Adarei Man

Adarei Man

ආදරෙයි මං

Colour

Film No: 1268  ·  Released: 18 Jan 2018

60.36% · 2,975 votes
Rate this film

Summary

NameAdarei Man / ආදරෙයි මං
Film No1268
Released Date18 Jan 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryRomance
Main Actor: Prageeth Rathnayaka Main Actress: Chathurika Pieris Director: Prageeth Rathnayaka

Trailer

Description

තමන් පිටුපස කිසියම් තැනැත්තකු එනබව ඉවෙන් මෙන් මල්මීට දැනෙන්නට විය. ඔහු දුප්පත් අයකු බවත් ඇය දැනගත්තීය. මේ කරුණු කාරණා නිසා මල්මී පවන්ව මඟහැරීමට නොයෙක්විට උත්සාහ ගත්තාය. ඇයට සල්ලිකාර තරුණයකු යෝජනාවක් ගේන්නේ මේ අවස්ථාවේදීය.

එහෙත් මල්මී ඔහුට කැමැතිවූයේ නැත. ඇයට මේ මොහොතේ සිහිපත් වූයේ හතිහලමින් තමන් පසුපස පැමිණ ආදරය ඉල්ලන පවන්මය. මල්මිගේ උවනෙහි සිනහවක් ඇඳින. ඒත් සමඟම පුංචි අනුකම්පාවක්ද හටගත්තේය. මල්මී පවන් හමුවීමට හිතාගත්තේ පහුවදාය.

ඔහු පවන්. තාරුණ්‍යයේ පසුවුවද පවන්ට අරමුණක් නැතිගානය. රස්සාවක නියැළී සමාජයේ පිළිගැනීමකට ලක්වූ අයකු වීමට පවන් උත්සහ ගත්තද එම සියලු අවස්ථා බිඳ වැටුණේ නොසිතූ අන්දමිනි. ඔහු උපතින්ම දිළිඳුය. ජීවිතය පිළිබඳ කෙදිනකවත් ගැඹුරෙන් සිතා බැලුවේ ද නැත. ඔහුට මල්මි හමුවන්නේ ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂයක් තබමිණි. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. උගත්ය. රූමත්ය. කටකාරකමේද අඩුවක් නැත්තේය.

පවන්ගේ සිත මල්මි කෙරෙහි ඇදී යන්නට ගතවන්නේ ඉතා සුළු කාලයකි. එතැන් පටන් නිදිදෙව්දුව පවන්ගේ ලොවට වැඩියේ නැත. දිවා රෑ පුරා තැනක් නොතැනක් නැතිව උන්මත්තකයකු මෙන් පවන් මල්මීට පෙම් බඳින්නට පටන් ගත්තේය. තමන් පිටුපස කිසියම් තැනැත්තකු එනබව ඉවෙන් මෙන් මල්මීට දැනෙන්නට විය. ඔහු දුප්පත් අයකු බවත් ඇය දැනගත්තීය. මේ කරුණු කාරණා නිසා මල්මී පවන්ව මඟහැරීමට නොයෙක්විට උත්සාහ ගත්තාය.

ඇයට සල්ලිකාර තරුණයකු යෝජනාවක් ගේන්නේ මේ අවස්ථාවේදීය. එහෙත් මල්මී ඔහුට කැමැතිවූයේ නැත. ඇයට මේ මොහොතේ සිහිපත් වූයේ හතිහලමින් තමන් පසුපස පැමිණ ආදරය ඉල්ලන පවන්මය. මල්මිගේ උවනෙහි සිනහවක් ඇඳින. ඒත් සමඟම පුංචි අනුකම්පාවක්ද හටගත්තේය. මල්මී පවන් හමුවීමට හිතාගත්තේ පහුවදාය. තමන් ආදරය කරන තරුණිය තම ආදරය පිළිගත් බව දැනගත් පවන් සතුටින් ඉපිළින. ආදරය අන්ධයි කියන දේ පවන්ටවත් මල්මීටවත් වැටහුණේ නැත.

මල්මී පවන්ව ඇගේ නිවැසියනට හදුන්වා දුන්නද එකහෙළා පවන්ව මල්මීගේ මව්පියෝ ප්‍රතික්ෂේප කළහ. ඊට ප්‍රධානම හේතුව ලෙස දැක්වූයේ පවන් සල්ලිකාරයකු නොවීමය. මව්පිය ආදරයට පයින් ගසා මල්මී සහ පවන් විවාහදිවියට එළඹීමට තීරණය කළෝය. එතැන්පටන් දෙදෙනාම තමන්ගේම නිවසක වාසය කරන්නට පටන් ගත්තෝය. ගතවූයේ කෙටි කලකි.

පවන්ටත් මල්මීටත් මුදල් නැමැති වස්තුවේ අගය දැනෙන්නට පටන් ගත්හ. ඒ වෙන කාරණයකට නොව මල්මීව රෝගයකින් බේරා ගැනීමටය. එතැන් පටන් පවන් මානුෂීය යුද්ධයක නියැළෙන්නට පටන් ගත්තේය. මේ සියල්ල මැද පවන්ගේත් මල්මීගේත් ආදරය අචලව පැවතිණ.

හෙට දින සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි මේ ආදර කතාව රැගත් සිනමා පටය තිරගතවේ. එය නම්කොට ඇත්තේ ආදරෙයි මං යනුවෙනි. ප්‍රගීත් රත්නායක තිරරචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය රෝමියෝස් අයිස් පික්චර්ස් ඉදිරිපත් කිරීමකි. ප්‍රගීත් අතිසාර්ථකව තිරගතවූ ධර්මයුද්ධය සිනමාපටයේ තිරරචකයාද වේ.

Cast

Crew