69

69

හැට නවය

Colour Digital

Film No: 1427  ·  Released: 14 Feb 2025

56.11% · 1,146 votes
Rate this film

Summary

Name69 / හැට නවය
Film No1427
Released Date14 Feb 2025
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Cleatus Mendis Main Actress: Dilrufa Shanaz Director: Windya Harispattuwa Producer: Udara Palliyaguruge

Trailer

Description

ප්‍රේමය කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ තාරුණ්‍යය. නමුත් සැබැවින්ම ප්‍රේමය කියන්නේ එහෙම තාරුණ්‍යයට පමණක්ම උරුම වූ හැඟීමක් නෙමෙයි. ඒ නිසාම, ප්‍රේමයේ රහ විඳින්නට සීමා නොමැති බව පවසන

අභියෝගාත්මකව කතා කරලා සිනමා කෘතියක් '69' නමුත් නුදුරේදීම සිංහල සිනමාවට තිළිණ වෙනවා.

අවුරුදු 69ක වියපත් මිනිසකුගේ බලාපොරොත්තු විරහිත ජීවිතය යළිත් පණගන්වන්නට ප්‍රේමයේ වසන්තය අරන් එන තරුණියට හැකිවෙවිද යන්නත්, සාමාජීය බැමි ලිහාගෙන සාම්ප්‍රදායික රාමුව බිඳ දමාගෙන ප්‍රේමය ප්‍රේමණීය ලෙස විඳින ඔවුන් සමාජයේ සහ පවුලේ දරුණු ගැරහුම්වලට මුහුණ දෙන්නේ කෙසේද? යන්නත් මේ සිනමාපටයේදී විමසීමට ලක් කරනවා.

ජීවිතයේ දරුණුතම හැඟීම වන තනි වීම තෝරා ගත් මිනිසකුගේ මානසික පීඩනය හමුවේ කඨෝර අත්දැකීම්වලට මුහුණ දෙන මෙහි 69 වියැති කථානායකයා ප්‍රේමණීය පුනරාගමනය හමුවේ යළිත් තරුණ හැඟීම්වලින් ජීවිතය විඳින ආකාරය කියා දෙන මෙම චිත්‍රපටය හුදෙක් මානුෂීය හැඟීම් පිළිබඳව අපූරු ලෙස සාකච්ඡා කරන නිර්මාණයක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. වින්ධන්ධ්‍යා හාරිස්පත්තුවගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම චිත්‍රපටය යූ.ඒ. පල්ලියගුරු නිෂ්පාදනය කරනවා. එසේක සහාය අධ්‍යක්ෂණය දිනේෂ් සංජීවත්, නිෂ්පාදන කළමනාකරණය ශර්ලි සමරසිංහත්, කැමරා අධ්‍යක්ෂණය හර්ෂ ආරියවංශත්, කැමරා සහාය කාවින්ද ඩී. සිල්වාත්, සංස්කරණය නිරෝධ වෙරංග පෙරේරාන්, අංග රචනය චතුරිකා සඳමාලින් සිදු කරනවා. ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, රමණි දමයන්ති, සචිත්‍ර කලල්‍යානජිත්, වික්‍රම සෙනෙවිරත්න, ඩිලානි වැලිවිටගොඩ, දිනේෂ් සංජීව, රාමා ක්‍රිෂ්ණා, යගූ ඒකනායක යන අය රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර පෙබරවාරි 14 සිට දිවයින පුරා පිහිටි සිනමාශාලාවලින් ඔබට චිත්‍රපටය නැරඹීමේ හැකියාව පවතිනවා.

ෂාමික ජයලත්

Cast

Crew

Other Crew