තොරතුරු
Dawena Wihagun / දැවෙන විහඟුන්
[ Colour ]
චිත්‍රපට අංකය : 1276
නිකුත් වූ දිනය : 2018-06-29
51.398176291793
51% |   1316  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Dawena Wihagun / දැවෙන විහඟුන්
චිත්‍රපට අංකය : 1276
නිකුත් වූ දිනය : 2018-06-29
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : පුබුදු චතුරංග
ප්‍රධාන නිළිය : Samanalee Fonseka
අධ්‍යක්ෂණය : Sanjeewa Pushpakumara
නිෂ්පාදනය : Sanjeewa Pushpakumara

පූර්ව ප්‍රචාරක පටය


සම්මාන

   FOR ARTISTS

1Best Director
7වන දෙරණ සිනමා සම්මාන 2019
Sanjeewa Pushpakumara
2Best Actress
7වන දෙරණ සිනමා සම්මාන 2019
අනෝමා ජනාදරී
 
විස්තරය

උදාවුණ දවස කුසුම්ට නම් තවත් එක් සාමාන්‍ය දවසක් විය. වෙනදා මෙන් ඉර උදාවට ප්‍රථමයෙන් අවදි වුණු ඇය ගෘහණියකගේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළේ මුළුතැන් ගෙයිනි. මොහොතකින් කුසුම්ගේ සැමියා ද එතැනට ආවේය. කුසුම් මුළුතැන් ගෙයට පිවිස රාජකාරී ආරම්භ කරන මොහොතේ ඉවෙන් මෙන් දැනගන්නා ඔහුගේ නෙත උදෑසනම විවර වන්නේ ඉබේටමය. මෙදින තවත් එක් අභිරහස්‍යමය සිදුවීමක් වන බව කුසුම් නොදත්තේය. ගොදුරකට මඟ රැකගෙන සිටිනා මෘගයන් කිහිප දෙනකු මෙන් මිනිස් කණ්ඩායමක් කුසුම්ගේ සැමියා නිවසෙන් එළියට එනතරු බලා සිටියේය. ඔවුන් කවුදැයි කිසිවකු හෝ හඳුනා ගත නොහැකිය. බියකරුය. මෙසේ ඉව අල්ලමින් සිටින්නේ කුසුම්ගේ සැමියා පැහැර ගන්නටය. දඩයක්කාරයින්ගේ හෝරාව පැමිණියේය. කුසුම්ගේ සැමියා නිවසින් එළියට බටහ. ක්ෂණයකින් ඔහුව වට කරගත් මැරයින් ඔහුව පැහැරගෙන පළා ගියහ. එතැන් පටන් පැය කිහිපයක් ඔහු ගැන කුසුම්ට ආරංචි නොවිණ. ඇය ගත කළේ තුෂ්නිම්භූත වූ දිවියකි. ඊළඟට පැමිණියේ ඇය බලාපොරොත්තු නොවුණ ආරංචියකි.
 
ඒ කුසුම්ගේ සැමියා ඝාතනය කොට ඇති බවය. දරුවන් අට දෙනකු සමඟ කුසුම් වැන්දඹුවක් බවට පත් විය. ඒ නැගෙනහිර පළාතේ දුෂ්කර ගමකි. බොහෝවුන් නුගත් ගැමියෝය. මේ අය අතර කුසුම් තම ජීවන අරගලය පටන් ගන්නීය. ඇගේ වැඩිමහල් දියණිය වාසනාය. වාසනාව ඇගේ නමට පමණක් සීමා විය. ඇය තම මවට ජීවන යාත්‍රාව පැද යන්නට වෙර දෙන්නියක් බවට පත් විය. ඔවුන් දහසකුත් කම්කටුලු මැද ජීවිත අරගලය ගෙන යා යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. පෙනෙන මරුන් පමණක් නොව නොපෙනෙන රුපුන් ද ජීවිතය ඩැහැ ගන්නට වටලා සිටිති. දැවෙන විහඟුන් පියාඹන්නේ කෙසේද? ජාත්‍යන්තර සම්මාන දිනූ දැවෙන විහඟුන් සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමා කෘතියයි. ආන්දෝලනාත්මක සිනමාපටයක් වන ඉඟිලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාරගේ මුල්ම අධ්‍යක්ෂණයකි. ජාත්‍යන්තර කීර්තියට පත් සිනමාකරුවකු දේශීය සිනමා ලෝකයට අවතීර්ණ වනුයේ මෙමඟිනි.
 
ප්‍රසාද් සමරතුංග
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sanjeewa Pushpakumara
නිෂ්පාදනය
Sanjeewa Pushpakumara
කැමරාකරණය
Kalinga Deshappriya
සංස්කරණය
Ajith Ramanayake
සංස්කරණය
Katharina Wartena
කලා අධ්‍යක්ෂණය
Piyathissa Akuramboda
ශබ්ද පරිපාලක
Nicolo Da Halin
ශබ්ද පරිපාලක
Priyantha Kaluarachchi
අංග රචනය
Priyantha Dissanayake
සංගීත අධ්‍යක්ෂණය
Philip David Sheppard
සංගීත අධ්‍යක්ෂණය
R. Abaji
තිර ක්‍රියාකරු
Sanjeewa Pushpakumara
සහාය නිෂ්පාදනය
සෝමරත්න දිසානායක
සහාය නිෂ්පාදනය
රේණුකා බාලසූරිය

අමතර ශිල්පින්

ඇඳුම් නිර්මාණය
Ajantha Alahakoon
සහාය අධ්‍යක්ෂණය
Aruna Thilakarathne
සහාය අධ්‍යක්ෂණය
නිරෝෂන් එදිරිමාන්න
නිෂ්පාදන කළමනාකරු
Harald Karunathilaka
වර්ණ සංයෝජනය
Eli Akoka
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS