INFOPLOTPHOTOS
Hathara Waran / හතර වරන්
[ Colour ]
Film No : 1324
Released Date : 2021-01-29
59.433198380567
59% |   1235  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Hathara Waran / හතර වරන්
Film No : 1324
Released Date : 2021-01-29
Colorimeter : Colour
Category :
Main Actor : Chathura Perera
Main Actor : Pubudu Chaturanga
Main Actress : Thakshila Sewwandi
Director : Chathura Perera
Producer : Sumana Deepthi Gunarathna

TRAILER


 
DESCRIPTION

නැසීගිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතු ජනප්‍රිය ටෙලි සිනමා රංගන ශිල්පී චතුර පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර වරන් සිනමපටය මෙම මස 29 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගත වනවා.
 
හාස්‍යෝත්පාදක සිනමා සිනමාපටයක් වන මෙය චතුරගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. චතුරගේ පියාවූ එල්. එම්. පෙරේරාද සිනමාපට හතරක් අධ්‍යක්ෂණය කළ අතර ඒවා නමින් හතර පෙරළිය, හතර කේන්දරේ, හතර මහා නිධානය සහ හතර වටේ නම් විය.
 
එල්. එම්. තම සිනමාපට හතර යන වචනය භාවිත කරමින් නම් කළාසේම ඔහුගේ පුත්‍ර චතුර ද තමන්ගේ කුළුඳුල් සිනමාපටය සඳහාද එම වචනය යොදා හතර වරන් ලෙස නම් කොට තිබීම විශේෂත්වයක්.
 
හතර වරන් සිනමාපටයේ පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, ටෙඩී විද්‍යාලංකාර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ, දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, අසංග පෙරේරා සහ චතුර පෙරේරා රංගනයෙන් දායක වේ.
 
නිෂ්පාදනය හිරු ෆැෂන් වෙනුවෙන් සුමන දීප්ති ගුණරත්නගෙනි.
 
කතාව දෙබස් තිරරචනය සහ සම අධ්‍යක්ෂණය සුරේෂ් කුමාරසිංහගෙන් වන අතර කැමරාකරණය සජිත වීරප්පෙරුමගෙනි.
 
අංග රචනයෙන් උභය දිසානයක, කලා අධ්‍යක්ෂණයෙන් රෝහිත කුමාර, නිෂ්පාදන කළමනාකරණයෙන් අජිත් ප්‍රනාන්දු හතර වරන් සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.
 
සමීර මදුශාන් සහ කුමාරි දිසානායක සහය අධ්‍යක්ෂවරුන්‍ ය. ලාල් දේවරත්න නැටුම් අධ්‍යක්ෂවරයා. සංගීත අධ්‍යක්ෂණයෙන් ජෝර්ජ් සේනානායක දායක විය. සංස්කරණය තනුස්ක කහඳවලගෙනි.
 
CAST


OTHER CREW

Assistant Director
Sameera Madushan
Assistant Director
Kumari Disanayaka
Production Manager
Ajith Fernando
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS