SUMMARYPHOTOS
Rita Rathnayake
රීටා රත්නායක
1934 - 2006
57.985705003249
58% |   1539  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Rita Rathnayake රීටා රත්නායක
Rita Philomina Ratnayake
  • Birthday : 1934 February 18
  • Died : 2006 November 06
  • NATIONAL AWARDS

    1For Best Performances
    2nd Sarasaviya Awards - 1965
    Sithaka Mahima
    2Best Actress
    2nd United Lanka Fans Society Award Ceremony 1965
    Sithaka Mahima
    3"Swarna Jayanthi" Award
    11th Presidential Award 1997
    4"Namaskara Pooja" Special Award
    25th Sarasaviya Awards - 1998
     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Kele Handa
    Main Actress
    1953
    2Warada Kageda
    Main Actress
    1954
    3Radala Piliruwa
    Actress
    1954
    4Ramyalatha
    Actress
    1956
    5Sukumali
    Actress
    1957
    6Suneetha
    Actress
    1958
    7Sepali
    Actress
    1958
    8Sundara Birinda
    Main Actress
    1960
    9Daruwa Kageda
    Actress
    1961
    10Suhada Sohoyuro
    Actress
    1963
    11Suba Sarana Sapa Sithe
    Actress
    1964
    12Sithaka Mahima
    Actress
    1964
    13Sweep Ticket
    Actress
    1965
    14Sekaya
    Main Actress
    1965
    15Athulveema Thahanam
    Actress
    1966
    16Amathaka Unada
    Actress
    1967
    17Den Mathakada
    Actress
    1970
    18Suhada Pathuma
    Actress
    1973
    19Sheela
    Actress
    1974
    20Shanthi
    Main Actress
    1974
    21Onna Babo Billo Enawa
    Actress
    1974
    22Awa Soya Adare
    Actress
    1975
    23Haaratha Hathara
    Actress
    1976
    24Deyyange Theenduva
    Actress
    1976
    25Hithuvoth Hithuvaamai
    Actress
    1977
    26Saja
    Actress
    1977
    27Mage Ran Putha
    Actress
    1978
    28Eka Hitha
    Actress
    1979
    29Dayabara Nilu
    Actress
    1981
    30Samawenna
    Actress
    1981
    31Wathura Karaththaya
    Actress
    1982
    32Bonikka
    Actress
    1983
    33Shirani
    Actress
    1984
    34Kokila
    Actress
    1984
    35Namal Renu
    Actress
    1984

    UPCOMING

    1Abhisheka
    Actress
    BIOGRAPHY

    1934 පෙබරවාරි 18 වැනිදා මාතලේ උපන් රීටා පිලොමිනා රත්නායක අධ්‍යාපනය ලැබුවේ, මාත​ලේ ඇග්නස් කන්‍යාරාමයෙනි. එය පසුව ශාන්ත තෝමස් බාලිකා විදුහල බවට පත්විය.  ඇගේ පියා එමිල් රත්නායක සුප්‍රකට වයලින් වාදකයකු විය. ඇගේ මාමලා ද කලාවට සම්බන්ධ වූවෝ වූහ. ඇය කුඩා කල සිටම රුක්මනී දේවියට ප්‍රිය කළාය. පාසල් කාලයේදී ඇය ‘දස්කොන්’ නාට්‍යයේ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. ගී ගැයුවාය. ඇය රුක්මනී දේවිය මුණගැසෙන්නට ආශාවෙන් සිටියාය.  

    ඇයට එයට අවස්ථාව පෑදුණේ වාර්ෂික මඩු වන්දනාවේ ගොස් සිටි අවස්ථාවකය. ඇගේ අනාගතය තීරණය කළේ එම මඩු වන්දනාවේදී එඩී, රුක්මනී හා බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න හමුවීමයි. ඇයට ‘කැලෑ හඳේ’ ඩේසි අන්තනායක චරිතය රඟපාන්නට ලැබුණේ ඒ හමුවේ ප්‍රතිඵලයක් ලෙසය. ඇය එහිදී ඔවුනට කීවේ, තමා නිළියක වීමට දැඩි ආශාවකින් සිටින බවය. ඇයට එවිට වයස අවුරුදු 16ක් පමණය.  බී.ඒ.ඩබ්ලිව්.ට ද කතුවර ඩබ්ලිව්.ඒ. සිල්වා සමග ‘කැලෑ හඳ’ චිත්‍රපටයට නගන්නට ලේසි නොවීය. ඔහුගේ මූලික ඉල්ලීම වූයේ ‘කැලෑ හඳ’ කතාවට හානියක් නොවිය යුතු බවය.  

    එළිමහන් දර්ශන කතුවරයාගේ ඉල්ලීම අනුව ලංකාවේ රූගත කළ යුතු වූ අතර, ඇතුළත දර්ශන ඉන්දියාවේදී රූගත කෙරිණ. මේ හැම අවස්ථාවකටම කතුවර සිල්වා සහභාගි වූයේය.  ‘කැලෑ හඳ’ තිරගත වෙද්දී ‘සිනමාස්‍්’ සමාගම නිෂ්පාදනය කළ ‘සුජාතා’ චිත්‍රපටය ද තිරගත විය.  ‘බාරි බෙහෙන්’ යන හින්දි චිත්‍රපටය අනුව සිංහලෙන් නිපදවන ලද ‘සුජාතා’ චිත්‍රපටයේ ගීත ගැයීම සඳහා දකුණු ඉන්දීය ජනප්‍රිය ගායක ගායිකාවන් ද යොදාගෙන තිබිණ. විශාල ප්‍රචාරක අනුග්‍රහයක් ලබමින් මේ චිත්‍රපට දෙකම තිරගත වීම නිසා සිනමාශාලා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යන්නට විය.  
    ‘සුජාතා’ චිත්‍රපටයේ දොස්තර නිහාල්ගේ චරිතයෙන් එක රැයෙන් ජනප්‍රිය වූ ග්‍රේට් ජයන්ත ‘සිනමාවේ ප්‍රථම ආදරවන්තයා’ ලෙස ජයකෙළි නැගූ අතර, රීටා රත්නායකට ද කැලෑ හඳෙන් පසුව පෙම්වතිය ලෙස ප්‍රධාන චරිත රඟපාන්නට ලැබිණ.  

    එම චිත්‍රපට අතර රීටාට ප්‍රේම් ජයන්ත සමග ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබීම ඇගේ ජනප්‍රියත්වයට බොහෝ සේ ඉවහල් විය.  රීටා චිත්‍රපට ගණනාවකම රඟපාන්නට අවස්ථාව ලැබූ අතර, ඇය චිත්‍රපට කතානායිකාවක ලෙස ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවාය. ඇයට විශාල රසික පිරිසක් වූහ.  

    ‘වරද කාගෙද’ චිත්‍රපටයේ රීටා, ප්‍රේම් ජයන්ත සහ ලැඩී රණසිංහ සමග රඟපෑවාය. ‘දේව්දාස්’ කතාව ඇසුරෙන් නිෂ්පාදනය කළ ‘රම්‍යලතා’ චිත්‍රපට​යේ ද ඇය පෙම්වතිය වූවාය. එම චරිතයේ නම ‘ප්‍රභාවතී’ය.  ‘ප්‍රභාවතී’ හඳුන්වා දෙන්නට හැකි හොඳම නිදර්ශනය වන්නේ, අලුත්ම ‘දේව්දාස්’ චිත්‍රපටයේ අයිශ්චර්යා රායි රඟපෑ චරිතය ඇය රඟපෑ බවය. බෙංගාලි ජාතික සාරත්චන්ද්‍රා චැටර්ජිගේ ‘දේව්දාස්’ කතාව ඇතුළත් ඉන්දියානු චිත්‍රපට 12ක් (නිහඬ චිත්‍රපටයක් ද ඇතුළුව) පමණ වෙතැයි කියැවෙයි.  

    ‘දලු ලා ප්‍රේම ගඟේ පොඩි අතු රිකිලි නැගේ’ ගීතයට ඇය ප්‍රේම් ජයන්ත සමග රඟපෑවේ ‘වරද කාගෙද’ චිත්‍රපටයේය. ආනන්ද වීරකෝන් සමග ගී ගයමින් ඇය රඟපෑවේ ‘සුකුමලී’ චිත්‍රපටයේය. අරුණ ශාන්ති හා හර්බි සෙනෙවිරත්න සමඟ ද ඇය පෙම්වතිය ලෙස රඟපෑවාය.  

    ‘රේඛාව’ චිත්‍රපටයට ආනන්ද වීරකෝන් සමග රඟපාන්නට ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් තෝරා ගැනීමට අදහසක් තිබුණ ද ‘රදළ පිළිරුව’ චිත්‍රපටයේ රූගත කිරීම් නිසා ඇයට ඒ සඳහා සහභාගි වන්නට නොහැකි විය. මෙහිදී සිහිපත් වන්නේ, ලෙස්ටර් ‘ගම්පෙරළිය’ චිත්‍රපයට අධ්‍යක්ෂණය කරද්දී එහි රඟපාන්නට ආනන්ද වීරකෝන්ට ද ඇරැයුම් කළ ද ඔහු එකල සිටියේ එංගලන්තයේය. හරිහැටි ගෙවීමක් ද නොමැතිව අවුරුදු ගණන් චිත්‍රපට රූගත කිරීම් සඳහා ඉන්දියාවේ කාලය නාස්ති කිරීම නිසා ආනන්දට එකල චිත්‍රපට එපා වී තිබුණ බව ඔහු වරෙක පැවැසීය. ඔහු සිනමාව අමතක කර එංගලන්තයට ගියේ එහෙයිනි.  

    ඇතැම් විටෙක රීටා ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑවා නම්, නිළියක ලෙස මීට වඩා වෙනස් ආකාරයකින් කතා කරන්නට හැකි වන්නට තිබිණ. ඇය සමග වඩාත්ම රඟපෑ නළුවා වන්නේ, අශෝක පොන්නම්පෙරුමය. පෙම්වතුන් මෙන්ම වැඩිහිටි චරිතවලදී ද අැය අශෝක සමග රඟපෑවාය.  සුජාතා අත්තනායක හා ආර්. මුත්තුසාමි ගායනා කරන ‘මධුර යාමේ’ ගීතය සඳහා ‘සිතක මහිම’ චිත්‍රපටයේ රඟපෑවේ රීටා සමග අශෝක පොන්නම්පෙරුමය.රීටා චිත්‍රපට ගණනාවක රඟපාමින් ජනප්‍රියත්වය දිනා ගත්ත ද ඇයට නිසි ඇගයුමක් ලැබුණේ දැයි සැක සහිතය.  

    1966 සරසවි සිනමා සම්මාන උළෙලේදී ඇයට ‘සිතක මහිම’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි විය. ඒ හැරුණු විට, 1997 ජනාධිපති සම්මාන උළෙලේදී ඇයට ‘ස්වර්ණ ජයන්ති’ සම්මානය ලැබිණි. 1998 සරසවි සම්මාන උළෙලේදී ඇයට ‘නමස්කාර ගුණ සම්මානය’ පිරිනැමිණි. රීටා 1953 සිට 1988 දක්වා චිත්‍රපට තිස් ගණනක රඟපෑවාය. ඒ අතරින් අපට තවමත් සිහිපත් වන්නේ, ‘කැලෑ හඳේ’ ඩේසි අත්තනායක ලෙස රඟපෑ ප්‍රථම රඟපෑමය. ඇය විවාහ වූයේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු හා ජනප්‍රිය ගීත හා දෙබස් රචකයකු වූ විල්ෆ්‍රඩ් සිල්වා සමගය.   

    රීටා රත්නායකගේ සිනමා රංගන ජීවිතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් 1982 පෙබරවාරි 21-26 ඇය රඟපෑ චිත්‍රපට උළෙලක් මරදානේ ටවර් රඟහලේදී පැවැත්විණ. එහිදී ‘සුනීතා’, ‘රම්‍යලතා’, ‘සුන්දර බිරිඳ’, ‘වරද කාගෙද’, ‘සිතක මහිම’ හා ‘අමතක වුණා ද’ යන චිත්‍රපට තිරගත විය. එදා ඇය අප සමඟ පැවැසුවේ ගත වූ වසර 30 මෙන්ම ඉදිරියේදී ද රංගනයට කැපවෙන බවය.  ‘අභිෂේක’ චිත්‍රපටයේ නුවරඑළියේ රූගත කිරීම අතිශයින් දුෂ්කර විය. අපි මුලින්ම නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉවු​රේ දර්ශන කිහිපයක් රූගත කළෙමු.  

    දර්ශනය පෙර පුහුණුවීම් කර කැමරාගත කිරීමට සූදානම් වූ විගසම වළාකුළක් පැමිණ හිරු එළිය මකා දමයි. තවත් පැය භාගයක් පමණ බලා සිටින්නට සිදු වෙයි. දර්ශන අතර ආලෝක සම්බන්ධතාව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා කලින් පරිදිම හිරු එළිය පතිත වන තුරු බලා සිටිය යුතු විය.  කලං එහි ගොළු තරුණයකු ලෙස කළ රංගනය තවමත් මගේ සිත තුළ වරින් වර මතු වෙයි. නුවරඑළියේ වැවේ බෝට්ටු අනතුරකින් බේරාගත් තරුණිය ස්තුති කිරීමට ඔහු හා කතා කරද්දී කලං කිසිවක් කතා නොකර ඉතා අවිහිංසක අසරණ බැල්මක් හෙළයි. එය වචන දහසකින් වුව කියාගන්නට බැරි තරමේ නෙතට කඳුළු නංවන චරිත නිරූපණයකි. ඔහු ගොළු බව හඟවද්දී තරුණියගේ හා ඇගේ යෙහෙළියගේ නෙත් තුළ ද මතු වන්නේ අනුකම්පාවකි.  

    රීටා රත්නායකගේ බොහෝ දර්ශන රූපගත කෙරුණේ ළිඳුල ප්‍රදේශයේ වතු බංගලාවක් තුළය. ඇය බොහෝ විටෙක පිටපත රැගෙන දෙබස් පාඩම් කළාය. එහිදී ප්‍රේමරත්න වරෙක කීවේ, “දෙබස් ඒ වෙලාවට අපට කටට හුරු විදිහට හදාගන්න පුළුවන්” කියාය. මුල් යුගයේ බොහෝ චිත්‍රපටවල දෙබස් පිටපතේ හැටියටම කිව යුතු විය. විශේෂයෙන්ම මා අසා ඇති පරිදි ඩබ්ලිව්.එ්. සිල්වා ඔහුගේ දෙබස් වෙනස් කරනවාට කොහෙත්ම කැමැති නොවීය. බොහෝ තිර කතා රචකයන් ද තම දෙබස් වෙනස් කරනවාට අකැමැතිය.  

    රීටා දර්ශන තලයේදී ඉතාමත් නිහතමානී රංගන ශිල්පිනියක වූවාය. ඇය අවධානය යොමු කළේ තම දායකත්වය උපරිම අයුරින් ලබාදෙන්නටය. දර්ශන තලයේ සැම දෙනාටම ඇය කුළුපග වූවාය.  ‘අභිශේක’ චිත්‍රපටයේ විශේෂත්වය වූයේ ද නව පරපුර සමඟ පැරැණි පරපුර එක් කිරීමය. රීටා රත්නායක ගැන මෙතරම් කතා කෙරෙන්නේ පැරැණි පරපුරේ තිරයේ පෙම්වතියක ලෙස ජනප්‍රියත්වය ලැබූ රීටා දර්ශන තලයේ විශේෂත්වයක් වූ බැවිනි.  

    රොඩ්නි විදානපතිරණ

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS