SUMMARYPHOTOS
Mark Samaranayaka
මාක් සමරනායක
58.571428571429
59% |   280  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

NATIONAL AWARDS

1"Swarna Jayanthi" Award
11th Presidential Award 1997
 
FILMOGRAPHY


AS CAST MEMBER

1Kapati Arakshakaya
Actor
1948
2Peralena Iranama
Actor
1949
3Hadisi Winishchaya
Actor
1950
4Sengawunu Pilitura
Actor
1951
5Umathu Wishwasaya
Actor
1952
6Prema Tharangaya
Actor
1953
7Puduma Leli
Actor
1953
8Ahankara Sthree
Actor
1954
9Mathabhedaya
Actor
1955
10Mathalan
Actor
1955
11Perakadoru Bena
Actor
1955
12Dosthara
Actor
1956
13Duppathage Duka
Actor
1956
14Ramyalatha
Actor
1956
15Siriyalatha
Actor
1957
16Surasena
Actor
1957
17Sepali
Actor
1958
18Daiwayogaya
Actor
1959
19Mangalika
Actor
1963
20Samiya Birindage Deviyaya
Actor
1964
21Hitha Giya Thena
Actor
1965
22Landaka Mahima
Actor
1965
23Mahadena Muththa
Actor
1966
24Pipena Kumudu
Actor
1967
25Rahas Dupatha [ 16mm ]
Actor
1967
26Magul Poruwa
Actor
1967
27Ranrasa
Actor
1967
28Hith Giya Thena
Actor
1967
29Dehadaka Duka
Actor
1968
30Pick Pocket
Actor
1969
31Pancha
Actor
1969
32Lakseta Kodiya
Actor
1970
33Sahanaya
Actor
1972
34Me Desa Kumatada
Actor
1972
35Thushara
Actor
1973
36Hodai Narakai
Actor
1973
37Sheela
Actor
1974
38Shanthi
Actor
1974
39Chandi Putha
Actor
1974
40Lasanda
Actor
1974
41Raththaran Amma
Actor
1975
42Pradeepe Ma Weva
Actor
1976
43Kauda Raja
Actor
1976
44Hariyata Hari
Actor
1976
45Deyyange Theenduva
Actor
1976
46Ran Thilaka
Actor
1976
47Deviyani Oba Kohida
Actor
1977
48Yali Ipade
Actor
1977
49Ege Adara Kathawa
Actor
1977
50Apsara
Actor
1978
51Minisun Athara Minihek
Actor
1979
52Higana Kolla
Actor
1979
53Akke Mata Awasara
Actor
1979
54Sawudan Jema
Actor
1979
55Bambara Pahasa
Actor
1980
56Ajasaththa
Actor
1981
57Geethika
Actor
1981
58Anjaana
Actor
1981
59Wathura Karaththaya
Actor
1982
60Nawatha Hamu Wemu
Actor
1982
61Sister Mary
Actor
1983
62Rosy
Actor
1985
63Devuduwa
Actor
1986
64Jaya Apatai
Actor
1986
65Yukthiyada Shakthiyada
Actor
1987
66Obatai Priye Adare
Actor
1987
67Sandakada Pahana
Actor
1988
68Angulimala
Actor
1988
69Mamai Raja
Actor
1989
70Raja Kello
Actor
1991
71Raja Sellam
Actor
1991
72Suwadena Suwandak
Actor
1991

AS CREW MEMBER

1Umathu Wishwasaya
Title
1952
BIOGRAPHY

'ලැඩී රඟපෑමට ගජ හපනෙක්. මගේ හැකියාව තිබුණේ ගිටාර් වාදනයටත්, සර්පිනා වාදනයටත්. වයස අවුරුදු 14 දී පමණ විද්‍යාලයේ විවෘත ගායනා තරගයක් පැවැත්තුවා. මේ තරඟයේ මුල්තැන හිමි වුණේ මට. දෙවැනි තැන ලැඩී රණසිංහට හිමි වුණා. ඒ කාලේ මම ක්‍රීඩාවටත් දක්ෂයා. වයස අවුරුදු 15 පහළ මලල ක්‍රීඩාවලින් මට දුරපැනීම, උස පැනීම අංශවලින් ශූරතා දිනා ගත්තා.
 
මාක් සමරනායක වැනි 'හතර අතටම' සම්පූර්ණ ශිල්පියකු චිත්‍රපට ලෝකයට බිහි වන්නේ කලාතුරකිනි. එදා 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ නීතිය අකුරටම ඉටු කළ පොලිස් ඉන්ස්පැක්ටර් මෙන් රඟපෑ මාක් සිරියලතා චිත්‍රපටයේ අනාථ ගැහැනියක වූ ඇග්නස්ට (රුක්මණී) අතවර කළ වික්ටර් නම් කපටි පෙරකදෝරුවෙකි. 'මංගලිකා' හි පට්ටපල් මෝඩ ගොන්සාල්ය. රඟපෑමට මෙන්ම චිත්‍ර ශිල්පයට ද, චිත්‍රපටවල කාර්මික අංශයේ ඕනෑම වැඩකට ද, ඉල ඇදෙන පමණක් නොව මිනී මැරෙන කවටකමට ද මාක් හරිම දක්ෂය. යමක් ගැන යම් අධිෂ්ඨානයක් කළොත් කෙතරම් අවහිර මධ්‍යයේ වුව ද එය නූලට පිළිපැදීමට හැකි පුදුම ආත්ම ශක්තියක් ඔහුට ඇත. අවට පරිසරය කෙතරම් මළානික වෙතත් එය මඟ හැරවීමට නානාප්‍රකාර කථා, කවටකම් කර එවැනි තැනකට පණ දීම ඔහුගේ සිරිතකි.
 
හෙට්ටිආරච්චිගේ දොන් මාක් කොන්ඩ්රඩ් සේනාරත්න සමරනායක 1914 අප්‍රේල් 08 වෙනිදා වැලිවේරියේදී උපත ලැබුවේය. ඔහුග් පියා වූ චාර්ලිස් සමරනායක නොතාරිස්වරයෙකි. දෝන ඉසබෙලා පෙරේරා මව වූවාය. අට දෙනෙකුගෙන් යුත් දරුවන්ගෙන් පස්වැනියා මාක්ය. ජොසපින්, හැරියට්, ලෝරි යන වැඩිමහල් සොහායුරියන් තිදෙනෙක් ද, ජෝර්ජ් නම් අයියා කෙනෙකු ද, එලිසන් හා මාරි නැඟනියන් දෙදෙනකු ද, බෙනඩික්ට් මල්ලී ද ඔහුට සිටියහ.
 
වැලිවේරියේ සිංහල පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ මාක් ඉන්පසු මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයට ගොස් ඇත. පාසලේ එකම පන්තියේ ඉගෙන ගත් ලැඩී රණසිංහ (පසුව ප්‍රකට නළු) මාක්ගේ හොඳම මිතුරා වූයේ ඔහු තුළ කලාවට තිබූ දක්ෂතාවය නිසාය.
 
'ලැඩී රඟපෑමට ගජ හපනෙක්. මගේ හැකියාව තිබුණේ ගිටාර් වාදනයටත්, සර්පිනා වාදනයටත්. වයස අවුරුදු 14 දී පමණ විද්‍යාලයේ විවෘත ගායනා තරගයක් පැවැත්තුවා. මේ තරඟයේ මුල්තැන හිමි වුණේ මට. දෙවැනි තැන ලැඩී රණසිංහට හිමි වුණා. ඒ කාලේ මම ක්‍රීඩාවටත් දක්ෂයා. වයස අවුරුදු 15 පහළ මලල ක්‍රීඩාවලින් මට දුරපැනීම, උස පැනීම අංශවලින් ශූරතා දිනා ගත්තා. මගේ කුසලතා මතු වුණේ නත්තල් කාලයේ. අපේ අයියා, අක්කලා බයිබල් කතා ඇසුරෙන් ගෙදර වත්තේ වේදිකා ගත කළ නාට්‍යවලින්. මගේ පියා මිය ගියේ මං පුංචි කාලේ. නත්තල් දිනවලට අපගේ නෑයෝ කරත්තවල නැඟිලා වැලිවේරියේ අපේ මහ ගෙදරට එනවා. මෙහෙම ආව ගිය නත්තල් දවසක අපි 'අකීකරු පුත්‍රයා' කියන නාට්‍ය රඟ දැක් වූවා. මමයි අකීකරු පුත්‍රයට රඟපෑවේ. මම රඟපෑවෙ 'දුෂ්ට චරිතයක්'. මේ නාට්‍ය දැකපු මගේ මාමා කෙනෙක් මට වික්ටෝරියා මහ රැජිණගේ පින්තූරය කවරයේ තියෙන ඇක්සයිස් පොත් පාර්සලයක් තෑගි කළා. ඒ පොත් එදා හිඟයි.
 
'මාක් කවදහරි හොඳ ඇක්ටර් කෙනෙක් වෙනවා වෙනවාමයි' ඇන්ටි කෙනෙක් මාව ඉඹලා සුබ පැතුවා.
 
උඹ නං පුතෝ දුෂ්ට චරිතවලට පංකාදු මිනිහ' අන්කල් කෙනෙක් මගේ ඔළුව අතගෑවා.'
 
මාක් තම අතීත කතාව සරසවිය පත්‍රය වෙනුවෙන් මට හෙළිකළේ මීට වසර 40 කට පමණ පෙරය. එදා මා සමඟ ඡායාරූප ගැනීමට වැලිවේරියට ගියේ වයික්කාලේ ලුවිස් කුමාර් හිතවතාය.
 
මාක් සමරනායකත්, ලැඩී රණසිංහත් තරුණ කාලයේ ශාන්ත ඇලෝෂියස් සෙමනේරියට බැඳී සිටියාලු. තම පියා මාක්ව පල්ලියට කැපකර තිබුණි. ඔහු පූජකවරයකු වීමට නොසිතුවේය. පාසල් ජීවිතයෙන් පසු මාක් යුද්ධ හමුදාවේ සහකාර කෘෂිකර්ම පරීක්ෂකවරයකු ලෙස රැකියාව කර ඇත. දිනක් මාක් වැලිවේරියේ බස් එකට නැඟීමට ගොස් ඇත. එහිදී ඔහුට අහම්බෙන් පිටකොටුවේදී ලැඩී රණසිංහ හමු වී ඇත.
 
'කොහේද ලැඩී යන්නේ?'
 
'මම මේ දවස්වල නාටය්‍යක් කරනවා. වැඩක් නැතිනම් වරෙන් මා එක්ක යන්න'
 
එවකට තනිකඩයකු වූ මාක් ලැඩී පස්සේ වැටී බොරුල්ලේ ආකේඩියන් නාට්‍ය ක්ලබ් එකට ගියේය. මේ 1945 වසරය. ලැඩී ඔහුට එතැන පුහුණු කරමින් තිබූ වේදිකා නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලබා දුන්නේය. තමාට කලා ලොවේ දොර විවෘත කර දුන්නේ ලැඩී බව එදා මාක් කෘතඥතා පූර්වකව මතක් කළේය. 'මතභේදය' නම් නාට්‍යය රචනා කර තිබුණේ මෝදර ස්ටීවන් සිල්වාය. ලැඩී, නෝනා සුබෙයිදා, පියසීලී ෆොන්සේකාත්, මාක් සමඟ රඟපැවේ පෙරකදෝරුවෙකුගේ චරිතයකි.
 
මාක් ද 1946 වසරේ නාට්‍ය සංගමයක් (ලුනුවිල වික්ටරි) බිහි කරමින් වේදිකා නාට්‍ය තුනක් නිෂ්පාදනය කළේය. බොරලැස්සේ කේ. ලෝරන්ස් පෙරේරා රචනා කළ 'අන්ධ ආලය' - 'වාසනාව' - 'ඇලඩින්' නාට්‍යය. පසුව මාක්ම 'රියදුරා' නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර ඔහු සමඟ මෙහි ප්‍රධාන චරිතය රඟපැවේ ජොසපින් ජයලත්ය. ඇය චිත්‍රපට නිළියක් වූ ෆ්ලෝරිඩා ජයලත්ගේ අක්කාය. මේ නාට්‍යයේ පිළිගැනීමේ ගීතය ගැයුවේ ෆ්ලෝරිඩාය. 'රියදුරා' නාට්‍යය මීගමුවේ රඟ දැක්වෙන දර්ශනයට එකල මිනර්වා නාට්‍ය කණ්ඩායමේ රුක්මණී දේවි හා එඩී ජයමාන්න සහභාගි වූහ. නාට්‍ය සංවිධානය කළ මුස්ලිම් ජාතික මුදලාලි මාක් ළඟට දුව ඇවිත් මෙසේ කීය.
 
'මාත්තිය අද ෂෝ එකට එඩියි, රුක්මණියි ඇවිත්. මාත්තියා ඩ්‍රයිවර්ගේ කැරැක්ටර් එක හොඳට කරන්න. මහත්තයට මිනර්වා පිච්චර්වල රඟපාන්න චාන්ස් එකක් ලැබේවි'.
 
එදා මාක් වේදිකාවට මුලින්ම එනකොට එඩී, රුක්මණී පමණක් නොව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ජෙමිනි කාන්තා, විලී ජයමාන්නත් පැමිණ සිටියහ. නාට්‍යය අවසන් විය. නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑ ජොසපින් ජයලත් මාක් අසලට ආවාය.
 
'මාක් නාට්‍යයේ සල්ලිගන්න හෙට උදේ එන්නම්. මට දැන් එඩී ජයමාන්නලා එක්ක එහෙ බෝලවලානේ ගෙදර යන්න එන්න කිව්වා.'
 
'මොනවා එඩීලා. . .'
 
'ඔව්, මාව චිත්‍රපටයකට තෝරා ගත්තලු. මාක්ටත් චාන්ස් එකක් ලැබේවි'
 
පසුදා සිනහවකින් මුව සරසා ගත් ජොසපින් මාක්ට සුභ ආරංචියක් ගෙනාවාය.
 
'මාක්ට හෙට බෝලවලාන ගෙදරට එන්න කිව්වා'
 
'කවුද?'
 
'එඩීලා'
 
'මම බෝලවලාන ගෙදරට ගියා. මම ජනේලයෙන් මුලින්ම දැක්කේ රුක්මණීව.
 
'එඩී, අන්න අර ඩ්‍රයිවර් ඇවිත් ඉන්නවා. මරු සූට් එකකුත් ඇඳගෙන' රුක්මණී කියනු ඇසුණා.
 
මම ඒ කලේ ජැන්ඩියට ඇඳපු ඉලන්දාරියෙක් (ඔහු සිනාසෙයි) මම එඩී එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ඔහු මාව ආදරෙන් පිළිගත්තා. ආලින්දයේ ඉඳගෙන හිටියා මාත් එක්ක සෙන්ට් ජෝසෆ් විද්‍යාලයේ ඉගෙන ගත්ත මිත්‍රයෙක්. එයගේ නම ඇන්ජලෝ ප්‍රනාන්දු. එයාගේ සහෝදරයා බර්ට්‍රම් ප්‍රනාන්දු (පසුව චිත්‍රපට නළු හා අධ්‍යක්ෂ) මගේ වගතුග අහපු එඩී ආලින්දයේ සිටි ඇන්ජලෝට කතා කළා.
 
'අයිසේ ඇන්ජලෝ, මෙන්න තමුසෙලාගේ ඕල්ඩ් ජොසපියන් කෙනෙක් ඇවිත් බලනවා අඳුනනවද කියලා.'
 
'මාක්' උඹ පුදුමයි මෙතැන. එඩී. මේ මාක් මගේ හොඳම යාළුවෙක්'.
 
'හොඳයි මාක්. අපි යමු ඇලෝ අයියලගේ ගෙදරට' එඩී මාව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ගෙදරට එක්ක ගියා.
 
'තමුසෙට සින්දු කියන්න පුළුවන්ද?'
 
'පුළුවනි, සංගීත භාණ්ඩ තියනවද'
 
'ඇයිි නැත්තේ මේ තියෙන්නේ ගිටාර් එකක්'
 
මම ගිටාරය අරන් 'අන්ධ ගායකයා' නාට්‍යයේ ගීතයක් ගායනා කළා. මාක් එදා මීගමුවට ගිය ගමන සිහිපත් කළේය.
 
ගීතය ගැන සෑහීමකට පත් වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න 'කපටි ආරක්ෂකයා' (1948) චිත්‍රපටයේ ඉස්කෝල පරීක්ෂකවරයාගේ චරිතයට මාක්ව තෝරා ගත්තේය. මුල් වරට තමා චිත්‍රපට රඟපෑමට තෝරාගැනීම ගැන ඔහු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න,එඩී ජයමාන්න හා රුක්මණීට ණයගැති වන බව කීවේය. ඔහුගේ දෙවන චිත්‍රපටය වූයේ 1948 තිරගත වූ 'වැරදුණු කුරුමාණම' චිත්‍රපටයේ දුෂ්ට චරිතයකි. චිත්‍රපටයේ හැටියට නාට්‍ය නිෂ්පාදක ලෙස පීටර් පීරිස් ද, වේදිකා නිළියක් ලෙස රුක්මණී දේවි ද මාක් සමඟ රඟපා ඇත. මේ චිත්‍රපටයේ මාක් තමා රඟපෑ චරිතය ගැන මෙසේ අපට විස්තර කළේය.
 
'ඒ කාලයේ අපි රඟපාන කොට දර්ශනය රූපගත වෙනවාත් සමඟම දෙබස් ද එකවර පටිගත වෙනවා. අධ්‍යක්ෂවරයා අපේ චරිතයට අවශ්‍ය දෙබස් කට පාඩම් කිරීමට පොත්වල ලියලා දෙනවා. අපිට දෙබස් කියලා දෙන්නේ අධ්‍යක්ෂකගේ ගෝලයා තිමෝතියස් පෙරේරා. එදා රිහසල් (පුහුණුවන) දවසක්. මම බී. ඒ. ඩබ්ලිව් ගේ ගෙදරට ගියා.
 
'කෝ පොත' ඔහු කෝපෙන් ඇසුවාය.
 
'මම හිතුවා පොත දුන්නේ දෙබස් කට පාඩම් කරන්න කියලා. ඒ රිහසල්වලට ගෙනෙන්න නෙවෙයි කියලා'
 
'තමුසෙට දෙබස් කට පාඩම්ද?'
 
'ඔව්'
 
බී. ඒ. ඩබ්ලිව්. තම දෙබස් පොත පීටර් පීරිස්ගේ දෙබස් කාණ්ඩයක් දිගට කියාගෙන ගොස් මගේ අවස්ථාව ආවිට සංඥාවක් දුන්නා. මට එදා බී. ඒ. ඩබ්ලිව්. ඉදිරියේ කිව්ව දෙබස් කණ්ඩය කටපාඩම්. මම ඒක කියන්නද?' මාක් මෙම ලියුම්කරුගෙන් ඇසීය.
 
'හොඳයි කියන්න මිස්ටර් සමරනායක' මම කීවෙමි. ඔහු තම වැලිවේරියේ සමරනායක වලව්වේ නිවසේ ආලින්දයේ තිබූ කණප්පුව ඉවත්කොට රඟපෑමට පටන් ගත්තේය. මෙම ලියුම්කරු දෙබස් ටික සටහන් පොතේ ලියා ගතිමි.
 
'නාට්‍ය අධ්‍යක්ෂතුමනි, නවීන ශිෂ්ටාචාරය ගැන දක්වන සෑම නාට්‍යයන්හි ජවනිකාවෙන් ජවනිකාව අවබෝධ වන්නේ මුතු මැණික්වලට වඩා අනර්ඝ ආදර්ශයක් අවශ්‍ය බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. ඉතින් දුෂ්ට චරිතයේ ඇලී ගැලී ජීවත් වන මේ නැට්ටුක්කාරියෝ . . .' ඔහු දෙබස නවතා මම මේක කියන්නේ රුක්මණීව පෙන්නල කියා නැවත දෙබස් පටන් ගත්තේය.
 
'මුඛයෙන් එවැනි අදහස් පහළ වූ විට ලෝකයේ අප පිළිගන්නේ කෙසේ ද කියා ඔබතුමා මොහොතක් කල්පනා කර බලා මෙවැනි පව්කාර තරුණියක් නාට්‍ය වේදිකාවෙන් නෙරපා දැම්මොත් පෙරදිග සංගීත ලෝකයට කරන උතුම් සේවයක් බව තරයේ කියා සිටිනවා. මම යනවා'.
 
'ඔහොමම පලයන්, ගිහින් මගේ ගානේ බියර් එකකුත් බීලා පලයන්' බී. ඒ. ඩබ්ලිව්. මට කීවේ සිනාසෙමින්.
 
මම බී. ඒ. ඩබ්ලිව්. ගේ කාමරයේ ඇති අල්මාරියෙන් බීර බෝතලයක් ගන්නවාත් සමඟම එඩී ජයමාන්න මා අසළට ආවා.
 
'යකෝ තෝ වැඩේ කෑවා. ඉතින් තෝ වගේ මටත් දෙබස් කටපාඩම් දෙන්න එපායැ' එඩී කේන්තියෙන් මොර දුන්නා. ඒ කාලේ දෙබස් කටපාඩම් රුක්ණීට සහ මට විතරයි. එඩීගේ දෙබස් කළු ලෑල්ලකට ලියාගෙනයි කියන්නේ.'
 
'පෙරළෙන ඉරණම' චිත්‍රපටයේ රුක්මණී දුෂ්ටකම් කරන සැමියෙක් ලෙස රඟපෑ මාක් 'වැරදුණු කුරුමාණමේ හෙට්ටියෙක් ද 'පෙරකදෝරු බෑණා' චිත්‍රපටයේ පෙරකදෝරුවා ලෙස ද, 'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයේ කපටි මැජික්කාරයකු ලෙස ද 'මාතලන්' චිත්‍රපටයේ දුෂ්ට බුද්ධි ලෙස දුෂ්ට චරිතයක්ද දොස්තර, සේපාලි, රම්‍යලතා, සූරසේන චිත්‍රපට විවිධ චරිත රඟපෑවේය.
 
1950 මාක්, පර්ල් ජයවර්ධන හා විවාහ විය.
 
තමා චිත්‍රපට ජීවිතයේ ප්‍රිය කරන චරිතය රඟපෑවේ 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් ජයසිංහගේ ප්‍රබල චරිතය බව මාක් කීවේය.
 
'මාව කලාවට හඳුන්වා දුන් ලැඩී රණසිංහ 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ මා සමඟ ප්‍රබල රංගනයක් කරනවා. බලදේව නම් සොරා පිටුපස හඹා යන නීතියේ රැහනට හසු කරගැනීම ඔහුගේ සෙවනැල්ලක් සේ හඹා යන මම (ඉන්ස්පෙක්ටර් ජයසිංහ) අන්තිමේදී තම අභිප්‍රාය ඉටු නොවී සිය දිවි නසා ගන්නවා. මේ චිත්‍රපටයේ බලදේවගේ නැඟණිය ලෙස රඟපෑවේ මගේ බිරිඳ පර්ල්. ඒ වගේම බලදේවගේ කුඩා ලේලිය ලෙස බඩගිනියි කියා හඬන්නේ මාක්ගේ දියණිය ශිරානි සමරනායකය. 'දුප්පතාගේ දුක චිත්‍රපටය මට ජීවිතේට අමතක වන්නේ නැහැ. ලැඩී මේ චිත්‍රපටයේ නගරාධිපති ලෙස වරෙක රඟපානවා. මම වරෙක නගරාධිපති ගාවට එනකොට ඔහු 'එන්න එපා ඉන්ස්පෙක්ටර් මා ගාවට' කියලා පුටුවකින් ගහන දර්ශනයක් තිබුණා. දර්ශනය ගන්න ඉස්සෙල්ලා මම ලැඩීට කිව්වා -
 
'මචං උඹ මට හෙමින් ගහපන්' මම ලැඩීට පිංසෙන්ඩු වුණා. ඒත් ලැඩී මට ඇත්තටම ගැහැව්වා. මගේ හිසේ තිබුණ පොලිස් කැප් එක හිල් කරගෙන ගිහින් පුටුවෙ තිබූ ඇණයක් මගේ හිස පසාරු කරගෙන ගියා. ලැඩී මා වැළඳගෙන 'මචං මට සමාවෙයන්' කීවා.
 
තව දවසක ජීවිතේට අමතක නොවන සිදුවීමක් වුණා. එක්තරා චිත්‍රපට දර්ශනයක් රූපගත කිරීමට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ගියා. එදා ඒ දර්ශනයට හිටියේ එඩීත්, රුක්මණීත් මමත්. දර්ශනය අවසන්ව එළියට එනකොට දහස් ගණනක් ජනතාව අපිව බලන්න එලියේ හිටියා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සින්නාත් සමඟ කතා කරමින් එනකොට එක්තරා තැනැත්තෙක් මගේ මූණට කෙළ ගැහැව්වා.
 
'නොදකින් මේ ඉන්නේ අර පෙරේතයා. රුක්මණී නෝනාට වෙනස්කම් කරන පරයා' කියලා.
 
මම සිනාසෙමින් ලේන්සුවෙන් කෙළ පිසදා ගත්තා. ඒ දුටු අධ්‍යක්ෂ සින්නා මෙහෙම කිව්වා.
 
'උඹේ රඟපෑමේ සාර්ථකත්වය මේකෙන්ම පෙනෙවා. උඹ තරහ ගන්න එපා.'
 
මාක්ගේ වැඩිමහල් දියණිය ශිරානි හා ඇගේ සැමියා (1985) මා ඔහු හමුවන දිනවල සවුදි අරාබියේ සිටින බවත්, තම මුණුබුරු වන රුවන් හා මිනිබිරිය තනුජා තමන් ළඟ හැදෙන අගනා වස්්තූන් දෙකක් බව කීවේය. ඒ වන විට මාක්ගේ බාල පුතා ටිරෝන් හේනේගම මධ්‍ය විද්‍යාලයේ ඉගෙනීම ලබන බව අපට කීවේය.
 
වැඩිහිටි පියෙකුගේ චරිත රැසක් ඔහුගේ අවසාන කාලයේ රඟපෑවේය. තුෂාරා, සහනය, මේ දෑස කුමටද, ඇගේ ආදර කතාව ඇතුළු චිත්‍රපට රැසක මාක් රඟපෑවේය. ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස සිරියලතා, දෛවයෝගය, මඟුල් පෝරුව චිත්‍රපටවලට සම්බන්ධ විය. ඔහු රඟපෑ දෛවයෝගය චිත්‍රපටයේ රුචික නම් වයෝවෘධ තාපසයාගේ චරිතය විචාරක ප්‍රශංසාවට ලක් විය. ඔහු අවසන් වරට රඟපෑවේ 'වියරු මිනිසා' චිත්‍රපටයේය. දැඩි ලෙස ගිලන්ව සිටි මේ විශිෂ්ට චරිතාංග නළුවා 2000 වසරේ ජූනි 04 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.
 
ඒ. ඩී. රන්ජිත් කුමාර
 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS