තොරතුරු
Guththila / ගුත්තිල
[ Colour Digital ]
චිත්‍රපට අංකය : 1362
නිකුත් වූ දිනය : 2023-06-01
55.640839971035
56% |   1381  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Guththila / ගුත්තිල
චිත්‍රපට අංකය : 1362
නිකුත් වූ දිනය : 2023-06-01
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : Digital
වර්ගය :
ප්‍රධාන නළුවා : Edward Jayakodi
ප්‍රධාන නළුවා : අකිල දනුද්ධර
ප්‍රධාන නිළිය : චූලක්ෂි රණතුංග
ප්‍රධාන නිළිය : යශෝධා විමලධර්ම
අධ්‍යක්ෂණය : Sanath Abeysekara
නිෂ්පාදනය : හරේන් නාගොඩවිතාන
නිෂ්පාදනය : දිලිනි ද සිල්වා

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය ඇසුරු කර ගනිමින් සිනමාපටයක් තැනෙන වග සරසවියට වාර්තා විය. එම දැවැන්ත සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනුයේ සනත් අබේසේකරයි. මහින්දාගමනය, සිරි දළදාගමනය ආදී සිනමාපටයන් තැනු ඔහුගේ තවත් ඓතිහාසික සිනමාපටයක් වන ගුත්තිල හි ගුත්තිල පඬිවරයාගේ චරිතය නිරූපණය බාර දී ඇත්තේ සුප්‍රකට සංගීත විශාරදයකුටය.

ඔහු එඩ්වඩ් ජයකොඩිය. මූසිල ලෙස අකිල ධනුද්ධර රංගනයේ යෙදෙයි. එඩ්වඩ් ගජමන් පුවත ආදී වේදිකා නිර්මාණවලට රංගනයෙන් දායක වූ වේදිකාවේ සම්මානනීය නළුවකු ද වේ. ටෙලි නාට්‍ය සඳහා ද ඉඳහිට රංගන දායකත්වය ලබා දුන්නද සිනමාපටයක ප්‍රධාන භූමිකාවකට පණ පොවනුයේ ප්‍රථම වතාවටය. ඔවුන් දෙදෙනා සමඟ ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, වීණා ජයකොඩි, චුලක්ෂි රණතුංග, ගිරිරාජ් කෞශල්‍ය, රෝහිත මාන්නගේ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත රංගනයේ යෙදෙති. තිස්ස නාඩොවිතානගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව නිර්මාණය වන ගුත්තිල සිනමාපටය තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් වෙනුවෙන් හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වාගේ නිෂ්පාදනයකි. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රොෂාන් සංජේ විධායක නිෂ්පාදනයෙන් ද, දිනේෂ් සුභසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, හිරංග විශ්ව රණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන්ද, ආනන්ද එස්. කපුගේ සහය අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා දායක වෙති.

ශබ්ද පරිපාලනය වර්ණ සංයෝජනය සහ සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂවරයාය. මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල සහ සනත් අබේසේකර ගීත රචනයෙන් එක් වෙති. විශාරද එඩ්වඩ් ජයකොඩි සහ උරේෂා රවිහාරි සිනමාපටයේ ගීත ගායනා කරනු ලබති. තරංග රුක්මල්වල අංග රචනා ශිල්පියාය. ඇඳුම් නිර්මාණයෙන් රමේෂා ඕෂණි දායකවේ. මෙම මස 07 වැනිදා එගොඩ කැලණිය විහාරස්ථානයේ පැවැත්වෙන මුහුරත් උලෙළින් අනතුරුව ගුත්තිල සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භ වනු ඇත.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sanath Abeysekara
කැමරාකරණය
Sujith Nishantha
සංස්කරණය
Pravin Jayaratne
කලා අධ්‍යක්ෂණය
Dammika Hewaduwaththa
ශබ්ද පරිපාලක
Pravin Jayaratne
අංග රචනය
Tharanga Rukmalwala
සංගීත අධ්‍යක්ෂණය
Dinesh Subasinghe
විධායක නිෂ්පාදනය
Roshan Sanje Herath
විධායක නිෂ්පාදනය
Roshan Sanje Herath
සටන් අධ්‍යක්ෂණය
Sumudu Amalka
නර්තන අධ්‍යක්ෂණය
Chandana Wickramasinghe
නර්තන අධ්‍යක්ෂණය
Channa Wijewardena

අමතර ශිල්පින්

විශේෂ ප්‍රයෝග
Dulara Chamath Paranawidana
වර්ණ සංයෝජනය
Pravin Jayaratne
සහාය අධ්‍යක්ෂණය
Ananda S. Kapuge
නිෂ්පාදන කළමනාකරු
Hiranga Wishwa Ranasinghe
ඇඳුම් නිර්මාණය
Ramesha Oshani
වර්ණ සංයෝජනය
සශින් ගිම්හාන්
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS