තොරතුරු
Suragana
[ Colour ]
තිරගත වීමට නියමිතයි
60.015760441292
60% |   1269  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Suragana
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : ප්‍රියංකර පෙරේරා
ප්‍රධාන නළුවා : රවීන්ද්‍ර රන්දෙනිය
ප්‍රධාන නිළිය : වසන්ති චතුරානි
ප්‍රධාන නිළිය : දිල්හානි ඒකනායක
අධ්‍යක්ෂණය : ජයන්ත දාස් පෙරේරා
නිෂ්පාදනය : ප්‍රියංකර පෙරේරා

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ලාංකේය ගීත ඉතිහාසයේ දැවැන්ත නාමයක් වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා ගේ පුත් ප්‍රවීන ගායක සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ කුළුදුල් සිනමා නිර්මාණය “සුරගනා” ලබන දෙසැම්බරයේදී තිරගත කිරීමට බලාපොරොත්තු වේ . කුතුහලයෙන් පිරූ පවුලේ කතාවක් වන මෙය අධ්‍යක්ෂණය කලේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වූ කේ.ඒ.ඩබ්ලියු .පෙරේරා ගේ පුත් ජයන්ත දාස් පෙරේරාය.
 
ප්‍රබල රගපෑම් සමුහයක විශිෂ්ටත්වය සංකලනයක් වූ “සුරගනා” ත්‍රාසය,භීතිය ,කැටිකොට ගත් විනෝදාත්මක චිත්‍රපටයකි. ආදරය,වෛරය අතර ඇත්තේ කෙස් ගසක වැනි ඉඩකඩක් යන වචනය සනාථ කරමින් සැකසු කථා තේමාවක් තුල ගීත, නැටුම්, සටන්, වැනි සාම්ප්‍රදායි අංග තුලින් පිරවුනු මෙය මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකයා රදවා ගත හැකි නිර්මාණයකි.
 
රවින්ද්‍ර රන්දෙනිය,වසන්ති චතුරානි,ප්‍රියංකර පෙරේරා,දිල්හානි ඒකනායක,ක්ලීටස් මෙන්ඩිස්,සුවීනිතා වීරසිංහ,එල්සන් දිවිතුරුගම,මහේන්ද්‍ර පෙරේරා,සනෝජා බිබිලේ,සුරේනි සෙනරත්, ප්‍රධාන චරිත මවන මෙහි සංගීතය සරත් අල්විස් ගෙනි.
 
ප්‍රියංකර පෙරේරා චිත්‍රපට ගණනාවක චරිත රගපා ඇත “දුර්ගා”, වැඩ බැරි නම් වැඩක් නෑ,සත්‍ය,ලඳුනි ඔබ දේවඟනකි,ධවල පුෂ්පය,විජය ගීතා,දෙවියනි සත්‍ය සුරකින්න,චණ්ඩියාගේ පුතා,නින්ජා ශ්‍රී ලංකා,අඳුරු සේවණැලි,උණ්ඩය,වසන්තයේ කුණාටුවක්,සීතල ගිනිකඳු,මධුමාලී,අරලිය මල්,ජය කොතැනද වැනි චිත්‍රපට වල ඔහු ප්‍රධාන චරිත රගපෑවේය.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

සංගීත අධ්‍යක්ෂණය
සරත් ද අල්විස්
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS