Aladin Saha Puduma Pahana

Aladin Saha Puduma Pahana

ඇලඩින් සහ පුදුම පහන

Colour

Film No: 1282  ·  Released: 26 Jul 2018

59.82% · 2,006 votes
Rate this film

Summary

NameAladin Saha Puduma Pahana / ඇලඩින් සහ පුදුම පහන
Film No1282
Released Date26 Jul 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryStory
Main Actor: Dhananjaya Siriwardane Producer: Prasad Wijesuriya Director: Sumith Kumara

Trailer

Description

ඇලඩින්ගේ තාත්තා මුස්තාෆා. අම්මා ෆාතිමා. මේ ජෝඩුවගේ එකම පුතා ඇලඩින්. වයස අවුරුදු විස්සයි. ඒ වුණාට ඇලඩින් සෙල්ලක්කාරයා. වගකීමක් නැහැ. අම්මා, තාත්තාගේ වචනයක් කනකටවත් ගත්තේ නැහැ. නිතර ඉන්නේ යාළුවන් එක්ක.

විටෙක යහළුවන් සමඟ අඩදබර කර ගනියි. අසල්වාසීන්ට ඇලඩින්ගෙන් පුදුමාකාර දරන්න බැරි පාඩු සිදු වෙයි. ඇලඩින්ට විරුද්ධව නිතරම මවුපියන්ට පැමිණිලි ගොඩයි.

තම එක පුතු හේතුවෙන් මුස්තාෆා පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. මේ හේතුවෙන් ශෝකානුකූලව කල් ගෙවන ඔහු අකාලයේ මිය ඇදෙයි.

ඇලඩින් සහ මව මෙලොව තනි වෙයි. මේ අතර ලොව වටා සංචාරයේ යෙදෙමින් සිටින මන්ත්‍රකරුවෙකි. ඔහුගේ නම මෂූර් පාෂාය. ඔහු ඉතා බලසම්පන්න පහනක් සොයමින් කල්ගත කරයි. එය ලබාගත හැක්කේ ඇලඩින් නමැති තරුණයකුට බව මෂූර් පාෂාට මන්ත්‍ර බලයෙන් දැනගන්නට ලැබෙයි. ඔහු ඇලඩින්ව සොයා ගනියි.

මෂූර් පාෂා ඇලඩින්ගේ ගෙදරට එන්නේ ඇලඩින්ගේ පියාගේ සහෝදරයකු බව හඟවමිනි. එතැන් පටන් ඇලඩින්ව රවටා ගන්නා මෂූර් පාෂා පහන සොයා චාරිකාවක් අරඹයි. ලොව සුපතළ අරාබි නිසොල්ලාසයේ (එක් දහස් එක් රැය) තවත් එක් කතාවක් වන ඇලඩින් සහ පුදුම පහන මෙලෙස සිනමාපටයකට නැඟී තිබේ.

එනමින්ම නිර්මාණය වූ එය සුමිත් කුමාරගේ අධ්‍යක්ෂණයකි. සිනමාපටයේ ඇලඩින් ලෙස ධනංජය සිරිවර්ධන රංගනයේ යෙදෙයි. ඇලඩින් සහ පුදුම පහන ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයකි. මෙයට පෙර අලි බබා සහ හොරු හතළිහ චිත්‍රපටය තැනුයේද අරාබි නිසොල්ලාසයේ කතාවක් ඇසුරෙනි.

Cast

Crew