සාරාංශයඡායාරූපඥාති සබඳකමARTICLES
Sumana Amarasinghe
සුමනා අමරසිංහ
1948 - 2022
56.485447556288
56% |   1821  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Sumana Amarasinghe සුමනා අමරසිංහ
Denipitiya Vithanage Sumana Amarasinghe
  • උපන්දිනය : 1948 February 21
  • විපත : 2022 June 05
  • සම්මාන

    1Best Performance Award
    11 වැනි සරසවිය සම්මාන උළෙල - 1983
    කඩවුණු පොරොන්දුව (නව)
    2Best Performance Award
    23 වැනි සරසවිය සම්මාන උළෙල - 1995
    සුදු පිරුවට
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1පිපෙන කුමුදු
    නිළිය
    1967
    2රෑන ගිරවු
    නිළිය
    1967
    3දහසක් සිතුවිලි
    නිළිය
    1968
    4හතර පෙරලිය
    නිළිය
    1969
    5බිනරමලී
    නිළිය
    1969
    6සුමුදු භාර්යා
    නිළිය
    1970
    7දැන් මතකද
    නිළිය
    1970
    8සමනල කුමරියෝ
    නිළිය
    1971
    9සිංගප්පූරු චාලි
    නිළිය
    1972
    10හතර වටේ
    නිළිය
    1972
    11ලොකුම හිනාව
    ප්‍රධාන නිළිය
    1972
    12මේ දෑස කුමටද
    නිළිය
    1972
    13සුහද පැතුම
    නිළිය
    1973
    14සිනාවයි ඉනාවයි
    නිළිය
    1973
    15සුනේත්‍රා
    ප්‍රධාන නිළිය
    1973
    16දුලීකා
    නිළිය
    1974
    17ශීලා
    නිළිය
    1974
    18ඔබයි මමයි
    ප්‍රධාන නිළිය
    1975
    19සූකිරි කෙල්ල
    ප්‍රධාන නිළිය
    1975
    20මගේ නංගි ශ්‍යමා
    නිළිය
    1975
    21රන්වන් රේඛා
    ප්‍රධාන නිළිය
    1975
    22සධානා
    නිළිය
    1975
    23හදවතක වසන්තය
    ප්‍රධාන නිළිය
    1975
    24මංගලා
    නිළිය
    1976
    25රන් තිලකා
    ප්‍රධාන නිළිය
    1976
    26නීලා
    නිළිය
    1977
    27සුදු පරවියෝ
    ප්‍රධාන නිළිය
    1977
    28හොඳ හිත
    ප්‍රධාන නිළිය
    1977
    29ටොම් පචයා
    ප්‍රධාන නිළිය
    1977
    30නිවෙන ගින්න
    නිළිය
    1977
    31සිතක සුවඳ
    ප්‍රධාන නිළිය
    1978
    32මගේ රන් පුතා
    ප්‍රධාන නිළිය
    1978
    33දීපාන්ජලි
    ප්‍රධාන නිළිය
    1978
    34සමන්මලී
    නිළිය
    1979
    35අනුෂා
    නිළිය
    1979
    36නුවන් රේණු
    නිළිය
    1979
    37ජෝඩු වළලු
    ප්‍රධාන නිළිය
    1980
    38සිල්වා
    නිළිය
    1980
    39බඹා කෙටූ හැටි
    නිළිය
    1981
    40අජාසත්ත
    නිළිය
    1981
    41සැනසුම
    නිළිය
    1981
    42හොඳම නළුවා
    නිළිය
    1981
    43තණ ගිරවී
    ප්‍රධාන නිළිය
    1982
    44පෙති ගෝමර
    නිළිය
    1982
    45රහසක් නැති රහසක්
    නිළිය
    1982
    46මිහිදුම් සිහින
    නිළිය
    1982
    47කඩවුණු පොරොන්දුව (නව)
    ප්‍රධාන නිළිය
    1982
    48සුමිතුරෝ
    ප්‍රධාන නිළිය
    1983
    49හිත හොඳ කොල්ලෙක්
    නිළිය
    1984
    50හදවතක වේදනා
    ප්‍රධාන නිළිය
    1984
    51බිරිඳ
    නිළිය
    1984
    52ඇය වැරදිද ඔබ කියන්න
    නිළිය
    1985
    53සුදු මාමා
    ප්‍රධාන නිළිය
    1985
    54තාත්ති මං ආදරෙයි
    නිළිය
    1987
    55අහිංසා
    නිළිය
    1987
    56ගෙදර බුදුන් අම්මා
    ප්‍රධාන නිළිය
    1988
    57අංගුලිමාල
    නිළිය
    1988
    58ඔක්කොම රජවරු
    නිළිය
    1989
    59මධු සිහින
    නිළිය
    1990
    60ක්‍රිස්තු චරිතය
    නිළිය
    1990
    61හිත හොඳ පුතෙක්
    නිළිය
    1990
    62චෙරියෝ ඩොක්ටර්
    නළුවා
    1991
    63ඔක්කොම කණපිට
    නිළිය
    1992
    64රූමතියයි නීතියයි
    නිළිය
    1992
    65සත්‍යා
    නිළිය
    1992
    66සසර සැරිසරනතෙක් ඔබ මගේ
    නළුවා
    1993
    67මැවිලා පෙනේවි රූපේ
    නිළිය
    1993
    68නොහඩන් කුමරියේ
    නිළිය
    1994
    69සුදු පිරුවට
    ප්‍රධාන නිළිය
    1994
    70ලව් 94
    නිළිය
    1994
    71චෙරියෝ කැප්ටන්
    නිළිය
    1995
    72චෙරියෝ ඩාලින්
    නිළිය
    1996
    73රඹා සහ මධු
    නිළිය
    1997
    74රෑ දනියෙක් දවල් මිගෙල් 1
    නිළිය
    1998
    75රෑ දනියෙල් දවල් මිගෙල් 2
    නිළිය
    2000
    76ජොන්සන් ඇන්ඩ් ගොන්සන්
    නිළිය
    2001
    77සංසාර ප්‍රාර්ථනා
    නිළිය
    2002
    78ලව් 2002
    නිළිය
    2002
    79It’s a Matter of Love [ ඉංග්‍රීසි ]
    නිළිය
    2013

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1ටොම් පචයා
    නිෂ්පාදනය
    1977
    2තණ ගිරවී
    නිෂ්පාදනය
    1982
    3සුදු පිරුවට
    නිෂ්පාදනය
    1994
    4චෙරියෝ ඩාලින්
    නිෂ්පාදනය
    1996
    5It’s a Matter of Love [ ඉංග්‍රීසි ]
    නිෂ්පාදනය
    2013

    ළඟදීම

    1සදාදර ජෝති
    නිළිය
    2සිහින ලොවක් සොයා
    නිෂ්පාදනය
    ජීවදත්ත

    70 දශකයෙන් සිනමා ගමන ආරම්භ කරලා, ලාංකීය සිනමාව වර්ණවත් කළ නළු නිළි යුවළක් තමා රෝයි – සුමනා කියන්නේ. අද වෙද්දී රෝයි ද සිල්වා මහතා නම් සිනමා ගමනින් පමණක් නොව සිය ජීවන ගමනින්ද සමුගෙන වසරකුත් ඉක්ම ගිහින්. අද පිනිපලස “මගේ පළමු පියවර” ගැන සිහිපත් කරන්නේ සිංහල සිනමාවට අනුපමේය සේවාවක් කළ ප්‍රවීණ සිනමා නිළි සුමනා අමරසිංහ.
     
    මම මුලින්ම පාසල් ගියේ ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. මගේ ගම නුවර කටුගස්තොට. ඒත් අපි ගල්කිස්සෙ කුලී ගෙදරක පදිංචිවෙලා හිටියෙ. මගේ තාත්තා වැඩ කළේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. අපේ පවුලේ ගෑනු දරුවො හතර දෙනයි, පිරිමි දරුවො දෙන්නයි. මම අපේ පවුලෙ දෙවැනියා. මගේ අම්මා නම් කලාවට කැමැති කෙනෙක්, ඒත් අපේ තාත්තා එච්චරම කලාවට කැමැති කෙනෙක් නෙවෙයි.
     
    කොහොම හරි මම සිනමාවට එන්නේ, ලස්සන මුහුණු තරගය නිසා. ලස්සන මුහුණු තරගයට ඉදිරිපත් වෙන කොට මම පාසල් යනවා. ඒ වෙද්දී මම හිටියෙ එස්.එස්.සී. පන්තියේ. මගේ ෆොටෝ එකක් නන්දා කියලා යාළුවෙක් ළඟ තිබිලා එයා මේ තරගයට මම නොදැනුවත්වම මගේ ෆොටෝ එක දාලා තියෙනවා. එදා ඒ තරගෙට දෙදාහක් විතර ඉඳලා තියෙනවා. මම ඒකෙන් තිහටත් තේරිලා තියෙනවා. පස්සේ පර්ෆෝම්ස් කරන්න තියෙනකොට එයාට ලියුමක් ඇවිල්ලා. එයාට යන්න බැහැනේ. ඒක නිසා එයා මට කිව්වා මම මෙහෙම දෙයක් කළා කියලා. මුලදී අම්මාත් දොස් කිව්වා. ඒත් අන්තිමට අම්මත් මාත් එක්ක ආවා. ඊට පස්සේ දහ දෙනාට තේරුණා. තුන්දෙනාටත් තේරුණා. පස්සේ විනිශ්චයට ආපු අය මාව චිත්‍රපටවලට තෝරා ගත්තා.
    මට සිනමා ක්ෂේත්‍රය තෝරා ගන්න ඕනේ කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. මම ආස කළේ හෙදියක් වෙන්න, නැතිනම් ගුවන් සේවිකාවක් වෙන්නයි. ගොඩක් දෙනෙක් කිව්වා ඔයාගේ උස නිසා ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් කියලා.
     
    ඉතින් එදා ලස්සන මූණ තරගෙ විනිශ්චය මණ්ඩලේ හිටපු රූබි ද මෙල්ගෙන් චිත්‍රපටයක රඟපාන්න ඇරයුම් ආවා. මම නම් එක පාරින්ම කැමති වුණා ඒත් අපේ තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ මම රඟපානවට. රූබි ද මෙල් ගෙදරටම ඇවිල්ලා කිව්වා, මමයි මේක නිෂ්පාදනය කරන්නේ දුවව එවන්න කියලා. ඔය අතර කාලේ මට දෙයියන්ගේ අසනීප හැදුණා. මම ඉතින් ලෙඩේටයි රඟපාන්න යන්න බැරි වෙන එකටයි දෙකටම ඉකි ගසා අඬන්න ගත්තා. ඒක බලන් ඉන්න බැරිම තැන තාත්තා කිව්වා පළවැනි චිත්‍රපටියෙ විතරක් රඟපාන්න යන්න දෙන්නම් එතැනින් එහාට නම් අහන්න එන්න එපා කියලා.
     
    ඊට පස්සේ තමා මම පිපෙන කුමුදු චිත්‍රපටියෙ රඟපාන්න ගියේ. ඒ චිත්‍රපටියේ රුක්මණී දේවිත් හිටියා. මං ඉතින් බොහොම ආසාවෙන් රඟපෑම්වලට අම්මා එක්ක ගියා. ඊට පස්සෙ මට දිගටම චිත්‍රපටි කිහිපයක් ලැබුණා. මම ඒ හැම එකකටම ගියේ රුබී ඇන්ටිගෙ චිත්‍රපටියට යනවා කියලා. ඒවා තමා රෑන ගිරව්, දහසක් සිතුවිලි, බිනරමලී, සමනල කුමරියෝ, ඔය අතරේ මට ලැබෙන හයවැනි චිත්‍රපටිය තමයි හතර පෙරළිය. හතර පෙරළියත් අහම්බයක් වගේ, ඒක වෙන්නේ මෙහෙමයි. දවසක් මමයි අම්මයි පන්සලට යනකොට අපි ඉන්න තැන කාර් එකක් නැවැත්තුවා. එතකොට අපි දැනගෙන හිටියේ නැහැ ඒ එල්.එම්. පෙරේරා මහතා කියලා. අපේ අම්මට කිව්වා ආන්ටි මම කැමතියි දුවව චිත්‍රපටයකට ගන්න. මම තමයි එල්. එම්. පෙරේරා කියන්නේ, අපි ‘‘හතර පෙරළිය' කියලා චිත්‍රපටයක් කරනවා. ඒකට දුවව එක්කගෙන එන්න කියලා. ඉතින් අම්මා මාව එක්ක ගියා. එතැනදී මාව තෝරාගත්තා එල්.එම්. පෙරේරාගේ බිරිඳ විදියට. ‘‘හතර පෙරළිය' ගීතමය චිත්‍රපටයක්. හතර පෙරළියෙන් පෙරළියක් වුණා කියන්නේ මගේ සහකාරයා රෝයි ද සිල්වා හමු වුණා.
     
    මම හරි ආසයි 'ගෙදර බුදුන් අම්මා', චිත්‍රපටයේ චරිතයට. ඒක ආදර්ශමත් කතාවක්. අම්මා කැමති නෑ පුතාව කොළඹට ඇරලා උගන්වන්න, ඒත් තාත්තා කැමතියි. කොළඹට ඇරලා උගන්නලා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා ජනප්‍රිය වෙනවට. අන්තිමට එයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අම්මා දුක් විඳිනවා. ඒ චරිතයට මම හරි ආසයි. ඒ වගේම සුදු පිරුවට, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි කළ චරිතය මට කරන්න ලැබුණා. ඒක මට ලැබුණු ලොකුම සම්මානයක් කියලා මං හිතනවා. ඒක රෝයි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.
     
    ඇගයීම් නම් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඕනෑ තරම් තියෙනවා. සුදු පිරුවට චිත්‍රපටයට සම්මානයක් ඔන්න මෙන්න තියෙද්දී මට ලැබුණේ නැහැ. ඒ ගැන හරි කනගාටුයි. ඒකට මට ලැබුණේ කුසලතා සම්මානයක් විතරයි. පසුව නම් මට සම්මාන කීපයක්ම ලැබුණා. ඒ එක්කම මේ පසුගියදා පැවති සුමති සම්මාන උළෙලේදීත් මට ජීවිතේ එක් වරක් පිදෙන යාවජීව සම්මානය ලැබුණා.
     
    මම කලාවට අමතරව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළුණා. 1980 රූපලාවණ්‍ය ගැන මම ඉගෙන ගත්තා. මම ඒ ගැන අධ්‍යාපනයක් ලැබුවේ ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව වගේ රටවලින්.
     
    මම ඇත්තටම සතුටු වෙනවා. මම රෝයිගේ චිත්‍රපටවල තමයි වැඩියෙන්ම රඟපෑවේ. ප්‍රේක්ෂකයෝ නම් අහනවා ඇයි දැන් රඟපාන්නේ නැත්තේ කියලා. මට හොඳ ගැළපෙන චරිතයක් ලැබුණාම රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
     
    අනුෂා රණසිංහ
     
    Sumana was born on 21 February 1948 in Katugastota, Kandy, Sri Lanka as the second child in a family with six siblings. Hi father worked in the Inland Revenue Department. Since her family could not stay in Kandy, they came to Colombo and stayed in a rented house in Mt. Lavinia. She first went to the Mount Lavinia Buddhist Girls' College and later to Kalubowila Buddhaghosha Maha Vidyalaya. She has one sister and four brothers.
     
    Amarasinghe was married to Roy de Silva, who was also a renowned actor and director. She met de Silva during the 1969 film Hathara Peraliya. The wedding was celebrated on 30 August 1975. The couple have two children. De Silva died on 30 June 2018 while treated for a heart attack at Sri Jayawardenepura General Hospital. His remains were buried on 2 July 2018 at Borella Cemetery.
     
    In 2014, Amarasinghe was admitted to the hospital due to sudden illness. During her tour to India for a film, she is known to have had a drink which contained a poison. It has affected her liver as well as her heart. At one point her heart even stopped. This germ has not entered her brain and she recovered slowly. She currently works at her own beauty shop, Salon Sumana.
     
    She contested the beauty pageant "Lassana Muhuna", while she was in school times and won the title. Then she acted in the film Hathara Peraliya directed by L.M. Perera. Her maiden cinematic experience came through 1967 film Pipena Kumudu, directed by Ruby de Mel.[13] Her father allowed Sumana to go only for that movie due to Ruby de Mel. However, she lied to her father and later played a lot of other movies such as Rena Giraw, Dahasak Sithuvili, Samanala Kumariyo and Hathara Peraliya.
     
    In addition to acting, she was involved in the beauty industry, where she learned beauty courses in India, Singapore, Canada in 1980. Her first major breakthrough came through 1975 film Sukiri Kella, which earned her nickname "Sweet girl in Sinhala cinema".
     
    She acted in a few films with her real husband, which made a cult in Sinhala cinema. Then she joined Tissa Wijesurendra in many popular films screened for more than 100 days which include Sudu Paraviyo and Sithaka Suwanda. In 1982, she acted in Kadawunu Poronduwa remake, where she acted the role previously acted by Rukmani Devi. Even though she started film career with dramatic roles, she turned to comedy roles in later stages particularly through films directed by husband. Some of her popular films are Binaramalee, Sunethra, Jonsun and Gonsun and Re Daniel Dawal Migel trilogy.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS