INFOPHOTOS
Suraya Surayamai / සූරයා සූරයාමයි
[ Black & White 35mm ]
Film No : 309
Released Date : 1975-01-01
60.432569974555
60% |   1572  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Suraya Surayamai / සූරයා සූරයාමයි
Film No : 309
Released Date : 1975-01-01
Colorimeter : Black & White
Video Format : 35mm
Category :
Main Actor : Gamini Fonseka
Main Actress : Malani Fonseka
Director : Lenin Morais
Producer : H.M.R. Jayasundara

 
DESCRIPTION

වෙනින් කවුරුත් නෙමෙයි ලෙනින් මොරායස් හැදු සුරයා සුරයාමයි

කාලය 1975 වසරේ මුල් මාස කිහිපය පමණ, ස්ථානය ක්‍රමයෙන් අඳුරු වී ගෙන යන  මරදාන ගාමිණි සිනමාහල ඇතුළු සිනමාස් සමාගමට අයත් දිවයිනේ සිනමාහල්  සමුහය, පිස්තෝලයක්  අතින් ගත් කළු පැහැති ටි.ස්ර්ටයකින් හා එම පැහැයෙන් යුත් කලිසමකින් සැරසී  ජේම්ස් බොන්ඩ් වර්ගයේ බෑගයක් අනෙක් අතින් ගත් තරුණ පෙනුමකින් යුත් අයෙකුගේ රුව එක්වරම තිරයේ දිගහැරෙනවා, , ඒ රුව සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගේ බැවු හඳුනා ගන්නට ශාලාවේ සිටින සිනමා ලෝලීන්ට අපහසු නෑ. ඒ සමගම පසුබිමින් ඇසෙන්නේ එදා මෙදා තුර මෙරට බිහිවූ විශිෂ්ටතම ඒ වගේම පොදු ජනයාගේ ගීත රචකයා වන කරුණාරත්න අබේසේකරයන්ගේ කට හඬයි. "ඔබට මතකද 1969 අගෝස්තු 04 දා ,ලෙනින් මොරායස් සුරයන්ගෙත් සුරයා දුන්නේ එදායි"මේ අනුව තිරයේ දිස් වන්නේ සුරයන්ගේත් සුරයා චිත්‍රපටයේ ජවනිකාවක් බව දැන ගන්නා ප්‍රේක්ෂකයින් අත්  පුඩි ගසන්නට විසිල් ගසන්නට පටන් ගන්නවා, "ඔබට මතකද 1972 අප්‍රේල් 07 වනදා,ලෙනින් මොරායස් එදත් සුරයා අදත් සුරයා දුන්නේ එදායි"නැවතත් අබේසේකරයන්ගේ හඬ ඇහෙද්දී තිරයේ දිස් වන්නේ එදත් සුරයා අදත් සුරයා චිත්‍රපටයේ ගාමිණි පෙනී සිටින ත්‍රාස ජනක ජවනිකාවක්. නැවතත් අබේසේකරයන්ගේ හඬ "මෙදා ඒ හැම සුරයෙක්ම පරදවන සුරයා සුරයාමයි,ඔබ කොතෙක් සුරයින්  දැක ඇත,එහෙත් මෙවන් සුරයෙක් දැක නැත” ,ගාමිණි හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අතර දිග රිටි දෙකකින් කෙරෙන සටනක් දැන් තිරයේ දිස් වන්නට පටන් ගන්නා අතර".ඒ සමගම මේ ප්‍රදර්ශනය වන්නේ ඉදිරියේදී තිර ගත වීමට නියමිත සුරයා සුරයාමයි චිත්‍රපටයේ පුර්ව  ප්‍රචාරක පටය බැවු අවබෝධ කර ගන්නා ප්‍රේක්ෂකයින් වෙතින් නැගෙන ගෝෂාව වඩාත් වේගවත් වන්නේ පසුබිමින් ඇසෙන කරුණාරත්න අබේසේකරයන්ගේ හඬද  පරයමින්.
 
බොක්ස් ඔපිස් චිත්‍රපට තැනීමේ සුරයෙකු වූ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ සුර චිත්‍රපට මාලාවේ තුන්වැන්න ලෙස සැලකෙන සුරයා සුරයාමයි මුලින්ම තිරයට එන්නේ 1975 අගෝස්තු මස පළමුවනදා, ඒ මරදානේ ගාමිණි ඇතුළු සිනමාස් මණ්ඩලයේ සිනමාහල්වල. එකල  මරදානේ එල්පින්ස්ටන් සිනමාහලට මුහුණලා  චිත්‍රපට පුවරු සඳහා වෙන්කර තිබු ස්ථානයේ මෙම චිත්‍රපටයේ සුදු පැහැති හිස් වැස්මකින් සැරසී සිටින ගාමිණි ෆොන්සේකාගේ යෝධ පුවරුවක් සවි කර තිබුණා.ගාමිනී,මාලිනි,ඇන්තනි සි,අග්‍රා සජිවනි,රෙක්ස් කොඩිප්පිලි,හියුගෝ,එච්.ඩී .කුලතුංග,ජෝ,ස්වර්ණා කහවිට, වගේම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,ටෝනි,බි.ඇස් පෙරේරා වගේ නළු නිලියන් මෙහි රඟපානවා, මෙහි  විශේෂත්වයක් තමයි මාලිනි මෙහි ද්විත්ව චරිත නිරුපනය කිරීම,මන්ගෝ නෝනා නමැති බජාර් එකේ ජිවත් වන, මත් පැන් විකුණන චන්ඩි පහේ ගැහැණියකගේ  චරිතයට මෙහිදී ඇය මැනවින් ප්‍රවිෂ්ට වනවා වගේම පසු කලෙක සිරිපාල සහ රන් මැණිකා චිත්‍රපටයේ රන් මැණිකාගේ චරිතය සඳහාද ඇයට මෙම චරිතය මනා පිටුවහලක් වන්නට ඇති, නමුත් කිසිම ඇගයීමකට මෙම චරිතය එදා  ලක් නොවුණේ සමහරවිට මෙය ලෙනින් වගේ වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අතින් නිම වුනු චිත්‍රපටයක එන නිසා වන්නට පුළුවන්. මුල අමතක කළ පුද්ගලයෙකු විශාල සෙනගක් මැද තම පියාට කරන ලද අපහාසයක් හේතුවෙන් එම පුද්ගලයාගෙන් පලි ගැනීමට අපහාසයට ලක්වූ අයගේ පුතා විසින් ගන්නා උත්සාහය ඇතුලත් වන මෙහි කතාව මාරක කතා චක්‍රවර්ති නමින් එදා හැඳින්වුණු ඩිමන් ආනන්ද විසින් ලියන ලද අතර නිෂ්පාදනය කළේ සන්රයිස් චිත්‍රපට වෙනුවෙන් 1972 හිතක පිපුණු මල් චිත්‍රපටය නිෂ්පාදනය කර සිටි එච්.එම.ආර්.ජයසුන්දර. පි.එල්.ඒ.සෝමපාලයන්ගේ මධුර සංගීතයට ජෝතිපාල,ඇන්ජලින්,මිල්ටන් පෙරේරා ගයන ගීත වලින් සමන්විතවූ සුරයා සුරයාමයි චිත්‍රපටයේ වඩාත් ජනප්‍රියවූ ගීත ලෙස ජෝති-ඇන්ජි ගයන දෑස පිරේ,ඔබ නිල්මිණි වූ දැසේ ,ආදරයේ බැඳුනු දිනේ වගේ ගීත සඳහන් කරන්නට පුළුවන්. එම.ජි.ආර්. හා ජයලලිතා ප්‍රධාන චරිත රඟපෑ "කුමරි තෝට්ටම්" නමැති දකුණු ඉන්දීය චිත්‍රපටයේ අනුකාරකයක්  වූ මේ චිත්‍රපටය ලංකාවට ගැලපෙන අයුරින් නිර්මාණය  කරන්නට අධ්‍යක්ෂකවරයා සමත්වීම කැපී පෙනුණු කරුණක්.  
 
 ඒ වගේම තමයි සිනමාස් සමාගමට අයත්ව තිබු මරදානේ ගාමිණි සිනමාහලේ ගාමිණි පොන්සේකා සිනමා වසන්තය අවසන් වුනෙත් මේ චිත්‍රපටයත් සමගයි කිවුවොත් ඒකත් ඉතාමත් නිවැරදියි. අද මෙන් චිත්‍රපට ප්‍රදර්ශනය පෞද්ගලික අංශය මගින් සිදු කළ එම යුගයේ ගාමිණි රඟපෑ චිත්‍රපටවලින් හතරෙන් තුනක්ම පමණ ප්‍රදර්ශනය වුණේ මරදානේ ගාමිණි ඇතුළු සිනමාස් මණ්ඩලයේ සිනමාහල්වල වූ අතර අනෙකුත් මණ්ඩලවල ඔහුගේ චිත්‍රපට එතරම් තිර ගත වුණේ  නෑ. උදාහරණ වශයෙන් 1971 වසරේ සිට 1975 සුරයා සුරයාමයි චිත්‍රපටය දක්වා කාලය පමණක් ගෙන බැලුවත් 1971 හතර දෙනාම සුරයෝ,වැලි කතර,1972 සහනය,එදත් සුරයා අදත් සුරයා,ආදරේ හිතෙනවා දැක්කම,1973 සදහටම ඔබ මගේ,හොඳම වෙලාව,හොඳයි නරකයි,හොඳට හොඳයි,1974 කස්තුරි සුවඳ,ඔන්න බබෝ බිල්ලෝ එනවා,සැණකෙළිය  1975 හිත හොඳ මිනිහෙක්,ආවා සොයා ආදරේ,සුරයා සුරයාමයි වශයෙන් ගාමිණි ඇතුළු සිනමාස් මණ්ඩලයේ තිරගතවූ චිත්‍රපට නම් කරන විට මරදානේ එල්පින්ස්ටන් ඇතුළු සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමාහල්වල 1971 පටන් ඔහු රඟපෑ  චිත්‍රපට වශයෙන්  තිර ගත කළේ 1972 නිධානය,මිරිඟුව,1975 රත්‍රන් අම්මා, රජගෙදර පරෙවියෝ,1976,නයනා යන චිත්‍රපට පමණයි. මේ අතරිනුත් නයනා හා රජගෙදර පරෙවියෝ තිර ගත වුනේ සිලෝන් තියටර්ස් දෙවන මණ්ඩලයේ එනම් බොරැල්ලේ රිට්ස් සිනමාහල ප්‍රමුඛ සිනමාහල්වලයි. කොහොම වුනත් 1976 අප්‍රේල් මාසේ 01 දා පටන් චිත්‍රපට ප්‍රදර්ශනය රාජ්‍ය චිත්‍රපට සංස්ථාව අතට ගන්නවා,මේ අනුව සුරයා සුරයාමයි චිත්‍රපටයට පස්සේ ගාමිණි සිනමාහලේ ගාමිණි රඟපෑ චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය වන්නේ 1978,තිර ගත වන අප්සරා චිත්‍රපටයයි.
 
1983 කළු ජූලියේදී විනාශ වන්නට ඇතැයි කලින් සිතා සිටි 1975 අගෝස්තු 01 දා  ප්‍රදර්ශනය ඇරඹු  සුරයා සුරයාමයි චිත්‍රපටයේ ඩී.වි.ඩී පටය එලියට එනවා ඉන් වසර හතළිහකට පස්සේ, ඒ කියන්නේ 2015 අගෝස්තු මාසයේ , ඇත්තෙන්ම එයත් දෛවෝපගත සිදුවීමක්.
 
 අනිල් වීරසිංහ
 
CAST

CREW

Director
Lenin Morais
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS