අන්තෝනි

අන්තෝනි

Colour Digital

Film No: 31  ·  Released: 13 Mar 2026

0% · 0 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඅන්තෝනි
චිත්‍රපට අංකය31
තිරගත වූ දිනය13 Mar 2026
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතියDigital
චිත්‍රපට වර්ගයදමිළ
කාණ්ඩයනාට්‍යමය
සමාගමOsai Films
ප්‍රධාන නළුවා: Kayal Vincent ප්‍රධාන නිළිය: Saumi Munasin අධ්‍යක්ෂණය: Sukirthan Cristhuraja අධ්‍යක්ෂණය: Jenosan Rajeswar නිෂ්පාදනය: රමනදාස් සත්‍යනාදන් නිෂ්පාදනය: සුගන්දිනී

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

මෙරට සහ දකුණු ඉන්දියාවේ දමිළ සිනමා කර්මාන්තය තුළ වසර දහයකට අධික අත්දැකීම් සහිත සුකීර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනෝෂන් රාජේෂ්වර් දෙදෙනාම සහාය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන අතරතුර, ඔවුනගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් ‘අන්තෝනි’ හරහා අධ්‍යක්ෂවරුන් බවට පත් වී ඇත. සුකීර්තන් ක්‍රිස්තුරාජා නිෂ්පාදන සැලසුම්කරුවෙකු සහ ලේඛකයකු ලෙස කටයුතු කරන අතර, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් වන, බලා‍ජි ශක්තිවේල් සහ රංජිත් ජෝසප් සමග එක්ව ඔවුන්ගේ නිර්මාණයන් හා සම්බන්ධව කටයුතු කර ඇත . ‘ඕෂි -ද ඩාර්ක් නයිට්’, ‘ලුසී’ සහ ‘අධිරන්’ චිත්‍රපට සඳහා ඔහු දායකවී ඇත. ජෙනෝෂන් රාජේෂ්වර් , කාර්තික් සුබ්බරාජා මහතා යටතේ ස්ටෝන් බෙන්ච් ප්‍රඩක්ෂන් හී සේවය කරන අතර ‘නීලිරා’, ‘දෙයිව මචන්’ සහ ‘ඉරානි’ යන චිත්‍රපටිවල සහය සහය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිනමාවේ නව මංපෙත් සෙවූවෙකි. ඔහු මහජන සම්බන්ධතා සහ චිත්‍රපට බෙදා හැරීම පිළිබඳව ද ප්‍රවීණයෙකි.

Sarasaviya

ධීවර ප්‍රජාව පිළිබඳව දිගහැරෙන අනුවේදනීය හා මානුෂිකත්වය පෙරදැරි කරගත් මෙම කතාවට පසුබිම වන්නේ, යාපනයේ ගුරුනගර් සහ අල්ලයිපිඩ්ඩි යන වෙරළබඩ ධීවර ගම්මානයි. නොසන්සුන් රළ අතර දෝලනය වන ඔවුනගේ ජීවිතයන්හි එකම විශ්වාසය හා ඇදහිල්ල වන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන් වන අතර, ගමේ දේවස්ථානයේ පියතුමාගේ මග පෙන්වීම මත ඔවුන්ගේ ජීවිත හැඩගැන්වේ. මෙහි කතා නායකයා වන ඇන්තනි ධීවර කර්මාන්තයේ නිපුනයකු මෙන්ම, ධීවර ප්‍රජාවගේ හදවතේ වීරයාව සිටින්නෙකි. ඇන්තනිගේ බිරිඳ නාලිනී මවක් වන්නේ විවාහ වී වසර දහයකට පසුව, දෙවියන්ට කන්නලව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව ඔවුනගේ විස්වාසයයි. ධීවර ප්‍රජාවට ඔවුන්ගේම රිද්මයක් ඇත. මත්පැන්, රණ්ඩු දබරවීම් ඔවුනගේ ජීවිතයන්හි කොටසක්ව පවතී. ඇන්තනි පන්නයට යන්නේ ඔහුගේම කුඩා ඔරුවෙනි. ඔහු බිරිඳ හා දරුවා වෙත දක්වන්නේ අසීමිත සෙනෙහසකි . 25 හැවිරිදි තරුණයකු වන අශෝක් විශාල බෝට්ටුවකින් ධීවර වෘත්තීයේ නිරත වන්නෙකි. ඔහු වැඩිහිටි ධීවරයන් හට කිසිසේත් ගරු නොකරයි. බාස්කරන් නැමති ධනවත් ව්‍යාපාරිකයාගේ දියණියක වන කැරොලින් සමග අශෝක් ආදරයෙන් බැඳෙයි. මුහුදේ දී සිදුවන එක් අවාසනාවන්ත සිදුවීමකින් පසුව අශෝක් ඇන්තනි දෙස ගෞරවාන්විතව බැලීමට යොමු වෙයි. පසුව ඔවුන් මිතුරන් බවට පත්වීමෙන් අනතුරුව, අනපේක්ෂිත සිදුවීම් රැසක ආරම්භය සමඟින්, ඇන්තනි පවුල් ජීවිතය පවා උඩු යටි කුරු කරවන අයුරු අන්තෝනි තුළින් පෙන්වා දී ඇත.

Sarasaviya

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

බෙන්ස්ටන් ඇලෙක්ස්
නිෂ්පාදන කළමනාකරු බෙන්ස්ටන් ඇලෙක්ස්
රෙන්ජිත් වේනු ගෝපාල්
ශබ්ද පරිපාලක රෙන්ජිත් වේනු ගෝපාල්
එච්. සරවන කුමාර්
ශබ්ද පරිපාලක එච්. සරවන කුමාර්
ටී .උදය කුමාර්
ශබ්ද පරිපාලක ටී .උදය කුමාර්
ඒ. ඊ. ස්ටුඩියෝ
විශේෂ ප්‍රයෝග ඒ. ඊ. ස්ටුඩියෝ
කලයිවානිි
අංග රචනය කලයිවානිි
තරංගනී ආදර්ශ්
ඇඳුම් නිර්මාණය තරංගනී ආදර්ශ්
එන් නෙලෝන්
නිෂ්පාදන කළමනාකරු එන් නෙලෝන්
ලක්ෂාන් කුමාර්
නිෂ්පාදන කළමනාකරු ලක්ෂාන් කුමාර්
ආදිත්‍ය ක්‍රිෂ්ණන්
වර්ණ සංයෝජනය ආදිත්‍ය ක්‍රිෂ්ණන්
සුජිත් හයිදර් තාහා
ශබ්ද නිර්මාණය සුජිත් හයිදර් තාහා
සාරා මෝහන රාජා
උපසිරැසි සම්පාදක සාරා මෝහන රාජා
අනූෂා සිවලිංගම්
පද රචනය අනූෂා සිවලිංගම්
සුපුන් පෙරේරා
ගීත ගායනය සුපුන් පෙරේරා
තිවංක දිල්ශාන්
ගීත ගායනය තිවංක දිල්ශාන්
ප්‍රනීශා ත්‍යාගරාජා
ගීත ගායනය ප්‍රනීශා ත්‍යාගරාජා
රුවන් හෙට්ටිආරච්චි
ගීත ගායනය රුවන් හෙට්ටිආරච්චි
රිද්ම වීරවර්ධන
ගීත ගායනය රිද්ම වීරවර්ධන
නුවන්ධිකා සේනාරත්න
ගීත ගායනය නුවන්ධිකා සේනාරත්න
කිල්මිශා උදය සීලන්
ගීත ගායනය කිල්මිශා උදය සීලන්

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play