තොරතුරු
Gopalu Handa / ගොපලු හඬ
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 264
නිකුත් වූ දිනය : 1973-07-04
58.376753507014
58% |   1996  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Gopalu Handa / ගොපලු හඬ
චිත්‍රපට අංකය : 264
නිකුත් වූ දිනය : 1973-07-04
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
ප්‍රධාන නළුවා : ටෝනි රණසිංහ
ප්‍රධාන නිළිය : ජීවරාණි කුරුකුලසූරිය
අධ්‍යක්ෂණය : K.wenkat
නිෂ්පාදනය : Andrew Muththaiya

 
විස්තරය

වරක් සුපිරි ගායක එච්.ආර්.ජෝතිපාල පුවත්පතකට පවසා තිබුනා තම ප්‍රියතම ගායකයා හරුන් ලන්ත්‍රා බවත් ඔහු ගොපළු හඩ චිත්‍රපටයට ගැයු මගෙ නාමලි ගිතය ඔහුගේ ප්‍රියතම ගිතයක් බවත්, ඒ වගේම ජෝති 1975 තිරයට එන තමා රගපෑමෙන් දායකවන දමයන්ති චිත්‍රපටයේ එක් අවස්තාවක රගපාමින් මෙම ගිතයේ කොටසක් ගායනා කරනවා.
 
ගොපළු හඩ කියන්නේ හැත්තෑව දශකයේ මෙරට ජනප්‍රියත්වයට පත් චිත්‍රපට අතරින් එකක්, මෙහි විශෙෂත්වය වන්නේ මෙහි ප්‍රධාන නළු  නිළි යුවල එම දශකයට ආවේනිකවු ගාමිණී -මාලනී හෝ විජය -මාලනී හෝ තිස්ස-මාලිනී හෝ රෝයි -සුමනාවත් නොවිමයි, මෙය තිරයට එන අවධිය වනවිට මෙහි ප්‍රධාන නිළිය එනම් හැටේ දශකයේ මෙරට සිනමාවේ කතා නායිකාවන් අතරින් ඉදිරියෙන් සිටි ජිවරානි සිනමාවෙන් ඉවත්ව විදෙස් රටක පදිංචියට ගොස් සිටිනවා, ඇය සමග මෙහි ප්‍රධාන නළු චරිතය   නිරුපනය කරනවා ඉන්දියාවේ සුපිරි නිළි වෛජන්තිමාලා ගේ පවා ගෞරවයට පත් මෙරට සිනමාවේ තවත් අංක එකේ නළුවෙකුවූ ටෝනි රණසිංහ.
 
මේ චිත්‍රපටය තිරගත කළ මරදානේ එල්පින්ස්ටන් ප්‍රමුඛ  සිලෝන් තියටර්ස් මණ්ඩලයේ මිට කලින් තිරගත වුනේ බොක්ස් ඔෆිස් වර්තා තැබු තුෂාරා චිත්‍රපටය, එසේම මරදානේ ගාමිණී ප්‍රමුඛ  සිනමාස් මණ්ඩලයේ තිරගත කර තිබුනා ඒවගේම තවත් ජනප්‍රිය චිත්‍රපටයක් ඒ තමයි සුහද පැතුම චිත්‍රපටය . මේ අනුව බොක්ස් ඔෆිස් චිත්‍රපට දෙකකින් පසු තිරයට එන ගොපළු හඩ තිරගත විමට දින 12කට පෙර මරදානේ ගාමිණී ප්‍රමුඛ සිනමාස් මණ්ඩලය තිරයට ගෙනෙනවා තවත් විජය, මාලනී චිත්‍රපටයක්. ඒ තමයි හත්දින්නත් තරු චිත්‍රපටය.  මේ නිසා ගොපළු හඩ චිත්‍රපටයට තරග වැදිමට සිදුවන්නේ හත්දින්නත් තරු චිත්‍රපටය සමගයි. ඒ විතරක් නෙමෙයි ලිඩෝ සිනමාහලට සති දෙක තුනකින් පැමිනෙනවා මෙරට ජනප්‍රියත්වයට පත් මධුර ගීත රැසක් ඇතුලත් කැරවන් හින්දි චිත්‍රපටය.
 
පසු කාලයේ වගේ නෙමෙයි හැටේ දශකයේ ඒ වගේම හැත්තෑව දශකයේ මැද පමණ වනතෙක් චිත්‍රපටයක් සමග තවත් කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරිමේ ප්‍රවණතාවක් දැක ගැනිමට තිබුනා, හන්තානේ කතාව සමග මිනිසා සහ කපුටා, සමනල කුමරියෝ සමග අපි කවදත් සුරයෝ, සිතිජය සමග ශුද්ධ වූ දේශය මේ අතරින් කිහිපයක්. ගොපළු හඩ සමගත් මේ වගේම චීන සර්කස් ඇතුලත් කෙටි චිත්‍රපටයක්  තිරගත වුනා. මේ චින සර්කස් කෙටි චිත්‍රපටය බලන්නටත් ජනතාව එදා දැක්වුවේ විශාල කැමැත්තක්, මේ නිසා වැල නොකැඩී ජනතාව මෙය බලන්නට ආවා. මේ සම්බන්ධයෙන් ගුවන් විදුලියේ සිංහල දෙවන සේවය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙන එන්නට නිෂ්පාදකයින් විශාල වැඩපිලිවෙලක් යොදා තිබිමත් මෙහිදී අමතක කළ නොහැකියි. සතියෙන් සතියට වගේ අලුත් අලුත් කෙටි වෙළඳ දැන්විම් නිතර නිතර ප්‍රේක්ෂක ආකර්ෂණයට යොමු වුනු අතර මතකය නිවැරැදි නම් මෙම දැන්විම් සදහා කටහඩ දුන්නේ අපේ ප්‍රවිණ හිටපු නිවේදකයකු වූ ගැමුණු විජේසූරිය. "අම්ම තාත්තට පෙන්නමු, ළමයින් අරගෙන අපි යමු" වැනි යෙදුම් ගීතයෙන් ඉතා මනහර ලෙස ශ්‍රාවක ආකර්ෂණයට යොමු කර තිබුනේ  චිත්‍රපටය කෙසේ හෝ නරඹන්නට සිතෙන අයුරින්.
 
මෙරට විනෝදාත්මක සිනමාවේ තවත් ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වු කේ.වෙන්කට් අධ්‍යක්ෂනය කළ මෙය ගාමිනි, මාලිනී, විජය වැනි එදා දැවැන්තයින් වගේම ජෝතිපාලගේ ගිත නොමැතිව දින 73ක්, මරදානේ එල්පින්ස්ටන් හා වැල්ලවත්ත රොක්සි සිනමාහල්වල තිරගත විමත් අමතක කළ නොහැකියි.
 
අනිල් වීරසිංහ  0716358123
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
K.wenkat
නිෂ්පාදනය
Andrew Muththaiya
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS