නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කරමින් අප සිනමාවේ අපූර්ව නමක් සනිටුහන් කළ අරුණ ජයවර්ධන සිය දෙවන සිනමා කෘතියේ වැඩ කටයුතු අද දින කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැත්වෙන මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ වේ. 1970 ලව් ස්ටෝරි ලෙසට නම් කළ එය දිග හැරෙනුයේ 70 දශකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. හේමාල් රණසිංහ සහ රූ රැජනක් වූ ගම්‍යා විජේදාස ප්‍රධාන චරිත මවන මෙහි මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අෂාන් ඩයස්, සරත් කොතලාවල, සඳලි ප්‍රනාන්දු, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. 1970 ලව් ස්ටෝරි සිනමාපටය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.