SUMMARY
Theja Iddamalgoda
තේජ ඉද්දමල්ගොඩ
58.156565656566
58% |   792  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Theja Iddamalgoda තේජ ඉද්දමල්ගොඩ
Theja Iddamalgoda
  • Died : 2024 November 16

  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CREW MEMBER

    1Ashawari
    Director / Producer / Story
    2022
    BIOGRAPHY

    ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු, ගීත රචකයකු හා සංගීතවේදියෙකු, ජනප්‍රිය වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂවරයකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා පසුගිය 16 වන දින අභාවප්‍රාප්ත විය. මියයන විට 61 වන වියේ පසුවූ ඒ මහතා 2022 වසරේ තිරගත වූ ‘ආශාවරී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසීය.
     
    තේජා ඉද්දමල්ගොඩ යනු, ජනතාවාදී ගායන ශිල්පි එච්.ආර්. ජෝතිපාලයන් සිනමා ගී ලොවට හඳුන්වාදුන් ‘සුරතලී’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ, සිරිල් පී.අබේරත්න මහතාගේ දියණිය වූ ස්වර්ණ අබේරත්න මහත්මියගේ ආදරණීය පුතණුවන්‍ ය. එච්.ආර්. ජෝතිපාලයන් සමඟ චිත්‍රපටයක් සඳහා ප්‍රථම යුග ගීතය ‘සුරතලී’ චිත්‍රපටයට ගායනා කළේද ස්වර්ණා අබේරත්න විසිනි.
     
    විශිෂ්ට හැකියාවන් රැසකින් පිරිපුන් තේජා ඉද්දමල්ගොඩ එකල පළවු අරලිය, සුහද, කුමරි ඇතුළු පුවත්පත් රැසකටම සම්බන්දව චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු ‘මිරිවැඩි සඟලක්’, ‘මුතු වරුසාවක් වැහැලා’ වැනි චිත්‍රකතා රැසක්ම සිය තෙලිතුඩෙන් සිතුවම් කර ඇත.
     
    දක්ෂ ගී පද රචකයෙකු, ගී තනු නිර්මාණකරුවකු හා සංගීතවේදියකු වූ ඔහු සංගීතවත් කළ ගී අතර ශිහාන් මිහිරංග ගායනා කළ ‘මිහිරාවියේ සිහින කුමරී’ හා අමිලා නදීශානි ගායනා කළ ‘ඔබ දන්නවාද දන්නේ නෑ’ ඇතුළු ගීත රැසක්ම විය.
     
    මීඩියා විෂන් ඇඩ්වර්ටයිසිං ආයතනයේ අධ්‍යක්ෂවරයා වූ ඔහු, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන කිහිපයක් සඳහාම ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසක් නිර්මාණය කර ඇත. දෙදරු පියෙකු වූ ඒ මහතා, කෙටි කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවිය. සිය දෙවන සිනමා නිර්මාණය වූ ‘සිහින ලොවෙන්’ ඉදිරි වසරේදී තිරගත කිරීමට සැලසුම් කරමින් සිටියදී හදිසි සමුගැනීම සිදුවූ අතර, ඔහුගේ අවසන් කටයුතු නොවැම්බර් 20 වන දින සන්ධ්‍යායාමයේදී කෝට්ටේ පොදු සුසාන භූමියේදී සිදුවිය.
     
    -ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
     
     
    HOME
    NEWS
    DONATE US
    CONTACT
    FILMS
    OTHER FILMS
    UPCOMING
    ARTISTS
    NATIONAL AWARDS
    THEATERS
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS