Asandhimiththa

Asandhimiththa

අසන්ධිමිත්තා

Colour

Film No: 1300  ·  Released: 22 Mar 2019

59.09% · 1,670 votes
Rate this film

Summary

NameAsandhimiththa / අසන්ධිමිත්තා
Film No1300
Released Date22 Mar 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyCine Sarasavi Production
Main Actor: W. Jayasiri Main Actress: Yashoda Wimaladharma Producer: H.D. Premarathna Director: Asoka Handagama

Trailer

Description

ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවට නව පරිච්ඡේදයක් එක් කරමින් අශෝක හඳගම තෙවැනි වරටත් ලොව ඒ ශ්‍රේණයේ සිනමා උලෙළක ප්‍රධානතම තරගකාරි අංශය නියෝජනයට සුදුසුකම් ලබයි. ඒ අනුව ඔහුගේ නවතම නිර්මාණය වූ අසන්ධිමිත්තා සිනමාපටය එස්තෝනියාවේ ටැලින් නුවරදී පැවැත්වෙන විසි දෙවැනි ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලැබිය. මේ සමඟ හැත්තෑ එක් වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අවස්ථා ත්‍රිත්වයකදී ෆිඇප්ෆ් අනුමත ලොව ඒ ශ්‍රේණියේ සිනමා උලෙළක ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට වරම් ලද මෙරට ප්‍රථම හා එකම සිනමා අධ්‍යක්ෂවරයා වශයෙන් හඳගම ජගත් සිනමා ඉතිහාසයට එක් විය. දෙදහස් පහ වසරේදී අක්ෂරය සිනමාපටය ජපානයේ ටෝකියෝ අන්තර් ජාතික සිනමා උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය යටතේ තිරගත කිරීමත් සමඟ පළමුවරට ෆිඇප්ෆ් අනුමත ලොව ඒ ශ්‍රේණියේ සිනමා උලෙළක ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගත් හඳගම දෙවැනි වරට එකී අවස්ථාවට හිමිකම් කියන්නේ 2015 වසරේ ඇගේ ඇස අග සිනමාපටය ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය යටතේ තිරගත කිරීමත් සමඟය.

අසන්ධිමිත්තා සිනමාපටය ඇතුළුව සිනමාපට 19 ක් මෙවර උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කරනු ලබයි. නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, අසන්ධිමිත්තා රංගනයෙන් හැඩ කරති. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. රවින්ද්‍ර ගුරුගේ අසන්ධිමිත්තා සංස්කරණය කොට ඇත. කපිල පූගලආරච්චි සංගීතයෙන් රස ගැන්වීය. උපුල් චමිල බණ්ඩාරගේ කලා අධ්‍යක්ෂණයකි. සමන් වික්‍රමආරච්චිගේ අසන්ධිමිත්තා නවකතාව මුල් කර ගනිමින් හඳගම තිර රචනා කොට ඇති අසන්ධිමිත්තා සිනමාපටය සිනෙ සරසවි නිෂ්පාදන වෙනුවෙන් එච්. ඩි. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. මෙම මස 16 වැනි දින ආරම්භ වූ ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළ එළඹෙන දෙසැම්බර් මස දෙවැනිදා සිට පැවත්වෙන අතර දින තුනකදී අසන්ධිමිත්තා චිත්‍රපටය මහජන ප්‍රදර්ශන වාර පැවැත්විණි.

Cast

Crew