තොරතුරුඡායාරූප
Nilla Soya / නිල්ල සොයා
[ Black & White 35 mm ]
චිත්‍රපට අංකය : 344
නිකුත් වූ දිනය : 1976-11-12
63.355176933159
63% |   1526  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Nilla Soya / නිල්ල සොයා
චිත්‍රපට අංකය : 344
නිකුත් වූ දිනය : 1976-11-12
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35 mm
වර්ගය :
චිත්‍රාගාරය : Lanka Studio
ප්‍රධාන නළුවා : ගාමිණි ෆොන්සේකා
ප්‍රධාන නිළිය : මානෙල් වානගුරු
අධ්‍යක්ෂණය : Sena Samarasinghe
නිෂ්පාදනය : Sena Samarasinghe
නිෂ්පාදනය : පියසේන ද සිල්වා

 
විස්තරය

මෙරට වානිජ සිනමාවේ ගාමිණී මාලිණී පෙම්වතුන් ලෙස රගපෑ අවසන් චිත්‍රපටය කව්ද රජා?  චිත්‍රපටය තිරගත වනවා 1976 වසරේ.  පෙම්වතුන් නොවුනත් 1977 තිරගතවන දෙවියනි ඔබ කොහිද ?  ද මේ දෙදෙනා ඒ යුගයේ එකට රගපෑ අවසන් චිත්‍රපටය බවටද පත්වෙනවා. ( නැවත ගාමිණී මාලනී යුගලය චිත්‍රපටයක ප්‍රධාන චරිත රගපාන්නේ ඉන් වසර 21 කට පසු එනම් 1998 දී අන්තිම රැය චිත්‍රපටයේදීය. ) මේ අනුව ඊට පෙර ඔවුන් දෙදෙනා යොදවා අති සාර්ථකත්වයක්  අත් කරගත්  චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන නිල්  රූපසිංහ ජේ.සෙල්වරත්නම්, සේන සමරසිංහ  වැනි වානිජ සිනමාවේ ප්‍රමුඛතම අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ඉන්පසු  අපට දකින්නට ලැබෙන්නේ ගාමිණී සමග විකල්ප නිළියන් ප්‍රධාන චරිතයට යොදවා ගත් අවස්තායි. මේ අනුව  මානෙල් වානගුරු, ෆරිනා ලායි, වීනා ජයකොඩි, ජෙනිටා සමරවීර, ගීතා කුමාරසිංහ යන නි‍ළියන් ගාමිණී සමග ප්‍රධාන චරිත රගපාන චිත්‍රපට අපට දකින්නට ලැබෙනවා. 
 
1976 ගාමිණී මාලිණී  යුගය අවසන් වීමත් සමගම එම වසරේ නොවැම්බර් මස 12 දා තිරයට එනවා සේන සමරසිංහ අධ්‍යක්ෂනය කළ නිල්ල සොයා චිත්‍රපටය. මෙහි ගාමිණී සමග ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ මානෙල් වානගුරු. මෙරට සිනමාවේ ඇය ප්‍රධාන  චරිත රගපෑ චිත්‍රපට කිහිපය දෙස බලන විට වඩාත්ම ජනප්‍රියත්වයට පත් චිත්‍රපටය නිල්ල සොයා කියා පැවසුවහොත් එය ඉතාමත් නිවැරැදියි. 
 
මෙරට සිනමාවේ පුනරුත්පත්තිය තේමා කරගත් චිත්‍රපට අතරින් අමතක නොවන චිත්‍රපට තුනක් 1975, 1976, 1977 යන වසර තුන තුල තිරගතවිමත්  මෙහිදී අමතක නොකළ යුතු කරුණක්. 1975 සංගිතා, 1976 නිල්ල සොයා, 1977යලි ඉපදේ මේ තුනයි. මේ අතරින් සංගීතා හා නිල්ල සොයා චිත්‍රපට දෙකේම සංගීතය සරත් දසනායක විම විශේෂයි. එමෙන්ම මේ චිත්‍රපට දෙකේම ගීත අදටත් අමරණීයයි. එපමණක් නොවෙයි මේ චිත්‍රපට දෙකම අති ජනප්‍රියත්වයට පත්වුනේ දින 100 ඉක්මවා   තිරගත වෙමින්. තවත් අමතක නොවන සිදුවිමක් පෙන්වා දිය හැක්කේ සංගීතා හා යලි ඉපදේ චිත්‍රපට දෙකෙහි කතා වැඩියෙන් විකාශය වන්නේ අතීත ආත්මයේ සිට වුවත් නිල්ල සොයා චිත්‍රපටයේ කතාව වර්තමාන ආත්මයෙන් විකාශය විමයි.                                                           
ගාමිණී, නන්දන ලෙස හා ධම්මේ ලෙස රගපාන මෙහි මානෙල් වානගුරු නිල්මිනි හා මීනා ලෙස චරිත දෙකක් නිරුපනය කරන්නේ ධනවත් හා ද්‍රවිඩ  තරුණියන් දෙදෙනකු  ලෙසය. ඒ වගේම ඇය ගැමි තරුණියක ලෙසත් මෙහි රගපෑම අමතක නොකළ යුතුයි. මිට අමතරව එම යුගයේ බොහෝ චිත්‍රපටවල නාගරික තරුණියක, සමාජශාලා නළගනක ලෙස චරිතවලට කොටුවී සිටි ෆරිනා ලායි ගැමි තරුනියක ලෙසත් මෙහි රගපානවා, රෙක්ස් කොඩිප්පිලි තමාටම ආවේණික අයුරින් දුෂ්ටයාගේ චරිතයට පන පොවන  මෙහි සේනක පෙරෙරා ඔහුගේ සහායකයා ලෙසයි රගපාන්නේ. "අලී මම  කියනවා තමුසේ කරනවා" මේ රෙක්ස් තම සහායකයාහට උපදෙස් දෙන ආකාරයයි, තවත් තැනක ඔහු මානෙල් හා ෆරිනාහට "දැන් උඹලා දෙන්නම මගේ මේ සේරම දේවල් බොලාගේ " යනුවෙන් පවසන දෙබසද අමතක වන්නේ නෑ. සෝමපාල ලීලානන්දගේ මෙවන් ප්‍රාණවත් දෙබස් වලින් පිරි මෙහි කතාව  හා තිර රචනය ඊ.එම්.පි.බණ්ඩාරගෙනි. තවත්  දෙයක් තමයි කලින්  ආත්මයේ  ෆරිනාගේ චරිතය මීලග ආත්මයේ නිරුපනය කිරිම සදහා මානෙල් වානගුරු තෝරා ගෙන තිබීම. 
 
සේන සමරසිංහ මේ චිත්‍රපටය තුලින් තවත් අත්හදාබැලීමක් කරන්නත් අමතක කරන්නේ නෑ. එය හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්, ඒ තමයි ගාමිණීගේ කටහඩට ජෝතිපාල වෙනුවට මිල්ටන් මල්ලවාරච්චි ආදේශ කිරිම. මිට පෙර ආදරේ හිතෙනවා දැක්කම, සැණකෙළිය,  සිරිල් මල්ලි යන චිත්‍රපටවලට මිල්ටන් ගාමිණී වෙනුවෙන් ගී ගයා තිබුනත් ඔහු ගාමිණී වෙනුවෙන් වැඩිම ගීත ගණනක් මෙහිදී ගායනා කරනවා පමණක් නොවෙයි ජෝතිපාලහට යුග ගී ගායනයේදී වඩාත් සාර්ථක වූ ඇන්ජලින් ගුණතිලක සමගත් ඉතාමත් සාර්ථක යුග ගායනයක යෙදෙන්නේ සරත් දසනායකයන්ගේ සංගීතයට සදා අමරණීය ගිතාවලියක් මෙරට සිනමාවට දායාද කරමින්. 
 
 මෙහි ගීත රචනා කළේ කරුනාරත්න අබේසේකර, ජෝර්ජ් ලෙස්ලි රනසිංහ, සෝමපාල ලිලානන්ද යන ශිල්පීන් වන අතර  විමල් කුමාර ද කොස්තා හා බන්දු සමරසිංහ විනොදාත්මක චිත්‍රපටයකට අවශ්‍ය විකට රසය නොඅඩුව ලබාදුන් නිල්ල සොයා චිත්‍රපටය 1976 නොවැම්බර් 12 දින බොරැල්ල ලිඩෝ ඇතුළු සිව්වන මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීම ඇරඹීමෙන් පසු නොවැම්බර් 19 දා තුන්වන මණ්ඩලයේ සිනමාහල් වල ආදරෙයි මං ආදරෙයි, නොවැම්බර් 26 දා දෙවන මණ්ඩලයේ සිනමාහල් වල නැදැයෝ, පළමු වන මණ්ඩලයේ සිනමාහල් වල  දෙසැම්බර් 10 වන දින සිට රංතිලකා චිත්‍රපටයත් තිරගත කෙරෙනවා, නමුත් පසුව පැමිනි  එම චිත්‍රපට පළමු වටය අවසන් කරනවිටත් නිල්ල සොයා පළමු ප්‍රදර්ශන වාරය නිම කොට තිබුනේ නෑ. මෙය ලිඩෝ සිනමාහලේ දින 105 ක් තිරගත කරන්නේ කලක් හින්දි චිත්‍රපටවලට සිමාවී තිබූ එහි දින 100 ඉක්මවු  දෙවන  සිංහල චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක් වෙමින්. ඒ වගේම 1976 වසරේ දින 100 ඉක්මවු චිත්‍රපට දෙක අතරින් එකක් වුනේත් සේනගේ නිල්ල සොයා චිත්‍රපටයයි. මේ විදිහට බලන කොට කියන්නට හැක්කේ  මෙරට ජනප්‍රිය චිත්‍රපට නාමාවලිය තුල ඉදිරියෙන්ම තිබෙන චිත්‍රපටයක් ලෙස මෙය හැදින්විය හැකි බවයි.
 
(අනිල් විරසිංහ ) 0716358123
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sena Samarasinghe
නිෂ්පාදනය
Sena Samarasinghe
සංස්කරණය
Lal Disanayaka
ශබ්ද පරිපාලක
ඩොනල්ඩ් අයිවන්
සංගීත අධ්‍යක්ෂණය
සරත් දසනායක
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS