INFO
Replica / රෙප්ලිකා
[ Colour ]
Not Yet Released
58.87323943662
59% |   71  Vote(s) | Vote Here
1 2 3 4 5
 
බුවිනාත් අමුගොඩගේ කුළුඳුල් සිනමා නිර්මාණය
 
SUMMARY

Replica / රෙප්ලිකා
Not Yet Released
Colorimeter : Colour
Category :
Company : Spell Bound Pictures
Main Actor : Pubudu Chaturanga
Main Actress : Chulakshi Ranathunga
Director : Buvinath Amugoda

 
DESCRIPTION

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින විද්‍යාත්මක යාවත්කාලීන වීම් සමඟ කෘත්‍රීම බුද්ධියේ යෙදවුම් හා මානව චර්යාවන් ගැටුමට ලක්වුවහොත්, එහි ප්‍රතිවිපාක කෙබඳු වේද? මෙම සිනමා කෘතියට පාදකව ඇත්තේ එයයි. එසේම මෙය විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක ශානරයට අයත් කෘතියකි. මෙහිදී හමුවන මහාචාර්ය සමරනායක කෘත්‍රීම බුද්ධිය හා ඒ ආශ්‍රිත තාක්ෂණය සම්බන්ධයෙන් වැදගත් පර්යේෂණ රැසක් සිදු කර ඇති දෙස් විදෙස්හි සුපතළ සම්භාවනාවට පත් විද්වතෙකි. ඔහු සිය බිරිඳගෙන් හා එකම පුතු වන අශාන්ගෙන් වෙන්ව සුවිශාල නිවසක හුදකලාව ජීවත් වෙයි.
 
සිය නිවසේ උඩුමහලේ තනාගත් නවීන විද්‍යාගාරයක් ඇතුළත තම පුත්‍රයා වන අශාන්ට සර්වසම ක්ලෝනයක් නිපදවයි.
 
එහිදී අශාන්ගෙන් උපක්‍රමිකව පිටපත් කරගත් දත්ත ක්ලෝනයේ මොළයට කේත ගත කරන අතර, ඒ සඳහා තමා විසින්ම නිපදවන ලද උපකරණ හා තාක්ෂණය උපයෝගී කර ගනියි. භාවිතා කරන ලද පරිගණක ක්‍රියාවලියේ යම් දෝෂයක් හේතුවෙන් කවන ලද දත්තවලින් කොටසක් විකෘතිකරණයට ලක්වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් උපත ලබන ක්ලෝනය විසින් එක් මධ්‍යම රාත්‍රියකදී සමරනායකව මරා දමා නිවසින් පිටව යයි. ඊට පසු දින උදාවන්නේ සමරනායකගේ උපන් දිනයයි. අශාන් සිය පෙම්වතිය සමඟින් සිනමාපටයක් නැරැඹීමට යන අතරතුර සිය පියාගේ උපන්දිනය සිහිපත් වේ. ඉන් අනතුරුව සිය පියාට සුබ පැතීමට තනිව යන අශාන්ව, මහාචාර්යවරයාගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගනී. මේ අතරතුර අශාන්ට පෙනුමෙන් සමාන වූ ක්ලෝනය අශාන්ගේ නිවසට පැමිණේ. සිය පුතු යැයි අශාන්ගේ මව රැවටෙන අතර අශාන්ගේ පෙම්වතිය ද ක්ලෝනයේ තුරුලට පත්වේ. සත්‍ය අශාන්ගේ ඉරණම හා පෙම්වතියගේත්, මවගේත් ඉරණම් කෙලෙස විසඳේද යනු, ත්‍රාසය, භීතිය හා කුතුහලයෙන් ප්‍රේක්ෂකයාට දැන ගැනීමට හැකිවනු ඇත.
 
අධ්‍යක්ෂවරයා බුවිනාත් අමුගොඩ තම කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙසින් “රෙප්ලිකා” තිර රචනය ලියමින් සහ අධ්‍යක්ෂණය කරමින් තිරයට පැමිණේ. බුවිනාත් අමුගොඩ වෘත්තියෙන් නීතිඥවරයෙකි. මේ වන විටත් ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙහෙයවනු ලබන සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටින ඔහු, මෙයට පෙර කෙටි චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කර ඇත. මතුගම ශාන්ත මේරි සහ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය නිමකළ බුවිනාත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනයෙන් වෘත්තීමය අධ්‍යාපනය ලබා ඇත. විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක නිර්මාණ කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන ඔහුගේ අපේක්ෂාව අන්තර්ජාතික තලය කරා අප සිනමාව රැගෙන යාමයි.

සරසවිය
 
CAST

Chulakshi Ranathunga
As Ashan/s Girl Friend
Jayanath Bandara
As Pro. Samaranayake
Dinindu Ekanayake
As Policeman
Upul Dias
As Policeman
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS