Chithra Vakishta

Chithra Vakishta

චිත්‍රා වාකිෂ්ඨ

Full Name: Chitra Vakishta (Dhanawalavithana) Born 23 December 1936 Died 31 May 2019

23 December 1936 - 31 May 2019

59.73% · 2,172 votes
Rate this artist

Summary

NameChithra Vakishta
Sinhala Nameචිත්‍රා වාකිෂ්ඨ
Full NameChitra Vakishta (Dhanawalavithana)
Born23 December 1936
Died31 May 2019

Biography

අප අතරින් වියෝ වූ චිත්‍රා වාකිෂ්ඨ මට මුලින්ම හමුවන විට ඇය චිත්‍රා ධනවලවිතාන නම් සුරූපී තරුණියකි. පුදුමය නම් මා ඇය මුලින් දකින විට මගේ වයස අවුරුදු නවයක් වීමය. මට ඒ තරම්ම එය මතක 1956 වසරේ මැතිවරණ උණුසුම රටේ තිබීම නිසාය. හැම පැත්තකම නිල්, රතු, කොළ ලෙළ දෙමින් තිබූ නිසාය. මගේ මතකය හරි නම් එය පාසල් නිවාඩු සමයකි. අප පාසල් නිවාඩුව ගත කිරීමට ගියේ මරදානේ ආනන්ද විද්‍යාලය අසලින් ඇති ආනන්ද මාවතේ කෙළවර තිබූ නාගරික ක්‍රීඩාංගණය අසල පිහිටි මාලිගාකන්ද ආණ්ඩුවේ පාසලේ ගුරු නිවාසයටය. එහි විදුහල්පති වූයේ මගේ ලොකු තාත්තා වූ තලගල මහතාය. ඔහුගේ බිරිය වූ මගේ ලොකු අම්මා ද පාසල් ගුරුවරියකි. අපි (අම්මාත්, නංගීත්, මාත්) නිවාඩුවට ලොකු අම්මලාගේ ගුරු නිවාසයට ගියෙමු.

‘පුංචි අම්මේ, තාත්තාගේ පරණ ගෝලයෝ වගයක් පහළ පන්තියක නාට්‍යයක් පුරුදු කරනවා. පුංචි අම්මා කිව්වොත් තාත්තාට අපිට නාට්‍යය බලන්න යන්න ලැබේවි’ මගේ ඥාති අක්කා කීවාය.

අපට නාට්‍යයේ පුහුණු කිරීම් නැරඹීමට අවසර ලැබිණ. නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ පසු කලෙක කලා ලෝකයේ ප්‍රකට නළු නිළියන් වූ නවනන්දන විජේසිංහ, රැල්ෆ් විජේසේකර, රංජිත් දයානන්ද හා චිත්‍රා ධනවලවිතාන (පසුව වාකිෂ්ඨ) යන පිරිසය.

නාට්‍ය පුහුණුව බලා සිටියදී රැල්ෆ් විජේසේකර (වැදිබිම, සීතල වතුර, වහල් දූපත චිත්‍රපටවල රඟපෑ නළුවෙකි) තම පෙම්වතිය වූ චිත්‍රා ධනවලවිතාන සිපගන්නා දර්ශනයක් රඟ දැක්වෙමින් තිබුණි. මට ලැජ්ජා සිතුණි. කිසිවෙකු මගේ අත තදින් අල්ලාගෙන ඇදගෙන යන බව දැනුණි. ඒ ලොකු අම්මාගේ අතය.

‘මේ බයිස්කෝප් මේ නොදරුවට පෙන්වන්න හොඳද?’ ලොකු අම්මා තරහෙන් කීවාය. ඇය මගේ අත අතහැරියේ ගුරු ගෙදරට ගිය පසුවය.

එදා මා දුටු චිත්‍රා නම් එම තරුණිය සිනාවෙන් සපිරි දැකුම්කලු රූමතියක් බව සිහිනෙන් ගෑ සුවඳක් සේ මට මතකය. මා විසින් 1998 වසරේ ලියා පළ කළ ‘කොස්ගස් හන්දිය’ නම් කෘතියේ මේ සිද්ධිය සඳහන් කර ඇත.

චිත්‍රා රඟපෑ එම වේදිකා නාට්‍යයේ නම ‘දීපා’. ධර්ම ශ්‍රී කල්දේරා විසින් අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යය මුල් වරට බොරැල්ලේ වයි. එම්. බී. ඒ. ශාලාවේ වේදිකා ගත වන විට එහි වේදිකා සැරසිලි හා වෙස් ගැන්වූයේ මගේ මාමා කෙනෙකු වන ගුණරත්න රත්නායකය. ‘දීපා’ හා ‘පිළිගත් වරද’ නාට්‍යවල රඟපෑ චිත්‍රා මුල්වරට රඟපෑ චිත්‍රපටය වූයේ සිරිසේන විමලවීරගේ ‘පොඩි පුතා’ චිත්‍රපටයයි. ඒ 1955 වසරේදීය.

1936 දෙසැම්බර් 23 වෙනිදා පුංචි බොරැල්ලේ උපත ලැබූ චිත්‍රා ධනවලවිතාන අධාපනය ලබා ඇත්තේ මරදානේ පුංචි බොරැල්ලේ බෞද්ධ ගැහැනු පාසලෙනි. එය අද සංඝමිත්තා විද්‍යාලයයි. කුඩා කල සිට කවි, විරුදු, ගාථා ආදිය ගායනා කිරීමේ කුසලතාව උරුම කර ගත් චිත්‍රා ගැන ඇය සමඟ බොරැල්ලේ කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමයේ ඕ. බ්. ජ් ඉරු දින දහම් පාසලේ එකට ඉගෙන ගත් කල්‍යාණි අබේසිංහ නම් තම මව කී කතාවක් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මට කීය. කල්‍යාණි අබේසිංහ (අභයසුන්දර) මීට කලකට ඉහත මිය ගිය අතර ඇය ශාන්ති නිකේතනයේ සංගීතය හැදෑරූ සංගීත විශාරදවරියකි. කලා කීර්ති විමල් අභයසුන්දරයන් සමඟ විවාහ වූ ඇය ලේඛිකාවක් ද වූවාය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් අපට මෙසේ පැවසුවේය.

‘අම්මත්, චිත්‍රා නැන්දාත් දහම් පාසලේ එකට ඉගෙන ගත් මිතුරියෝ දෙදෙනෙක්. චිත්‍රා නැන්දාට හොඳට කවි, විරිදු කියන්න දක්ෂලු. කෝට්ටේ ප්‍රභූ පන්තියේ විවාහ උත්සවවලදී චිත්‍රා නැන්දාත් අම්මාත් ජයමංගල ගීත ගැයූ බව අම්මා අපට කියලා තිබුණා. මේ දක්ෂතාව නිසාම චිත්‍රා නැන්දා ගුවන් විදුලියේ ‘ළමා තීරයට’ බැඳී කවි විරුදු කීවාලු.’

1945 ලංකා ගුවන් විදුලියේ ‘ළමා පිටියේ’ කවි, විරුදු ගැයූ චිත්‍රා මුලින්ම රඟපෑ වේදිකා නාට්‍යය ඒ. එම්. එල්. සොයිසාගේ ‘බහිරවයා’ නාට්‍ය බව පසුගියදා ‘රසඳුන’ පුවත්පතේ පළව තිබුණි. ධර්ම ශ්‍රී කල්දේරාගේ ‘දීපා’ නාට්‍යයේ හා ‘පිළිගත් වරද’ ‘පංච කල්‍යාණි’, ‘සාජන් වීරසිංහ’ නාට්‍යවල ඇය රඟපෑවාය. ‘දීපා’ නාට්‍යය පසු කලෙක ධර්ම ශ්‍රී කල්දේරා ‘දීපාංජලී’ නමින් සිනමාවට නැඟුවේය. මේ අතර චිත්‍රා ගුවන් විදුලි ශිල්පිනියක් ලෙස පී. වැලිකලගේ ‘ගුවන් විදුලි රඟමඬලින්’ සිය දස්කම් පෑවාය. එකල අද මෙන් නොව ගුවන් විදුලි නාට්‍ය උසස් ප්‍රමතියකින්, ගුණාත්මක බවින් උසස් තත්ත්වයක තිබුණි. ජේ. එච්. ජයවර්ධන, වික්ටර් මිගෙල්, රත්නාවලී මිගෙල්, වොලී නානායක්කාර, නෙතලි වයලට්, පී. ඊ. හල්වල, පී. දේවසිරි පෙරේරා, ලොයිඩ් වාකිස්ඨ, චිත්‍රා ධනවලවිතාන, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, ධර්ම ශ්‍රී ජේ. දහනායක ආදීන් එදා වඩාත් කැපී පෙනී ඇත. ගුවන් විදුලි රඟමඬල නිසා විවාහ වූ කිහිප දෙනෙක්ම වූහ. වොලී නානායක්කාර නෙතලි වයලට් සමඟ ද, ලොයිඩ් වාකිෂ්ඨ චිත්‍රා ධනවලවතාන සමඟ ද විවාහ වූහ.

වරක් චිත්‍රාගේ ඥාති දියණියක් වූ චන්ද්‍රා වාකිෂ්ඨ මට කීවේ ඇය ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලැබූ රු: 5000 න් කෝට්ටේ රජ මහා විහාර මාවතේ කෙළවරින් නිවසක් තැනීමට ඉඩමක් ලබා ගත් බවය. චන්ද්‍රා වාකිස්ට හා ඇගේ සැමියා සරත් දුෂාන්ත ද සිල්වා ප්‍රංශයේ කාලයක් පදිංචිව සිටි ප්‍රංශයට එන සියලු කලාකරුවන්ට ආගන්තුක සත්කාර උපරිමව ඉටු කළ යුවළකි. චිත්‍රා මියගිය දින චන්ද්‍රා ප්‍රංශය බලා ගියාය. ලංකාවේ සිටියා නම් චිත්‍රාගේ අවමඟුල් වැඩ කටයුතු සංවිධානය කිරීමේ පෙරමුණ ගන්නේ ඇයයි.

චිත්‍රා හා ලොයිඩ් යුවළගේ ඥාතීන් දෙදෙනෙක් කලාවට සම්බන්ධව සිටියහ. ‘සරසවිය’ පුවත්පතේ ‘තිරතරු තොරතරු’ පිටු දෙක සකස් කළ කුමාරදාස වාකිෂ්ඨ ලොයිඩ්ගේ ළඟම ඥාතියෙකි. චිත්‍රපට ගීත රචකයකු ලෙස ප්‍රතිභාව දැක් වූ උපාලි ධනවලවිතාන චිත්‍රාගේ ළඟම ඥාතියෙකි. කුමාරදාස හා උපාලි ද ජීවතුන් අතර නැත.

ලොයිඩ් හා චිත්‍රා වේදිකාවේද සිනමාවේ ද කැපී පෙනෙන චරිත වූහ. චිත්‍රා සිරකරුවා, සීතල වතුර, රෑන ගිරව්’, සමාජ සතුරෝ, මීමැස්සෝ, පාර දිගේ, ගොළු හදවත, සිනාවයි ඉනාවයි, අහස් ගව්ව, ගැහැනු ළමයි, වජිරා, තනි තරුව, යුගාන්තය, කොටි වලිගය, පාලම යට, මුවන් පැලැස්ස, කදිරා, මායා, සුජාතා, සඳමඬල, වාසනා වේවා, චෙරියෝ කැප්ටන් චිත්‍රපට ඇතුළු චිත්‍රපට 75 ක පමණ රඟපෑවාය. ඇය රඟපෑ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයට 1979 ජනාධිපති සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් ඕ. සී. අයි. සී, සිග්නිස්, උණ්ඩා සම්මාන ලබා ගත්තාය. සිනමාවේ වරෙක කාරුණික මවක් වූ ඕ වරෙක සැඩ පරුෂ ගති ඇති මවක් ද විටක උපහාස මුසු චරිතයක් ලෙස විවිධ භූමිකා රඟපා ඇත. චිත්‍රා ‘කාලගෝල’ නාට්‍යයේ ගැයූ ‘රසදර සිරයා පරදන’ ගීතය තවමත් ප්‍රකටය. ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍ය මාලාවේ සොමි නෝනාගේ චරිතය අපට අමතක කළ හැකිද? හිමගිරි අරණ, මල් කැකුළක් ඉකිබින්දා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය.

චිත්‍රාගේ දයාබර සැමියා ගුවන් විදුලිය, වේදිකාව, සිනමාව, යන මාධ්‍යත්‍රයෙහිම කැපී පෙනුණ චරිතයකි. සිහින හතක්, කිංකිණි පාද, රෑන ගිරව්, බඩුත් එක්ක හොරු, මී මැස්සෝ, ගැහැනු ළමයි, අධිෂ්ඨාන, තනි තරුව, වදුල චිත්‍රපටවලද, වෙස්මුහුණු ඇතුළු නාට්‍ය කිහිපයකම රඟපෑවේය. 1930 උපත ලැබු ඔහු සිය ජීවිතයේ වසර 51 නිමා කොට 1981 මිය ගියේය.

පුතුන් තිදෙනෙකු (රන්ජන්, ශම්මි, ප්‍රාන්) හා දියණියකගේ දෙමාපියන් වූ ලොයිඩ් හා චිත්‍රාගේ කලා කෞශල්‍යය ඉදිරියට ගෙන ගියේ සෙනුරි මිනිබිරියයි. ප්‍රාන් වාකිෂ්ඨගේ දියණියක් වූ සෙනුරි ‘අප්පච්චි’ ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයක රඟපෑ ඇත. ‘අප්පච්චි’ ටෙලි නාට්‍ය රංගනයට සුමති ඇතුළු සම්මාන උලෙළවලින් සම්මාන ලබා ගත්තාය. ප්‍රාන් ස්වාධීන රූපවාහිනි සේවයේ හඬ කැවීම් අංශයේ ප්‍රධානියාය.

ඒ.ඩී.රන්ජිත් කුමාර

අමිත් එස්.සේනාරත්න

Awards

National Awards

1 Merit Award Gehenu Lamai - 1978 1st Presidential Award 1979 - 1979

As a Cast

#Film NoYearFilm RoleDirector
1 321955 Podi Putha පොඩි පුතා Actress Sirisena Wimalaweera
2 1281966 Seethala Wathura සීතල වතුර Actress Dharma Sri Kaldera
3 1401966 Parasathu Mal පරසතු මල් Actress Gamini Fonseka
4 1641967 Rena Girawu රෑන ගිරවු Actress Dharma Sri Kaldera
5 1741968 Golu Hadawatha ගොළු හදවත Actress Dr. Lester James Peries
6 1881969 Samaja Sathuro සමාජ සතුරෝ Actor T. Somasekaran
7 1951969 Baduth Ekka Horu බඩුත් එක්ක හොරු Actress Ranjith Senaweera
8 2581973 Suhada Pathuma සුහද පැතුම Actress Kingsly Rajapaksha
9 2641973 Sinavai Inavai සිනාවයි ඉනාවයි Actress Kingsly Rajapaksha
10 2691974 Ahas Gauwa අහස් ගව්ව Actress Dharmasena Pathiraja
11 3161975 Hadavathaka Vasanthaya හදවතක වසන්තය Actress Sumanadasa Weerakodi
12 3741978 Vishmaya විශ්මය Actress Charles Perera
13 3751978 Gehenu Lamai ගැහැණු ළමයි Actress Sumithra Peiris
14 3751978 Gehenu Lamai ගැහැණු ළමයි Actress Sumithra Peiris
15 4331980 Seetha සීතා Actress Sherly P.Wijerathna
16 4501980 Para Dige පාර දිගේ Actress Dharmasena Pathiraja
17 4721981 Vajira වජිරා Actress Sunil Ariyaratne
18 4761981 Sathkulu Pauwa සත්කුළු පව්ව Actress Kandapola Kumarathunga
19 5011982 Thani Tharuwa තනි තරුව Actress Rathnaweera De Silva
20 5981985 Yuganthaya යුගාන්තය Actress Dr. Lester James Peries
21 6311986 Jaya Apatai ජය අපටයි Actress Sunil Soma Peiris
22 6321986 Koti Valigaya කොටි වලිගය Actress Gamini Fonseka
23 6391987 Hitha Honda Chandiya හිත හොඳ චන්ඩියා Actress Ranjith Siriwardhana
24 6461987 Yukthiyada Shakthiyada යුක්තියද ශක්තියද Actress Yasapalitha Nanayakkara
25 6531987 Obatai Priye Adare ඔබටයි ප්‍රියේ ආදරේ Actress Sunil Soma Peiris
26 6621988 Durga දුර්ගා Actress K.A.W. Perera
27 6671989 Mamai Raja මමයි රජා Actress Sunil Soma Peiris
28 6821990 Dedunnen Samanaliyak දේදුන්නෙන් සමනලියක් Actress Yasapalitha Nanayakkara
29 6861990 Saharawe Sihinaya සහරාවේ සිහිනය Actress H.D. Premarathna
30 6911990 Palama Yata පාලම යට Actress H.D. Premarathna
31 7221992 Ranabime Veeraya රණබිමේ වීරයා Actor Ranjith Siriwardhana
32 7531993 Prathingya ප්‍රතිඥා Actress Yasapalitha Nanayakkara
33 7601993 Chaya Maya චායා මායා Actress Yasapalitha Nanayakkara
34 7651993 Sandarekha සඳරේඛා Actress Hemasiri Sellapperuma
35 7681993 Langin Giyoth Ehek Ne ලඟින් ගියොත් ඇහැක් නෑ Actress Hemasiri Sellapperuma
36 7801994 Sujatha new සුජාතා (නව) Actress Daya Wimalaweera
37 7811994 Sandamadala සඳමඩල Actress Malani Fonseka
38 8011995 Wasana Wewa වාසනා වේවා Actress Sunil Soma Peiris
39 8061995 Pudumai Eth Aththai පුදුමයි ඒත් ඇත්තයි Actress Hemasiri Sellapperuma
40 8181995 Chandani චාන්දනී Actress Sunil Soma Peiris
41 8191995 Ayoma අයෝමා Actress Parakrama Niriella
42 8301996 Naralova Holman නරලොව හොල්මන් Actress Dinesh Priyasad
43 8351996 Veediye Veeraya වීදියේ වීරයා Actress Siri Kularathna
44 8491997 Puthuni Mata Wasana පුතුනි මට වාසනා Actress Sunil Soma Peiris
45 8691998 Gini Avi Saha Gini Keli ගිනි අවි සහ ගිනි කෙලි Actress Udayakantha Warnasuriya
46 11082009 Thushara New තුෂාරා (නව) Actress Sahan Wijesinghe