Lal Senadeera

Lal Senadeera

Full Name: Lal Senadheera Died 05 Sep 1997

Birth date unknown - 05 Sep 1997

60.28% · 1,633 votes
Rate this artist

Summary

NameLal Senadeera
Full NameLal Senadheera
Died05 Sep 1997

Biography

‘කෝපි කඩේ’ රත්නෙ ළමයා ලෙසින් මුළු රටක් ආදරය කළ ලාල් සේනාධීර මිනිස් කමින් පිරී ගිය උදාර හදවතක් තිබු සුන්දර කලා කරුවකු විය.

පුරා වසර එකොළහකට අධික කාලයක් ‘අන්නාසි වත්තේ රත්නෙ ළමයා’ ලෙසින් ප්‍රේක්‍ෂක ජනතාවගේ් ආදරය ලබා සිටි ලාල් කෝපි කඩේ කතාංග 549 ක පමණ රඟපෑවේය. 1948 අප්‍රේල් 16 වැනි දා අතුරුගිරියේ දී උපත ලැබූ ලාල් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා බත්තරමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ගබඩා පාලකවරයකු ලෙස රැකියාව ආරම්භ කළේය. පසුව එම රැකියාවට ආයුබෝවන් කියා නළුකම සිය වෘත්තිය බවට පත් කර ගනිමින් 1967 දී ජී. ඩී. එල් පෙරේරාගේ ‘ඉහට වහල නිල් අහසයි’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේය.

1978 දී සුදාස් මාස්කෝරාලගේ ‘කුමර කුමරියෝ’ චිත්‍රපටයෙන් සිනමා ගමන් ඇරඹු ඔහු පාලම යට, ඇර සොයිසා, සිල්වා, රණබිමේ වීරයා, මම බය නෑ ශ්‍යාමා, ඇසල සඳ, සඳ මඬල වැනි චිත්‍රපට රැසක චරිත නිරූපනය කළේය.

ලොක්කෙ මාමා ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ වූ ලාල් පටලැවිල්ල, පියාඹන අස්සයා, හිරුට මුවාවෙන්, දියසේන ආදී ටෙලි නාට්‍ය කීපයකම රඟපෑව ද කෝපි කඩේ රත්නෙ ළමයා ඔහු රඟපෑ ජනපි‍්‍රයම චරිතය විය. 1997 සැප්තැම්බර් 05 වැනි දා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලොවින් සමුගන්නා විට ලාල් 49 වැනි වියේ පසු වූයේය.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 3911978 Kumara Kumariyo කුමර කුමරියෝ Actor Sudas Maskorala
2 4301980 Silva සිල්වා Actor Herbert Ranjith Peiris
3 5931984 Ara Soysa ඇර සොයිසා Actor Herbert Ranjith Peiris
4 6911990 Palama Yata පාලම යට Actor H.D. Premarathna
5 6951990 Hitha Hoda Puthek හිත හොඳ පුතෙක් Actor Roy De Silva
6 7111991 Esala Sanda ඇසළ සඳ Actor Lionel Panduwawala
7 7221992 Ranabime Veeraya රණබිමේ වීරයා Actor Ranjith Siriwardhana
8 7291992 Sakvithi Raja සක්විති රජ Actor Sunil Soma Peiris
9 7811994 Sandamadala සඳමඩල Actor Malani Fonseka
10 8141995 Mama Baya Ne Shyama මම බය නැ ශ්‍යාමා Actor M.S. Anandan
11 8331996 Hitha Hoda Nam Waradinne ne හිත හොඳනම් වරදින්නේ නැ Actor W. Ranjith Perera
12 8701998 Yuda Gini Meda යුද ගිනි මැද Actor Ranjith Siriwardhana
13 10692007 Hai Master හායි මාස්ටර් Actor Ranjith Siriwardhana