Anda Nimdam

Anda Nimdam

Colour Yet to be released

Yet to be released

62.38% · 1,614 votes
Rate this film

Summary

NameAnda Nimdam
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryAction
Main Actor: Lal Weerasinghe Director: Lal Weerasinghe

Description

ජනප්‍රිය නළු ලාල් විරසිංහගේ මෙහෙයවීමෙන් ඉන්දු - ලංකා සම නිෂ්පාදනයක් ලෙස ‘අන්ධ නිම්දම්’ සිනමාපටයේ වැඩ ඇරඹිණි. ලාල් වීරසිංහ සහ කේ. යේසු සම අධ්‍යක්ෂණයක් ලෙස ගෙන එන නවතම සිනමාපටයේ මුහුරත් උලෙළ සහ රූපගත කිරීම් පසුගිය දින ආරම්භ විය. මෙය ලාල්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි.

සිංග මචං චාලි සිනමාපටයෙන් පසු මෙවර ඔහු රිදී තිරයට ගෙන එන්නේ නවතම තේමාවක් රැගත් ත්‍රාසය, භිතිය හා කුතුහලය පිරි කථාවකි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන තරුණ පවුලක් සහ ලාංකීක හමුදා නිලධාරියකුගේ පවුලක් අතර සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක එයින් ගෙන එයි. සිංහල සහ දමිල භාෂා ද්විත්වයෙන් ඉන්දීය සහ ලාංකික නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙති. ලාල් වීරසිංහ, කේ. යේ්සු, මංගලා ද සිල්වා සම නිෂ්පාදනයකි. බුද්ධික මංගල සහ මැක්ස් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, වේෂ නිරූපණය ඒ. ඩී. රාමු, කලා අධ්‍යක්ෂණය නාලක කුරුප්පුආරච්චි, සටන් අධ්‍යක්ෂණය එස්. මුරුගන් හා සෙන් ආරියන්, නිෂ්පාදන සම්බන්ධිකරණය මහේෂ් වනිගසූරිය, තාක්ෂණ උපකරණ සැපයීම ඩිල් ෆිල්ම් වෙනුවෙන් ප්‍රවීන් ජයරත්න ගෙනි. සංගීත අධ්‍යක්ෂණය අරුණගිරි සහ ගේය පද රචනය අරුන් භාර්ති, සංස්කරණය එල්. වී. කේ. දාස්, කොණ්ඩා සැකසුම කුමුදු ළමාහේවාගෙනි.

‘අන්ධ නිම්දම්’ හෙවත් ‘ඒ මොහොත’ කතාව, දෙබස්, තිර රචනය සඳුනි ජයපතිරණ සහ නිෂාලා නිශ්ශංකයි. පූර්ව සැලසුම් සහය අධ්‍යක්ෂණය දේවිකා කුමාරි සහ චාමර බලංගොඩගෙනි. නිශ්චල ඡායාරූප නිපුන් චාමින්දයි. ලාල් වීරසිංහ, රුද්‍රා, චන්න පෙරේරා, නොසින්, සංජනා නයිදු, ඩිලුක්සි වීරපෙරුම, රජිත හිරාන්, කුමාර ජයකාන්ත, අනුර බණ්ඩාර රාජගුරු, රජිත මෙල්ඩ රංගනයෙන් දායක වෙති.

Cast

Crew

Other Crew