SUMMARYPHOTOSRELATIONS
Manel Jayasena
1935 - 2004
58.336283185841
58% |   1130  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Manel Jayasena
Manel Jayasena
  • Birthday : 1935
  • Died : 2004 07 24
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Gamperaliya
    Actress
    1963
    2Sadol Kandulu
    Actress
    1967
    3Sadol Kandulu
    Actress
    1967
    4Ganga Addara
    Actor
    1980
    5Ridee Nimnaya
    Actress
    1982
    6Mahameara Usata
    Actress
    1997
    7Poronduwa
    Actress
    2001
    BIOGRAPHY

    මෙරට අග්‍රගණ්‍ය කලා ශිල්පිණියක වූ මානෙල් ජයසේන සිංහල වේදිකාවේ කිසිසේත්ම අමතක කළ නොහැකි ප්‍රවීණ රංගවේදිණියක වූවාය.

    1962 දී හෙන්රි ජයසේනයන් සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඇය 1963 දී ‘කුවේණි’ නාට්‍යයත් සමඟින් රංගන චාරිකාව ආරම්භ කළාය.

    තම කුළුඳුල් රංගනයෙන්ම හොඳම වේදිකා නාට්‍ය රංගන ශිල්පිණිය ලෙස සම්මානයට පාත්‍ර වූ ඇය ‘අපට පුතේ මගක් නැතේ, දිරිය මව, අහස් මාලිගා, මනරංජන වැඩ වර්ජන, සරණ සියොත් සේ, තවත් උදෑසනක් සහ හුණුවටයේ කතාව’ නාට්‍ය ඇතුළු නාට්‍ය රැසකින් ප්‍රේක්ෂකයාගේ බුහුමනට පාත්‍ර වූවාය.

    හුණුවටයේ කතාවේ ගෲෂාගේ භූමිකාව වසර 32 ක් පුරා වේදිකාවේ රඟ දුන් ඇය පුංචි තිරයේ ද ආදරණීය ශිල්පිණියක වූවාය.

    සත්පුර වැසියෝ, සූරිය දරුවෝ, හිරු කුමාරි, ස්වර්ණ කිංකිණි, එක ගෙයි කුරුල්ලෝ, අඳුකොළ, ඉරට මුවාවෙන් ඇතුළු සීමිත ටෙලි නාට්‍ය සංඛ්‍යාවක රඟ පෑ ඇය රෙජී පෙරේරාගේ සැඩොල් කඳුළු, ඩී. බී. නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය, උදයකාන්ත වර්ණසූරියගේ මහමෙර උසට චිත්‍රපටවල ද රඟපෑවාය.

    2004 වසරේ ජූලි 24 වැනිදා ජීවන රඟමඬලින් නික්ම ගිය මානෙල් ඒ වන විට 68 වැනි වියේ පසු වූවාය

    Sarasaviya

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS