Dekala Purudu Kenek

Dekala Purudu Kenek

දැකලා පුරුදු කෙනෙක්

Colour

Film No: 1298  ·  Released: 08 Mar 2019

59.53% · 1,734 votes
Rate this film

Summary

NameDekala Purudu Kenek / දැකලා පුරුදු කෙනෙක්
Film No1298
Released Date08 Mar 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Bimal Jayakody Main Actress: Samadhi Laksiri Producer: Malith Hagoda Producer: Lal Hagoda Director: Maith Hegoda

Trailer

National Awards

For Artists

1 Most Promising Director 4th Derana Film Awards 2016 - 2016 Malith Hagoda

Description

පසුගිය සරසවිය සම්මාන උලෙළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය 2017 හිමිකර ගත් මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකලා පුරුදු කෙනෙක් සිනමාපටය එළැඹෙන මාර්තු 08 වැනි දින සිට සී.ඊ.එල්. සිනමා මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට නියමිතය. මෙය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමා නිර්මාණය යි.

දැකලා පුරුදු කෙනෙක් සිනමා පටයේ සමාධි ලක්සිරි , බිමල් ජයකොඩි,ජගත් මණුවර්ණ, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහගමගේ, දයාදේව එදිරිසිංහ, අතුල පතිරණ, නදී කම්මැල්ලවීර, ආනන්ද ප්‍රේමලාල්, කුෂේන්යා සයුමි ෆොන්සේකා ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

කැමරා අධ්‍යක්ෂණය එම්.ඩී. මහින්දපාල ගෙනි. කැමරා හැසිරවීම චින්තක සෝමකීර්ති, සහය අධ්‍යක්ෂණය දමින්ද මඩවල, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, අංග රචනය පි‍්‍රයන්ත දිසානායක, සංගීත අධ්‍යක්ෂණය රුවන් වල්පොල, ශබ්ද පරිපාලනය සසිකරුවන් මාරසිංහ විසිනි. රසාංග දිසානායක, මොහොමඩ් ඇඩමලි, නදීරා ඇඩමලි සම නිෂ්පාදකවරුන්ය. ලාල්හෑගොඩ සහ මලිත් හෑගොඩ දැකලා පුරුදු කෙනෙක් නිෂ්පානදනය කොට තිබේ.

Cast

Crew

Other Crew