Dada Ima

Dada Ima

දඩ ඉම

Colour

Film No: 1370  ·  Released: 28 Apr 2023

59.89% · 1,820 votes
Rate this film

Summary

NameDada Ima / දඩ ඉම
Film No1370
Released Date28 Apr 2023
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Jackson Anthony Main Actress: Swarna Mallawarachchi Director: Neomal Perera

Description

රත්මලි කැකූණාවල නම් ශිෂ්‍යාව ව්‍යාජ ලෙස රවටා පසුව අමානුෂික ලෙස ඝාතනය කර ප්‍රියංකර ජයනාත් අතර වු ඛේදවාචක වෟත්තාන්තය, වසන්ත ඔබේසේකර විසින් 1983 දඩයම ලෙස තිරගත කළත්, රත්මලි ඇතුළු කැකූලාවල පවුලට වු මෙම අමිහිරි අවසානය, තවමත් අමතක කළ නොහැකිය. එපමණක්ද නොව, දඩයම අවසානයේදී ප්‍රියංකරට සිදුවුයේ කුමක් දැයි නොදන්නා අපි අදටත් ඔහු දඩයම ජයගත්තා ද යන කුතුහලයෙන් සිටින්නෙමු.

රත්මලීගේ අභිරහස් මරණයෙන් පසු, ඇගේ වැඩිමහල් සහෝදරිය රෝහිණි, අවුරුද්දක් පමණැති රත්මලීගේ පුතා, රවිනාත් කැකුලාවල රැගෙන යුරෝපයට වි ජිවත් වනුයේ තම මව්බිමට නැවත ඒමට ඇති බිය සහ පිළිකුල් අතීතය නිසාය. රවිනාත්ගේ සැබෑ අතීතය රවිනාත් ගෙන් වසන් කරන රෝහිණී, ඇගේම කුස උපන් දරුවා ලෙස ඔහු රැකබලා ගනි. එදා දඩයම ජයගත්තත්, නීතියට ද වැලිගසා වසර තිස් ගණනක් ප්‍රියංකර ජයනාත් කෙහේ දැයි කවුරුවත් නොදැන සිටියේ ඔහු ලංකාවෙන් අතුරුදන් වී සිටි හෙයිනි. නමුත් මැතකදී ලංකාවට නැවත පැමිණ ඇති ඔහු, අද ජනාධිපති නිතීඥ කීර්ති ගජනායක ලෙස අලුත් මුහුණුවරකින් ප්‍රසිද්ධියට පත් වි ඇත.

රවීනාත් වෘත්තියෙන් පියානෝ වාදකයෙකි. ඔහු ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන්නේ නව මුහුණුවරකින් පැවැත්වෙන ප්‍රසංගයක වාදනය කිරීමට ලද ආරාධනාවකටය. රවීනාත් තනිවම ලංකාවට ඒම සම්බන්ධව අසතුටින් වුවද රෝහිණි ඒ ගමනට එකඟවන්නේ ඔහුගේ බලවත් ඉල්ලීමටය. ලංකාවට පැමිණෙන රවීනාත්ට කවරකුවත් නොසිතන අයුරින් කීර්ති ගජනායකව මුණ ගැසෙයි. එහිදී ඔහුට තමා නොදත් අතීතය අනාවරණය වෙයි. කිසිදු දිනකවත් ලංකාවට නොඒමට තීරණකර සිටියත් රෝහිණිටද තම පුතු වෙනුවෙන් ඒමට සිදු වනුයේ පුතාගෙන් අතීතය සඟවා තැබිමට පමණක් නොව, ඇගේ අතීතයෙන් ද අය විය යුතු දඩය ලබා ගන්නා අටියෙනි. එදා දඩයක්කාරිය වු රත්මලී දඩයම් වුවත් දඩබිමක් හැමදාම ඒකාකාර වේවීද? එදා දඩයම ජයනාත් ජයගත්තත් මෙවර කිර්ති, රෝහිණි සමග කෙසේ ගනුදෙනු කරයි ද? රවිනාත්ගේ දිග හැරෙන අතීතය ඔහුගේ අනාගතයට කෙසේ බලපැමක් ඇති කරයි ද? කුමන තරාතිරමක අයෙක් කවර අපරාධයක් කළත් දෛවය විසින් ඊට දඩුවම් නොදිසිටියිද? දඩඉම සිනමාපටයෙන් ගෙනහැර පාන්නේ එයයි.දඩඉම කතා සංකල්පය, තිරරචනය, කලා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂණය වෛද්‍ය නෙඔමාල් පෙරේරා විසිනි.

ප්‍රසාද් සමරතුංග

Cast

Crew

Other Crew