Amma

Amma

අම්මා

Black & White 35mm

Film No: 6  ·  Released: 19 Aug 1949

56.73% · 2,538 votes
Rate this film
Special Message

නිෂ්පාදන වියදම – රු: 68,000 යි

Summary

NameAmma / අම්මා
Film No6
Released Date19 Aug 1949
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyNawa Jeewana Movie Tone
StudioNeptune India
Main Actor: D.R. Nanayakkara Main Actress: Pearl Wasudevi Director: Sirisena Wimalaweera Producer: Sirisena Wimalaweera

Description

ප්‍රදර්ශනය - සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස්

මුල් ප්‍රදර්ශනය - සෙන්ට්‍රල්, නිව් ඔලිම්පියා, නුවර - වේල්ස්, අනුරාධපුර – ටවුන්හෝල් - ටෝකීස්, නුගේගොඩ ක්වින්ලන්, යාපනය – මහේන්ද්‍රන්, රත්නපුරය – භාරත, දෙහිවල – පුෂ්පා

මංගල දර්ශනය - සිලෝන් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධිපති ජබීර් ඒ. කාදර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මරදානේ සෙන්ට්‍රල්හිදී.

චිත්‍රපටය ආරම්භ වන්නේ සරණපාල නම් ලිපිකරුවාගේ බිරිඳ නීලා එක්තරා සන්ධ්‍යා සමයෙක සිය සිඟිති දියණිය වූ ස්වර්ණ ගීතයක් ගයමින් නිදිගත් වමින් සිටින ජවනිකාවකිනි. පවුලේ හිතවතෙකු සහ මෙහෙකරුවකු වූ ජෙමා ද බලා සිටී.

හෘද විමානේ - මිණි පහනක් සේ ර්.ර්.ර්.ර්

පාලන මා දෝනි

පාලන මා දෝනි - පාලන මා දෝනී

නිද්‍රාදේවී - ගේ කුරුල්ලේ කිංකිණි

නාදෙන් ඔබ සැතපී

නීලා:- ජෙමයියා

ජෙමා:- එනවා නෝනා

නීලා - අනේ ජෙමයියෙ බලන්ඩ, මහත්මයා එන වෙලාව, කකුල සෝදවන්ඩ ඕන. කරුණාකරල කෙල්ලට කියන්ඩ වතුර බේසමක් තියන්ඩ කියල. ළමයා නිදි කරවලා මම ඉක්මනට එඤ්ඤං

ජෙමා - හොඳමයි නෝන, මැගෝ, බොල මැගෝ ඇල් වතුර බේසමක්

නීලා යළිත් දරුවා නළවයි

නිද්‍ර දේවීගේ තුරුල්ලේ කිංකිණි නාදෙන්

ඔබ සැතපී

චූටි දෙතොල් විදහා පියුමක් සේ/ චූටි/චූටි

චූටි දෙතොල් චූටි දෙතොල් චූටි දෙතොල්

විදහා පියුමක් සේ

සුරකැල හා සිනාසී

නන්දන උයනේ පෙම් මල් අකුලේ

නටන්න මා පිය දෝනී

පතිත පාවන ජීවන ස්වාමි/රකිවා මා දෝනි

ළදැරිය නිදි ගන්වමින් සිටි නීලා වෙත හදිසියේම එන සැම්සන් නම් කාමුක පුරුෂයෙක් සිය කාමුක අදහස් ඉටුකර ගැනීමට බලවත් පරිශ්‍රමයක් දරයි. සැම්සන් නීලා විවාහ වීමට පෙර ඇයට ආලය කළේය. ස්වභාවයෙන්ම දුෂ්ට ගති ඇත්තෙකු වූ සැම්සන්ට නීලා පෙරළා ආලය නොකළාය. සැම්සන් නීලාට අතවර කිරීමට සැරසෙද්දී, රැකියාව සඳහා පිටත ගොස් සිය නිවෙස කරා එන සරණපාලට අතර මඟදී සතුරන් විසින් පහර දෙනු ලබන බැව් ලැබුණු ආරංචියෙන් කම්පනයට පත් වූ නීලා සිහිනැතිව බිමට පතිතවන්නට යන බව දැක තම අදහස් මුදුන් පමුණුවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව යයි සිතූ සැම්සන් ඇය බිම පතිත වීමට නොදී අල්වාගෙන මුව සිඹීමට තැත් කරයි. තුවාල සිහිතව ජෙමයියාගේ ආධාර ඇතුව ගෙදර එන සරණපාල එක එල්ලේම මේ භයංකර පිළිකුල් සහිත දර්ශනය දකී.

සරණපාල කිසිම වග විභාගයක් නොකොට නොයෙකුත් පරිභව කොට නීලා සිය නිවසින් නෙරපීය. නිර්දෝෂී වූ ඈ මෙවෙලෙහි ඇගේ නිර්දෝෂිතාව කියා පෑමට නොවෙහෙසී සිය සැමියාගේ හිත වැඩ පතා වෙන්වීමට කැමති වුවත් මාතෘ සෙනෙහසෙන් ළය දෙදරන්නී ස්වර්ණා නම් පොඩිදුව ගෙන ගියාය. දියණිය සිය සැමියාගෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී බිම වැටීමෙන් වූ තුවාල වලට ප්‍රතිකාර පිණිස යම් කිසි මුදලක් සොයා ගත නොහැකිව දරුණු සිත් වේදනාවෙන්. පෙළෙන නීලාට කුඩා තිලක හමුවෙයි. මව හා බිලිඳ‌ා කැටුව ආරෝග්‍ය ශාලාවට ගොස් ළපටි ස්වර්ණා ප්‍රතිකාර පිණිස ආරෝග්‍ය ශාලාවට භාර දී නීලාට රක්ෂාවක් ලබාදෙන අටියෙන් තිලක ඇය තම පියා රක්ෂාව කරන සැම්සන්ගේ බංගලාවට කැඳවා ගෙන යයි.

වරක් සිය මුග්ධ අදහස් මුදුන් පමුණුවා ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් නීලා - සරණපාල සහ ස්වර්ණ යන තුන් දෙනාගේ ජීවිත අඳුරු වූ බව මොහොතකටවත් කල්පනා නොකළ අධම සැම්සන් ඉන් නොනැවතී යළිත් තම නිවස වෙත තිලක කැටුව පැමිණි නීලා වසඟ කර ගන්ට යාමෙන් සිදු වූයේ කුමක්ද? වඩාත් දරුණු ප්‍රතිඵලයකි. තිලකගේ අහිංසක පියා වූද සැම්සන්ගේ කීකරු මෙහෙකරුවකු වූද ජුවානිස්.

නීලාගෙන් මැරුම් කෑමත් නීලාට පහළොස් අවුරුද්දක් බන්ධනාගාරව විසීමට සිදුවීමකය.

මේ කාලය තුළ අනාථ වූ තිලකට හදිසියේ සරණපාල හමු වී ඔවුනොවුන් යළි ආශ්‍රය පටන් ගෙන යම් යම් දේ කොට උපයා ගන්නා ලද මුදලින් තරමක් හොඳ ජීවිත කාලයක් ගත කරන නමුත් වරක් සැම්සන්ගේ මෙහෙයවීමෙන් සරණපාලගේ මුළු වස්තුව තමා සතු කර ගෙන ඔහු කාලකන්නියකු කළ වයලා බැලීමට ද සරණපාල ඉඳ හිට ගියේය.

සරණපාල සෙවීමට ඉඳ හිට එහි යන තිලකත් ආරෝග්‍ය ශාලාවෙන් වයලා විසින් භාර ගන්නා ලදුව එහිම ඇති දැඩි වන ස්වර්ණාත් අතර මේ අතරතුර සමීප සම්බන්ධයක් ඇති විය. වයලා නීත්‍යනුකූලව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇතත් සෑම්සන්ගේ ගිජු බැල්මට නිතරම ඉලක්කය වනුයේ එහිම ඇති දැඩිවන ස්වර්ණාය. ඒ බව ස්වර්ණා ද හොඳින් දනිතත් ඈ ඔහුට මුළු හිතින්ම පිළිකුල් කළාය.

අවුරුදු පහළොවකට පසු සිරිගෙයින් නිදහස් වූ නීලා කෙළින්ම ගියේ සිය දියණියක දැක ගැනීමටය. වයලාගේ නිවසෙහි ඈ ඇති දැඩි වන බැව් අසා ප්‍රීතිව එහි ගිය නීලා සිය දියණිය ඉන් ගලවා ගැනීමට දැරූ වෑයම නිෂ්ඵල විය. සුන් වූ බලාපොරොත්තු ඇතිව එතනින් නික්මුණ අම්මා (නීලා) හදපත්ලෙන් නැගෙන දාරක ප්‍රේමය උදෙසා සිය ස්වාමියා උදෙසා සමස්ත ස්ත්‍රී වර්ගයා උදෙසා - සකළ ලෝකවාසීන් ඉදිරියෙහි අමරණීය නාමයක් ඇති කරමින් සැම්සන් සමඟ උග්‍ර සටනක යෙදී අවසානයේදී ඒ හිත් පිත් නැති දුෂ්ටයාගේ තියුණු වෙඩි උණ්ඩයට ලක් වූවාය.

අවසාන ගමන් ගිය නීලා එනම් තම බිරිඳ ගැන සරණපාල තිලකට හා ස්වර්ණාට කියන මේ දෙබසින් ‘අම්මා’ චිත්‍රපට අවසන් වෙයි.

ඒ.ඩී. රන්ජිත් කුමාර

Cast

Crew

Other Crew