1 | අහස් ගව්ව නළුවා | 1974 |
2 | සැණකෙළිය නළුවා | 1974 |
3 | සෙලීනාගේ වලව්ව නළුවා | 1978 |
4 | පළගැටියෝ නළුවා | 1979 |
5 | හඳයා නළුවා | 1979 |
6 | විසිහතර පැය නළුවා | 1979 |
7 | ජෝඩු වළලු නළුවා | 1980 |
8 | සිල්වා නළුවා | 1980 |
9 | කරුමක්කාරයෝ නළුවා | 1980 |
10 | අපි දෙදෙනා නළුවා | 1980 |
11 | සැනසුම නළුවා | 1981 |
12 | වජිරා නළුවා | 1981 |
13 | තනි තරුව නළුවා | 1982 |
14 | කොටි වලිගය නළුවා | 1986 |
15 | සත්‍යග්‍රහනය නළුවා | 1987 |
16 | කිව්ලේගෙදර මොහොට්ටාල නළුවා | 1987 |
ප්‍රකට වේදිකා, චිත්‍රපට නළුවකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියකු වූ යූ. ආරිය විමල් සහෘද කලාකරුවාගේ නික්ම යාමත් මෙම 20 වැනිදාට යෙදී තිබේ.
1959 දී තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වූ ඔහු ගුණවර්ධනයන්ගේම බක්මහ අකුණු, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ, තුරඟ සන්නිය, දෑවැද්දෝ, සත සහ සත, ඇසළ සඳ අවන්හල, හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාව, ලූෂන් බුලත්සිංහලගේ තාරවෝ ඉගිලෙති ආදී වේදිකා නාට්‍ය රැසක රඟපාමින් ගීත ද ගැයුවේය.
ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ආරි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහැ, සැණකෙළිය, කරුමක්කාරයෝ, සෙලිනාගේ වලව්ව, පළඟැටියෝ, කොටි වලිගය ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවේය.
Sarasaviya