BEND IN THE COFFIN

BEND IN THE COFFIN

Colour 35mm Yet to be released

Yet to be released

60.57% · 1,048 votes
Rate this film

Summary

NameBEND IN THE COFFIN
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Priyantha Sirikumara Main Actress: Kaushalya Fernando Director: Ilango Rama Producer: Hiranya Perera Producer: Nawaneetha Nachimuthu Producer: Pon Umapathi

Description

ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන BEND IN THE COFFIN චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය මැයි 13 වැනිදා පැවැත්විණි. දේශපාලන උපහාසයක් සහිත අඳුරු ප්‍රහසනයක් (ච්චපඬ ඛ්ධථඥඤර) වන මෙම චිත්‍රපටයට කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, චමිලා පීරිස්, සුලෝචනා වීරසිංහ, රංජිත් පනාගොඩ, ආලෝක ගයත්‍රි සහ සමන් කෝරල ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

චිත්‍රපට ප්‍රතිනිර්මාණයේදී මෙතෙක් මෙරට සිනමා ක්ෂේත්‍රයේ දැක ගත හැකි වූයේ වෙනත් රටවල නිර්මාණ ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කරන ආකාරයයි. නමුත් BEND IN THE COFFIN චිත්‍රපටය මෙම තත්ත්වය වෙනස් කිරීමේ සංධිස්ථායක් වනුයේ වෙනත් රටවලින් එහි ප්‍රතිනිර්මාණ බිහි කිරීමට සූදානමින් සිටීම සමඟිනි. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන චිත්‍රපට සමාගම්වලින් BEND IN THE COFFIN චිත්‍රපටය ඉන්දීය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වුවද මෙරට චිත්‍රපටයක් ලෙසින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අනතුරුව එය වෙනත් රටවල් කිහිපයකදී ප්‍රතිනිර්මාණ ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

BEND IN THE COFFIN චිත්‍රපටය නිෂ්පාදනය හිරණ්‍යා පෙරේරා ඇතුළුව නවනීතා නාචිමුතු, පොන් උමාපති සිදු කරන අතර නිරෝෂන් එදිරිමාන්න සහය අධ්‍යක්ෂණයෙන් ද අජන්ත අලහකෝන් නිෂ්පාදන නිර්මාණ සහ ඇඳුම් නිර්මාණයෙන්ද මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන්ද ආතන් සිවනන්තර් සංස්කරණයෙන්ද රාජිත දික්හින්න වේශ නිරූපණයෙන්ද දායක වී සිටිති. ඉලංගෝ රාම් රචනා කළ BEND IN THE COFFIN චිත්‍රපටය තිර රචන මට්ටමින් ඉන්දියාවේ ගෝවා හි ෆිල්ම් බසාර් සම නිෂ්පාදන වෙළෙඳපොළ සඳහා තෝරා ගෙන ඇත.කොරියාවේ භූසාන චිත්‍රපට වෙළෙඳ පොලද මෙම චිත්‍රපටය තෝරා ගෙන තිබේ.

Cast

Crew

Other Crew