Wahal Dupatha
චිත්‍රපට ගීතය

මඳ සීත නල රැල්ල දැඟලිල්ල &#350

වහල් දූපත - 1968

සාරාංශය

ගීතයමඳ සීත නල රැල්ල දැඟලිල්ල &#350
චිත්‍රපටයවහල් දූපත
චිත්‍රපට අංකය183
වර්ෂය1968

ගායන ශිල්පීන්

Lyrics

Music

Vocalists

විස්තරය

සරත් – මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා

කැළඹිල්ල දී දසත විසිරී ගියා

සැනසිල්ල ඉතිරී දුක කැල්ම නැති වී

පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා

දයා - ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා

සුරතල්ම බව පේන රහසක් කියා

සැනසිල්ල ඉතිරී – දුක කැල්ම නැති වී

පෙම් ලෝකයේ සුවඳ විසිරී ගියා

සරත් - සුදු සේල මිහිඳුම් අහසින් නැඟී

නිල් ලෝකයේ එළිය නොපෙනී රැඳී

මගෙ දෑස පාදන්න ඔබෙ දෑත මට දෙන්න

ඔබ මාගේ ජීවේ සදා

දයා - මගෙ දෑත ඔබ ගන්න – ඔබෙ දෑත මට දෙන්න

යුග ගීත පවසන්නකෝ

මධු මිහිර රස බොන්න - ලොව මිහිර නරඹන්න

ඔබ මාගෙ ජීවේ සදා

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play