INFOPHOTOS
Suparna / සුපර්ණා
[ Colour ]
Film No : 1314
Released Date : 2020-02-14
43.057953144266
43% |   1622  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Suparna / සුපර්ණා
Film No : 1314
Released Date : 2020-02-14
Colorimeter : Colour
Category :
Main Actor : Ashan Dias
Main Actress : Duleeka Marapane
Director : Sujeewa Priyal
Producer : NorthWest Films

TRAILER


 
DESCRIPTION

සුජීව ප්‍රිය­ාල් යක්දෙහිගේ ප්‍රථම සිනමා පටය සුපර්ණා මේ මස 14 වන දින තිරගත කෙරේ. ඔහු වේදිකා, ටෙලි, සිනමා රංගන ශිල්පියෙකි. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි.
 
සුපර්ණා චිත්‍රපටය, තිරගත කරන්නේ මේ මාසේ 14 දිනය. එය හා එදාට යෙදෙන වැලන්ටයින් දිනය අතර හේතුවන කිසියම් කාරණාවක් තියනවද?
 
ඊට පෙර ප්‍රදර්ශනයට දින කිහිපයක් නියම වුණා. "සුපර්ණා" ප‍්‍රදර්ශනය වන්නේ රිත්මා හා CELමණ්ඩල බෙදාහැරීමක් ලෙසයි. අවසානයේ මේ මස 14 දින "සුපර්ණා"ප්‍රදර්ශනයට ලැබුණා. පෙබරවාරි 14 කියන්නේ පෙම්වතුන්ගේ දිනය දා. අපි මෙවර පෙම්වතුන්ගේ දිනය අලුත් විදිහකට සමරමු. එකිනෙකාට ආදරය කරන ගමන් මේ මහා පොළොවට, මේ සොබාදහමට ආදරය කරමු. එය මේ මොහොතේ අපි කළයුතුම දෙයක්. රටේත් ලෝකයේත් අද අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා සොබාදහම විනාශවෙමින් තියෙන්නේ. අපි මහපොළොවට පෙම් බඳින මිනිසුන් වෙමු.
 
මෙය, මෙරටදී තිරගත කරන්න බලාපොරොත්තු වුණේ, පසුගිය වසර දෙසැම්බර් මාසයේ, අවසාන සතියේ නේද? තීරණය වෙනස්වන්නේ යම් බලපෑමක් නිසාද?
 
ඔව්, දෙසැම්බර් අවසාන සතියේ. මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයට නිවැරදි ක්‍රමවේදයක් තාමත් නැහැ. ඒ නිසාම යම් බලාධිකාරියක් රඳවාගත් පිරිසක් ඇතැම් විට අත්තනෝමතිකව කි‍්‍රයාකරන අවස්ථා අපිට දකින්නට තියෙනවා. මා හිතනවා මෙය වෙනස්විය යුතුයි. මන්ද? සිනමා ක්ෂේත්‍රයට එන නවකයන්ට තමාගේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට යෑමේදී දැවැන්ත අර්බුද රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. තවත් පිරිසක් මේ ක්ෂේත්‍රයට පැමිණියයුතුයි. එසේ නොවන්නට කොහොමද සිනමා ක්ෂේත්‍රයේ පැවැත්මක් ඇතිවන්නේ?
 
සුජීව ප්‍රියලාල් වන ඔබව මෙරට ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ, ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපනගේ ස්වාමි පුරුෂයා විදිහට. එහෙත් ඔබ මෙරට වේදිකා නාට්‍ය කලාව තුලදී අපට හමුවන හොඳ රංගන ශිල්පියෙක් ?
 
මා හිතන්නේ වඩා හොඳින් මාව හඳුනාගත්තේ "මචං" චිත්‍රපටිය හරහා. තවමත් ෙප්‍ර්ක්ෂකයන් ඒ ගැන කතාකරනවා. මම ටෙලි නාට්‍ය නළුවෙක් විදියට වැඩිකාලයක් වැඩකරපු කෙනෙක් නෙවෙයි. ගණනින් බැලූවොත් මා රගපෑ ටෙලි නාට්‍ය ප්‍රමාණය බොහෝම අතලොස්සක්. ටෙලි නාට්‍ය විකාශනය වන කාලයට මතක තිබුණත් පසුව ඇතැමුන්ට මාව අමතක වෙනවා. දුලීකාගේ ප්‍රතිරූපය වේදිකාවත්, ටෙලිනාට්‍ය හරහාත් සිනමාවේත් යම් පුළුල් පරාසයකට දිවයනවා. ඒ වගේම ඇය සිවිල් සමාජය තුළත් හොඳ ප්‍රතිරූපයක් රඳවාගෙන තියෙන කෙනෙක්. ඇය ගැන නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා. ඒක නළුවකුට හෝ නිළියකට අවශ්‍ය දෙයක්. ඒක වාසනාවක්. ඒ නිසා මට වඩා ඇගේ ප්‍රතිරූපය විශාලයි. ඒ නිසා මට වඩා ඇයව කැපී පෙනනවා. මා කරන නිර්මාණ කටයුතුද ඇය නිසා වඩාපහසුවෙන් කතාබහට ලක් වෙනවා. ඒ නිර්මාණ තුළ ඉන්නේ මම.
 
සුපර්ණා, විද්‍යාත්මකව ප්‍රබන්ධ ශානරයට අයිති සිනමා පටයක් නේද?
 
විද්‍යාත්මක වගේම හරිත සිනමාපටයක් ලෙස හඳුන්වන්යි මම කැමති. තීරණය ප්‍රේක්ෂකයාට බාරයි. මෙය ඔබදැක පුරුදු ජනප්‍රිය ගනයේ තේමාවක් රැගත් සිනමා පටයක් නොවෙයි. සොබා දහම පරිසරය පිළිබඳ කතාකරන වාර්තා සිනමාපට තිබුණත් ලංකාව තුළ කතාංග රැගත් සිනමාපටයක් යනු අලූත් අත්දැකීමක්. සුපර්ණා තුළ කතාවන්නේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන්නාවූ, සිදුවෙමින් තිබෙන්නාවූ සොබාදහමේ විනාශය ගැන. අද ලෝකය පුරා ම ජීවඅවි ගැන කතා කරනවා. කොරෝනා වෛරසයත් සමඟ. "සුපර්ණා" මා රචනා කරන්නේ 2014 වසරේ සිට. රූපගත කිරීම් කළේ 2017 වසරේ දී. මෙවැනි දේ සිදුවිය හැකිද ? කියලා ඇතැමුන්ට ප්‍රශ්න තිබුණා. නමුත් අද අපි ඒක අත්දකිනවා. සමස්තයක් විදියට මිනිසුන් සොබාදහම කෙරෙහි තිබියයුතු සංවේදිතාවය අඩුවෙලා. නැතිවෙලා. නැවත එය ඇති කිරීමට නව ප්‍රවේශයක් විදිහටයි "සුපර්ණා" නිර්මාණය වෙන්නේ. මෙය සිනමා පටයකින් ඔබ්බට ගිය දැවැන්ත ක්‍රියාදාමයක්. ඒ තුළින් සොබාදහම ගැන හිතන්න අපි නව ප‍්‍රවේශයක් ගනිමු.
 
මෙම සිනමා පටය විදෙස් රටවල් කිහිපයකදීම ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් ම, ප්‍රථම ජාත්‍යාන්තර තිරගත කිරීම පවා සිදුකරන්නේ , බංග්ලාදේශයේ ඩකාවල. විදෙස් රටවලදී සුපර්ණා ලද ඇගයීම් සහ සම්මාන ගැන කතා කළහොත්?
 
ඒ පිළිබඳ ස්තූතිවන්ත වෙන්න ඕන ඈෂ්ලි රත්නවිභූෂණ මහතාට. NETPACK ආයතනයට. අවසානවශයෙන්අපි 2019 වසරේ නොවැම්බර් මාසයේ ටාලින් බ්ලැක් නයිට් සිනමා උළෙලට :Tallin Black Night film තරගකාරී අංශය නියෝජනය කළා. මේ මගේ ප‍්‍රථම සිනමාපටය. මම හිතනවා ලෝකයේ Aශ්‍රේණියේ සිනමා උළෙලක් නියෝජනය කරන්න ලැබීම මම ලබපු හොඳ අවස්ථාවක්. ඒත් එක්කම 2019 අපි සහභාගි වුණා. ඒ තුළින් ලබපු අත්දැකිම් බොහෝමයි. මා හිතන්නේ තවත් පිරිසක් ලංකාව නියෝජනයකරමින් අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කරනවානම් හොඳයි.
 
මේ සඳහා දුලීකා මාරපන තෝරාගන්න හේතුවන්නේ , ඇය රංගන ශිල්පිනියක් නිසාමද?
 
නැහැ. සුපර්ණා වැනි චරිතයක් නිර්මාණය වන්නට දුලිකා බලපෑවා. දුලීකා කුඩා කල සිට පියා අහිමි දැරියක්. ඇයට ද කුඩා කල සිට ගහකොළ, පරිසරය පිළිබඳව ස්වයං අධ්‍යයනයක් තිබෙනවා. ඇය ඇගේ වත්තේ ගහක අත්තක්වත් කපන්න ඉඩනොදෙන කෙනෙක්. ඒ නිසාම සුපර්ණාට වඩා හොඳින් ආත්මීය වශයෙන් ගැළපෙන්නේ දුලීකා. ඇය සතු පෞරුෂය සුපර්ණාට අවශ්‍යව තිබුණා.
 
මෙහෙම ගියොත්, සුජීව ප්‍රියලාල් කියන රංගන ශිල්පියාට මොකද වෙන්නේ?
 
ඔහු තාමත් ඉන්නවා. මම කලින් කිව්වා වගේ මම වැඩ ගොඩක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. නිදහසේ වැඩකරනවා. ඉදිරියේදි රගපෑමට නියමිත වැඩ කිහිපයක් තියෙනවා. සුපර්ණා නිසා සුජීව ප‍්‍රියාල් නමැති නළුවාට තිබුණ නිදහස අඩු වුණා.
 
මේ අවස්ථාවේදී නිෂ්පාදක කල්යානි රණවක මහතාටත්,( North West film) ආනන්ද ද සිල්වා මහතාටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.
 
 අනුසාර මාහිංගොඩ
 
CAST

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS