තොරතුරුකතාව
Sansare Dadayakkaraya / සංසාරේ දඩයක්කාරයා
[ Colour ]
චිත්‍රපට අංකය : 1300
නිකුත් වූ දිනය : 2019-07-04
61.098901098901
61% |   1365  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

පංසල පිහිටියේ මහ කැලෑව මැදි කොට ගෙනය.එහෙයින් ගම සහ පංසල අතර මග වැටී තිබුනේද මේ මහා කැලය තුලින්‍ ය.පිං පව් නාමයෙන් ගමේ සියල්ල හාමුදුරුවන්ගේ අණසකට යටත්‍ ය.ඒ අණසකට යටත් නොවූ එකම මිනිසා කැලේ විසූ දඩයක්කාරයා පමණි.ගමේ සියල්ලගේම මාංශ අවශ්‍යතාවයට සතුන් මැරුවේද මේ දඩයක්කාරයාය.එහෙයින් සතුන් මරා පව්කාරයා වූයේද මේ දඩයක්කාරයාමය.
 
මේ කතාව කියන්නේ වෙසක් මාසයේය.බණ ශ්‍රවණය කරමින් සිටි ගෝමරී නම් තරුණිය පන්සලෙන් පිටව යමින් ගමන් කැලේදී පිරිමියෙකු හා රමණයේ යෙදේ.එහිදී ඔවුන් දෙදෙනා කැලේ සිටි කොටියාගේ ගොදුරක් බවට පත් වේ.කැලේ සිදුවන සියළු දේ ද්න්නේ දඩයක්කාරයාය.කොටියා ගෝමරී දඩයම් කල බවත්,ඌට මිනිස් ලේ රස දැනී ඇති බවත් ඔහු හාමුදුරුවන්ට පවසයි.තවත් මිනිසුන් කොටියාට ගොදුරු නොවනු පිණිස ගැමියන් වෙසක් දින රෑ පංසලට ගෙන්වා නොගන්නා ලෙස දඩයක්කාරයා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටී.
හාමුදුරුවන් එය කර්මයට භාර කොට වෙසක් පොහෝ දින සීල ව්‍යාපාරය කරගෙන යාමට තීරණය කරයි.
 
කිසිවෙකුගේ පරිභෝජනය වෙනුවෙන් මිස නිරපරාදේ සතෙකු නොමරණ දඩයක්කාරයාට,හාමුදුරුවන් බණ කියන අතරතුර කුසගින්නට යමක් සොයා යන කොටියාව මරාදැමීමට සිදුවන්නේ ගැමියන් ආරක්ෂා කර ගැනීමටය.
 
පසුවදා ගෝමරීගේ මිනිය බලන්නට යන හාමුදුරුවන්ට සහ දඩයක්කාරයාට දකින්නට ලැබෙන්නේ කුණුවෙමින් තිබෙන ගෝමරීගේ සහ හාමුදුරුවන්ගේ මළ සිරුරුය.
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS