Abheetha

Abheetha

අභීත

Colour

Film No: 1454  ·  Released: 06 Feb 2026

0% · 0 votes
Rate this film

Summary

NameAbheetha / අභීත
Film No1454
Released Date06 Feb 2026
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Isuru Lokuhettiarachchi Main Actress: Paboda Sandeepani Director: Sruthiy Prabha

Trailer

Description

ඔබ ‘අභීත’ නමින් කළ සිනමා නිර්මාණයක් ළඟදීම ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන බව ආරංචියි?

ඔව්. මේක මගේ පළමු සිංහල සිනමා නිර්මාණයයි. මීට පෙර මම ඉන්දියානු සිනමා පට කිහිපයකටම සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. 2010- 2019 කාලයේ මම දකුණු ඉන්දියානු සිනමාවේ සංගීත අංශයේ සාමාජිකයෙක්. ඒ.ආර්. රහුමාන් ආදී දැවැන්ත සාමාජිකයන් ඊට සම්බන්ධව කටයුතු කරනවා. ලංකාවෙන් සිටි එකම සංගීත අධ්‍යක්ෂකත් මමයි. මම Pathani, Namma uur Pasakkara Pasanga and Ondikku Ondi කියන දකුණු ඉන්දියානු සිනමාපට 3ක සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ඒ වගේම සිනමා ක්ෂේත්‍රයේ බොහෝ කලක් කටයුතු කළා. ඒ අත්දැකීම් මට තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ නිර්මාණය කළ පිච්චකාරං කියන සිනමා පටය කළ විජය ඇන්තනී සමඟ මගේ ඉතා කිට්ටු සමීප සබඳතාවක් තියෙනවා. එයා ශ්‍රී ලංකාවටත් ඇවිත් සංදර්ශනයක් කළා. මේක සත්‍ය කතාවක්. ඒ කාලේ ඉන්දියාවේ එක් අම්මා කෙනෙක් වෙනුවෙන් එක් පුතෙක් ගොඩක් කැපකිරීම් කළා. බාරයක් වෙලා එයා වෙනුවෙන් වැඩ කටයුතු කළ බව ඉතිහාසයේ කියැවෙනවා. මේ කතාව මගේ රටට වගේම ලෝකයටත් අද වගේ කාලෙක පෙන්වන්න ඕන කියලා මට හිතුණා. තමන්ගේ අම්මා වෙනුවෙන් කැප වෙන පුතෙක් ගැන මේ ආදර්ශවත් කතාව ලෝකෙට දෙන්න ඕන කියලා මට හිතුණා. කෝටිපති පුතෙක් හිඟන ජීවිතයකට එනවා. එයාට නොයෙක් චරිත මුණ ගැහෙනවා. මෙයාට විවිධ තර්ජන, ගර්ජනවලට මුහුණ දෙන්න වෙනවා. කොහොම හරි අවසානයේදී අම්මගෙ බාරයත් ඔප්පු කරනවා.

‘අභීත’හි රංගනය වෙනුවෙන් නළු නිළියන් තොරා බේරා ගැනීම් කළේ කොහොමද?

දකුණු ඉන්දියානු නළු නිළියන් මේකට සම්බන්ධ කර ගත්තේ නෑ. ලංකාවේ හොඳ දක්ෂ නළු නිළියෝ ඉන්නවානේ. ඒ අය සම්බන්ධකර ගන්නයි මම කල්පනා කළේ.

ශ්‍රියානි අමරසේන, රොඩ්නි වර්ණකුල, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර, පබෝධා සන්දීපනී, ඉසුරු, චතුර පෙරේරා, ග්‍රේෂන් ගුණරත්න යනාදී රංගන ශිල්පීන් මේකට සම්බන්ධයි. මෙහි කැමරාව ආනන්ද් කියන ඉන්දියන් අයෙක් විසින් මෙහෙයවනවා. ඒ වගේම සටන් අධ්‍යක්ෂණයත් ඉන්දියන් ජාතිකයෙක්. එයා ඉන්දියානු සිනමාපට 80ක් පමණ සටන් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මෙහි සියලුම රූපගත කිරීම් කළේ ලංකාවේදීමයි. ශබ්ද පරිපාලනය නම් ඉන්දියාවේ.

ඔබේ මේ සිනමා නිර්මාණය ඉලක්ක ප්‍රේක්ෂකයා කවුද?

මේක පවුලේ චිත්‍රපටයක් කියලා හඳුන්වන්න මම කැමතියි. පවුලේ හැමෝටම ඒකට ඉඳන් නරඹන්න පුළුවන්. ජනවාරි මාසයේ ඔබට මෙය නරඹන්න පුළුවන්.

ඔබ විවිධ කලා හැකියාවන් පෙන්වන අයෙක්. මෙතෙක් ඔබ ලැබූ සම්මාන මොනවාද?

මට ලංකාවෙන් ජාතික තලයේ සම්මාන 03ක් ලිබිලා තියෙනවා. 2009 දී සංගීතය සඳහා ගෞරවනීය ජාතික සම්මානය, 2019 දී සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වය සඳහා ජාතික සම්මානය, 2024 දී විශ්ව ජාතික අභිනන්දන සම්මානයත් මට ලංකාවෙන් ලැබුණා. ඒ වගේම 2018දී වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් Chinnathirai tele awards ඉන්දියාවෙන් ලැබුණා. 2019දී ලංකාවේ දමිළ ගායක ගායිකාවන් 30ක් සහභාගිවෙලා කළ තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය සහ රූප රචනයත් මම කළා. මේ ආකාරයේ තේමා ගීත රූප රචනා, ගී තැටි, වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය, ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය වෙළඳ දැන්වීම් යනාදී බොහෝ අංශවලට මගේ දායකත්වය සපයනවා.

Dinamina

Cast

Crew