වැඩිහිටියොත් බලන්න පොර කනවා. සුදෝ සුදු අන්ධ ළමයාගේ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා.

සුදෝ සුදු රඟපාන කොට මට අවුරුදු හතයි. චිත්‍රපටයේ මා කවි ගායනා කළා. සුදෝ සුදු රඟපෑම වැඩි දෙනෙක් අගය කළා.

මං රඟපෑවේ ඉබේටමයි. හිතලා නෙවෙයි.

චිත්‍රපටි ජීවිතයේ අමතක නොවන අත්දැකිමක් මෛත්‍රීපාල සේනානායක මැතිතුමා දැමූ මල් මාලය. ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ගාමිණී මහතා මෛත්‍රීපාල මැතිතුමාට දැමූ මල් මාලය ඒ මැතිතුමා මට දැම්මා.’

‘සුදෝ සුදු’ සිනමා පටයෙන් තිලක් පුෂ්ප කුමාර ළමා නළුවා ප්‍රේක්ෂකයන්ට සුදුම සුදු මතකයක් ඉතිරි කර රංගනයෙන් දුරස් විය. ඊට හේතුව ඔහුගේ මවයි.

‘පස් වෙනි පන්තියට ගියාට පස්සෙ රඟපානවට අම්මා කැමැති වුණේ නැහැ. ඉගෙනීම කඩාකප්පල් වෙයි කියලා හිතුවා. රඟපෑමට තිබුණු මගේ උනන්දුවත් නැති වුණා.

ආයෙත් වැඩිහිටියෙක් විදියට මං සිනමාවට සම්බන්ධ වෙන්නෙ නළුවකු විදියට නෙවෙයි. මගේ ඥාති සොයුරෙක් සුනිල් ආරියරත්න මහතාව හඳුනනවා. ඔහු සමඟ මං සහය අධ්‍යක්ෂකවරයකු ලෙස යළි සිනමාවට පැමිණියා.

පොඩි මල්ලී මුලින්ම කළා. ඊළඟට සරුංගලයේ සහය අධ්‍යක්ෂ ;ලස වැඩ කළා.

හිටපු සරසවිය කතෘ ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා මගේ මිතුරෙක්. ඔහුගේ බිරිය, දමයන්ති ජයසූරිය කුඩා කාලයේ සිටම හඳුනනවා. මුලින්ම පොඩි මල්ලී සහය අධ්‍යක්ෂණය කරන්න හිටියේ රන්ජිත්. පසුව ඔහු මාව උනන්දු කරලා, උපදෙස් දීලා යොමු කළා.’

තිලක්ගේ කලාවට බැඳි සිත තවමත් නොවෙනස්ය. ඔහු දිනපතා නුවන් නයනජිත් කුමාරයන්ගේ සිංහල සිනමා වංශ කතාව පොතේ පිටුවක් නොවරදවාම කියවන්නේ ඒ ළෙන්ගතුකම නිසාමය.

අද තිලක් පුෂ්ප කුමාර බුලත්වැල වඩාත් ජනප්‍රිය ගායකයකු ලෙසයි. එංගන්තයට යන අපේ කලාකාරයන්ට පැදුරු පාටියේදී අනිවාර්යයෙන්ම මුණ ගැසෙන කෝකිලයා, තිලක්ය. ඔහුගේ හඬ කොතෙක් මිහිරි ද කියනවා නම් ‘ඔයා ඉන්න තිබුණේ ලංකාවෙ’ කියා ඔවුන්ගේ මුවින් ඉබේටම පිට වෙයි.

 

චම්පිකා දීපානි රණසිංහ

සේයාරූ - මාලන් කරුණාරත්න

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS