INFO
Anda Nimdam
[ Colour ]
Not Yet Released
59.41504178273
59% |   718  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Anda Nimdam
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Lal Weerasinghe
Director : Lal Weerasinghe

 
DESCRIPTION

ජනප්‍රිය නළු ලාල් විරසිංහගේ මෙහෙයවීමෙන් ඉන්දු - ලංකා සම නිෂ්පාදනයක් ලෙස ‘අන්ධ නිම්දම්’ සිනමාපටයේ වැඩ ඇරඹිණි. ලාල් වීරසිංහ සහ කේ. යේසු සම අධ්‍යක්ෂණයක් ලෙස ගෙන එන නවතම සිනමාපටයේ මුහුරත් උලෙළ සහ රූපගත කිරීම් පසුගිය දින ආරම්භ විය. මෙය ලාල්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි.
 
සිංග මචං චාලි සිනමාපටයෙන් පසු මෙවර ඔහු රිදී තිරයට ගෙන එන්නේ නවතම තේමාවක් රැගත් ත්‍රාසය, භිතිය හා කුතුහලය පිරි කථාවකි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන තරුණ පවුලක් සහ ලාංකීක හමුදා නිලධාරියකුගේ පවුලක් අතර සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක එයින් ගෙන එයි. සිංහල සහ දමිල භාෂා ද්විත්වයෙන් ඉන්දීය සහ ලාංකික නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙති. ලාල් වීරසිංහ, කේ. යේ්සු, මංගලා ද සිල්වා සම නිෂ්පාදනයකි. බුද්ධික මංගල සහ මැක්ස් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, වේෂ නිරූපණය ඒ. ඩී. රාමු, කලා අධ්‍යක්ෂණය නාලක කුරුප්පුආරච්චි, සටන් අධ්‍යක්ෂණය එස්. මුරුගන් හා සෙන් ආරියන්, නිෂ්පාදන සම්බන්ධිකරණය මහේෂ් වනිගසූරිය, තාක්ෂණ උපකරණ සැපයීම ඩිල් ෆිල්ම් වෙනුවෙන් ප්‍රවීන් ජයරත්න ගෙනි. සංගීත අධ්‍යක්ෂණය අරුණගිරි සහ ගේය පද රචනය අරුන් භාර්ති, සංස්කරණය එල්. වී. කේ. දාස්, කොණ්ඩා සැකසුම කුමුදු ළමාහේවාගෙනි.
 
‘අන්ධ නිම්දම්’ හෙවත් ‘ඒ මොහොත’ කතාව, දෙබස්, තිර රචනය සඳුනි ජයපතිරණ සහ නිෂාලා නිශ්ශංකයි. පූර්ව සැලසුම් සහය අධ්‍යක්ෂණය දේවිකා කුමාරි සහ චාමර බලංගොඩගෙනි. නිශ්චල ඡායාරූප නිපුන් චාමින්දයි. ලාල් වීරසිංහ, රුද්‍රා, චන්න පෙරේරා, නොසින්, සංජනා නයිදු, ඩිලුක්සි වීරපෙරුම, රජිත හිරාන්, කුමාර ජයකාන්ත, අනුර බණ්ඩාර රාජගුරු, රජිත මෙල්ඩ රංගනයෙන් දායක වෙති.
 
CAST


OTHER CREW

Assistant Director
Devika Kumari
Assistant Director
Chamara Balangoda
Still Photographer
Nipun Chaminda
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS