Thiththa Aththa

Thiththa Aththa

තිත්ත ඇත්ත

Colour

Film No: 1304  ·  Released: 20 Apr 2019

62.31% · 2,752 votes
Rate this film

Summary

NameThiththa Aththa / තිත්ත ඇත්ත
Film No1304
Released Date20 Apr 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy

Trailer

Description

තිත්ත ඇත්ත එම සිනමා සිතුවම වේ. එය රැගෙන එන්නා සුවිශේෂී තැනැත්තෙකි. ඔහු ප්‍රීතිරාජ් වීරරත්නය. නොම්මර 17, පුදුමයි ඒත් ඇත්තයි ආදී ජනකාන්ත සිනමා සිතුවම් ඔබට තිළිණ කළේ ඔහුය. ප්‍රීතිරාජ් අවසන් නිපැයුම සූරවීර චණ්ඩියෝය. ඉන් පසුව ඉතා දිගු කලෙක විරාමයකින් අනතුරුව ප්‍රීතිරාජ් මෙලෙස වලිසිංහගේ කතා පුවත රැගත් සිනමා සිතුවම ගෙන එන්නේය. කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ප්‍රීතිරාජ් වීරරත්නගෙනි.

ඇත්ත සමහරුන්ට තිත්තය. එහෙයින් බොහෝ දෙනෙකු ඇත්තට කැමැති නැත. වලිසිංහ ඇමැතිද එසේමය. ඔහුට ද ඇත්ත තිත්තය. එහෙත් බොරුව පැණි රසය. මොන දේ වුණත් වලිසිංහ අන්ත මෝඩයෙකි. කරන්නේම මෝඩ වැඩය. බොරුවෙන් ජීවත් වන්නට ද උපන් හපනෙකි. වලිසිංහට උපදේශකවරයෙක් සිටියි. ඔහුගේ ද උපදෙස් වලිසිංහගේ මෝඩ වැඩවලට ඉනිමං බැන්දා හා සමානය. අතේ සතේ නැතුව දේශපාලනයට පිවිසුණු වලිසිංහ ඇමතිවරයකු බවට පත් වූදා සිට යහමින් මුදල් උපයයි.

දේශපාලනයෙන් කිසිවකුට සෙතක් නැත. සෙතක් ඇත්තේ වලිංසිංහට සහ මෝඩ උපදේශකටම පමණි. ඔවුන්ගේ කතාව එලෙස යද්දී වලිසිංහගේ හොරකම් මැරකම් වීඩියෝ කරන කොලු ගැටයෙකි. ඔහු විසේකුරුට්ටාය. තම ජංගම දුරකතනයට වලිසිංහගේ දුරාචාරාත්මක ක්‍රියාකාරකම් පටිගත කර ගන්නා ඔහු ඔවුන්ව බ්ලැක්මේල් කිරීමට පටන් ගනියි. මේ අතර හිඟන නායකයකු සිටියි. ඔහු ගෙම්බාය. හිඟන්නෙකු කිවුව ද බාහිරින් ඔහුට කිසිදු හිඟන ලක්ෂණයක් නැත. එහෙත් ගෙම්බා හිඟන වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ අවධානයෙන් පසු වෙයි. මේ අතර වලිසිංහ ඇමති කඹයක් අතැතිව උපදේශකගේ උපදෙස් මත රාජ්‍ය සේවකයකු ගසක් ළඟට රැගෙන යයි. මෙහි කතාව ඇරැඹෙන්නේ එතැනිනි.රසමුසු අවස්ථා මධ්‍යයේ වලිසිංහගේ ජීවිත කතාව හාස්‍යෝත්පාදක අන්දමින් එලෙස ගලා යන්නේය.

Cast

Crew

Other Crew