Cyanide

Cyanide

සයනයිඩ්

Colour Digital

Film No: 1452  ·  Released: 26 Dec 2025

60.57% · 209 votes
Rate this film

Summary

NameCyanide / සයනයිඩ්
Film No1452
Released Date26 Dec 2025
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Raja Ganesan Director: Nalin Rajapaksha Producer: Nalin Rajapaksha

Trailer

Description

ජීවිතය කෙතරම් සාපේක්ෂ ද ? එක් නොසිතූ සිදුවීමකින් සියලුම සැලැස්මන් මොහොතකින් කණපිට පෙරළිය හැකිද?. "සයනයිඩ්" සිනමාපටය විශේෂ වන්නේ එය සතු ප්‍රේක්ෂකයා එකතැනම උස්සා පොලොවෙ ගැසීමේ හැකියාව නිසාය. සිනමාවේ ඊළඟ මිනිත්තුව මේයැයි සිතුවද ඊට බොහෝ වෙනස් වූ දෙයක් කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. අප බලාපොරොත්තුවෙන් සිටිනා සිනමාත්මක කුතුහලය ඒ තුල අපූරුවට දිස්වන බව පසුගියදා සයනයිඩ් විශේෂ ප්‍රදර්ශනයට සහබාගි වූ බැවින් අවබෝධවිනි. දැන් සයනයිඩ් ඔබ සඳහා දිවයිනපුරා සිනමාශාලාවන් රැසක ප්‍රදර්ශනය අරඹා ඇත.

ආරම්භක මිනිත්තු කිහිපය තුලම යුද්ධයේ අනිටු විපාකයන් හා අතීතයේ අමතක නොකලයුතු නැවත නොසිද්දවියයුතු සිද්දීන් කිහිපයක් නිරායසයෙන් මවාපා ඇත්තේ එය චිත්‍රපයටයට නැතිවම බැරි දෙයක් නිසා යැයි මට හැගේ. රාජා ගනේශන්, ගීතා කාන්ති, ජගත්,රනීශ් හා ප්‍රකාශ් ගේ රංගනයන් හා ඉන්දියාවේ තාත්වික ,සුන්දර දර්ශන තල අප තුල ඇතිකල අව්‍යාජ හැඟීම අවසානය දක්වාම නරඹන්නා රඳවා ගැනීමට සිනමා පටයතුල සමත්වී ඇත.

කාල රාමු කිහිපයක් හරහා දැනුම් දීමකින් තොරවම දිව ගිය සිදුවීම් පෙළ, සංකීර්ණ නොවන සරල උත්සාහයක් හරහා පෙළගස්වා ගැනීමට ප්‍රේක්ෂකයාට සිදුවේ. එමගින් නරඹන්නා චිත්‍රපටය සමඟින් රඳවා ගැනීමක් නිරුත්සාහිකව සිදුවිය. අවසානයේ වෙරළෙහි සිදුවන ගැටුම මගින් හා රාත්‍රියේ සිදුවන අනපේක්ෂිත සටන චිත්‍ර පටයේ රිද්මය නරඹන්නාට ඒකාකාරී නොවන ලෙස බිඳදැමීය.

අපූරු කැමරා කෝණ, ඩ්‍රෝන දර්ශන හැඟීම් තීව්‍ර කරන පසුබිම් සංගීතය, විසිතුරු තමිල්නාඩු චිත්‍රපට වර්ණයන් පදමට මුසු වෙමින් අපූරු , නව්‍ය, අමු සිනමාවක් ඔබට තිළිණ කරවයි.

අනුමාන කළ හැකි අවසානයක් අවසන් මොහොතේ නොසිතූ ලෙස වෙනස් කිරීමට නලින් රාජපක්ෂ සමත් වී ඇත.

වර්ධරාජාද, ජනමාධ්‍යවේදියාද, ත්‍රස්තවාදියාද එකම පොළොවකට හිමිකම් කියන එකලේ මස් සමින් පිරි මනුෂ්‍යයන් පමනක් බවත්, අවසානය කියයි.කෙසේ වුවද කලකට පසුව සිනමා පටයෙන් පසුවද අසුනින් නොනැගිට තිරය දෙස බලා සිටීමට ඔබ සැමට සිදුවන්නේ සිනමාවේ විශ්මිතබව හා මේ සියලු දෑ මේ මහ පොළොවේම සිදූවී ඇතිබව පසක්වීම මොනවට කියා පාමිනි. අතීතයේ සැගවීතිබූ මෙම කතාව හරහා ලංකාවේ මෑත අතීතයේ බොහෝ සිදුවීම් සිහියට එන බැවින් මෙය සෑම ලාංකිකයෙක්ම රසවිදියයුතු නිර්මානයක් වන බව මගේ හැගීමයි.

සයනයිඩ් කාලයකින් නැරඹූ අමු ෆිලුමකි.

එල්. ටී. ටී. ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේදී මුළු රටේම ආරක්ෂක විධිවිධාන තරකර තිබුණු අතර,එම කාලය සියම ජනතාවට අභියෝගකාරී සමයක්ම විය. “දිනු ජය” පුවත්පතෙහි දේශපාලන පුවත් වාර්තාකරුවෙකු ලෙස සහන් සේවයේ නිරතව සිටින්නෙකි.එහි ප්‍රධාන කර්තෘගේ උපදෙස් මත ඊ.ජීආර්. එල්.එෆ්. සංවිධානයේ හිටපු නායක පද්මනාබා ගේ ඝාතනය සම්බන්ධ වර්තාවක් සැකසීම සඳහා ඉන්දියාවට යාමට සහන්ට සිදුවෙයි.දේශපාලන විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වන විශ්වජිත් මහතාව මුණගැසෙන සහන්, තම රාජකාරිය සඳහා ඔහුගේ සහයෝගය බලාපොරොත්තු වෙයි. මහාචාර්යවරයා විසින් ඉන්දීය රහස් ඔත්තු සේවයේ සංදීප් නැමැත්තාව සහන්ට හඳුන්වා දෙනු ලබයි. සංදීප් විසින් වාර්තාවට අදාළ වැදගත් තොරතුරු රැසක් ඔවුනට ලබාදෙන අතර, ඉන්දියාවේ වෙසෙන තම්බි දොරේ නැමති එල්.ටී.ටී.ඊ.සාමාජිකයා විසින් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ වත්මන් නායකයා වන වර්ධරාජා පෙරුමාල්ව ඉන්දියාවේදී පැහැර ගැනීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු අනාවරණය කරයි. මහාචාර්ය විස්වජිත් මෙන්ම සහන්ව දඩයම් කිර්මට තම්බි දොරේ ඇතුළු කණ්ඩායමක් උත්සාහ දැරීමේ ප්‍රයන්නය වටා මෙහි කතාව නිර්මාණය වී ඇත.

Cast

Crew

Other Crew