තොරතුරුකතාව
Reload / රීලෝඩ්
[ Colour ]
චිත්‍රපට අංකය : 1309
නිකුත් වූ දිනය : 2019-11-22
60.854700854701
61% |   1404  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

සදාසරණ මුදලිගේ ඇලපාත උපදින්නේ දුප්පතෙකු හැටියටය. දුප්පතෙකු ලෙස ඉපදුණ ද මිය යන විට දුප්පතකු වෙනවා නම් එය ඔහුගේ වැරැද්දකි. ඇලපාත එය හොඳින් උගත්තේ කාලයකට ඉහතදීය. ඔහුගේ අරමුණ දේශපාලනයට පිවිසීමය. තම ජන සමාජයේ සහෝදර සහෝදරියන් නොමඟ යවමින් ඇලපාත ඡන්දයට ඉදිරිපත් වෙයි. ඔහුගේ කපටි බස්වලට රැවටෙන ප්‍රදේශවාසීහු ඇලපාතට කැමැත්ත පළ කරති.
 
ඔහුගේ සැබෑ ගතිගුණ මතු වන්නේ ඉන් පසුවය. බිරිය සමඟ පවුල් ජීවිතය ගෙවමින් සිටිය ද තවත් කාන්තාවක සමඟ ඇසුරක් පවත්වයි. සනා නැමැත්තෙකු මිත්‍ර කොටගෙන සමාජ විරෝධී ක්‍රියා සිදු කරයි. ටික කලකින් ඇලපාත ඉහළ පෙළේ දේශපාලඥයකු බවට පත් වෙයි. කාලය ගත වී යයි. ඇලපාත සහ සනා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙති. ඔවුන්ට සිදු වන්නේ අපාගතවීමටය. එහිදී ද සුපුරුදු කපටිකමින් දිවි ගෙවන ඔවුහු යම රජුගේ බලගතු දියමන්තියක් සොරාගෙන එකී බලයෙන් යළි පෘතුවියට පැමිණෙති. යම රජුටත් ඇන්ද වූ ඇලපාත හා සනා ඊළඟට මුහුණ දුන්නේ කුමටද? සිනමාවට එක්වන අලුත් අධ්‍යක්ෂවරයකු වන සුසන්ත ධර්මපි‍්‍රය නිර්මාණය කරන රී ලෝ්ඩ් චිත්‍රපටය සැදෙන්නේ එහෙමය. එහි තිර රචනය හරිත් වාසලගෙනි.
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS