විස්තරය
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කදිර දිව්‍යරාජ’ සිනමා කාව්‍යයේ රූගත කිරීම් අවසන් වී තිබිණි. මේ සිනමාවට නැඟී ඇත්තේ දිව්‍ය ප්‍රේම වංශකථාවේ ඉතා සුවිශේෂී තැනක් හිමි කරගන්නා කඳ සුරිඳුන් සහ වල්ලි මාතාවගේ ප්‍රේම වෘතාන්තය බවය සැල වන්නේ. මෙහි පසු නිෂ්පාදන කටයුතු අවසන් වූ වහාම තිරගත වීමට නියමිත බව තමා පැවසෙන්නෙ.
මේ සිනමා කෘතිය නිර්මාණය වන්නේ මේ සමාජය තුළ වන්දනාවට පාත්‍ර වන සංකල්පයක් පදනම් කරගෙන වන අතර. ඒ නිර්මාණයේ ප්‍රධාන චරිත රූපණය සඳහා තෝරාගෙන ඇත්තේ ඉන්දීය නළු නිළි දෙපළක්.
අපේ දේශීය සිනමාවට විදෙස් රටවලින් නළු නිළියන් ගෙන්වීම කලක් තිස්සේ සිදුවන දෙයක්. ඒ විදිහට මෙරටට ආව සමහර නළු නිළියන් ඉතාම ජනප්‍රිය වුනා.
මහචාර්ය වරයා පවසා තිබුනේ අපේ රංගන ශිල්පියකු කදිර දෙවිඳු ලෙස තෝරා ගතහොත් ඔහුට සිනමාවේ හෝ රූපවාහිනියේ සදාකල් කදිර දෙවිඳු වීමට බැරි බව සහ ඔහුට වෙනත් දෙවියකු වීමට ද බැරි බවයි. අපේ රංගන ශිල්පිනියක් වල්ලි මාතාවගේ චරිතය සඳහා තෝරාගත්තොත් සිද්ධ වෙන්නෙත් ඒ ඉරණමම තමයි. බැරි වෙලාවත් එහෙම කළා නම් ඔවුන් ඊළඟට රඟපාන චරිතත් සමඟ ඔවුනුත් අපත් දෙපාර්ශ්වයම බැනුම් අහන බවත් ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.
කදිර දිව්‍යරාජ’ සිනමා පටයේ ප්‍රධාන නළු නිළියන් ලෙස භාරතීය රංගන ශිල්පී සමර් විර්මානී(කදිර දෙවියන්), භාරතීය රංගන ශිල්පිනී සොනාක්ෂි රාවන් (වල්ලි මාතාව), රොෂාන්පලිපිටිය, නිල්මිණි තෙනන්කෝන්, ජගත් චමිල, චරිත් අබේසිංහ, වසනත් විට්ටච්චි, දීපා රණසිංහ, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදානි සිරිවර්ධන, හරිනි උත්පලා, අජිත් ශාන්ත, සමුදි ජයසිංහ, වසනත් කුමාරවිල, ෂෙලට්න් කැකුලාවල, රජිත රොද්‍රිගු, රංගී රාජපක්ෂ සම්පත් තෙනන්කෝන් රංගනයෙන් දායක වෙති.
#prashan_malith