Deveni Yuddhaya

Deveni Yuddhaya

දෙවැනි යුද්ධය

Colour

Film No: 1371  ·  Released: 04 May 2023

60.01% · 1,568 votes
Rate this film

Summary

NameDeveni Yuddhaya / දෙවැනි යුද්ධය
Film No1371
Released Date04 May 2023
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Pubudu Chaturanga Main Actress: Udari Warnakulasuriya Producer: Keeth Ranga Producer: Channa Obeysekara Producer: Rajiv Siwadasan Director: V. Siwadasan

Trailer

ගේ දොර, ඉඩකඩම්, යාන වාහන කොතෙක් තිබුණ ද තනිකම ඒ කිසි දෙයකටවත් මකා දැමිය නොහැකිය. සුවිසල් නිවසේ තට්ට තනිවම දිවි ගෙවන කමල් සූරිය බණ්ඩාරට ද එම කාරණාව පොදු එකක් විය. ඔහු සෙමින් තම අතීතය ආවර්ජනය කළේය. කලකට ඉහත තමන් මීට හාත්පසින්ම වෙනස් ජීවිතයක් ගත කළා නොවේදැයි කමල්ට සිතිණ. ඒ සෑම දෙයක්ම කනපිට පෙරළෙන්නේ ඔහුගේ බිරියගේ අභාවයත් සමඟය. ඉන්පසුව කමල් එතරම් සමාජයට මුහුණ නොදුන්නේය. බිරිය පිළිබඳ ඇතැමුන් විමසද්දී ඊට පිළිතුරු දීම ඔහුට මහත් වූ කරදරයක් විය.

කමල්ට ප්‍රදීප් නමැති මිතුරෙකු සිටියේය. මහේෂි සහ ඇගේ පියා කමල්ගේ නිවසට ගෙන එන්නේ ප්‍රදීප්ය. මහේෂි තම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් නිස්කලංක තැනක් සොයමින් සිටියාය. කමල්ගේ නිවස ඊට කදිමය. එය සොයා දුන්නේ මහේෂිගේ මිතුරු පොලිස් නිලධාරියෙකි. මහේෂි සමඟ ඇගේ පියා ද එහි ආවේය. දින කිහිපයක් ගෙවී ගියේය. කමල්ගේ තනිකඩ දිවිය මහේෂිට මහත් වූ කුතුහලයක් ගෙන එන්නක් විය. ඇය ඒ පිළිබඳ කමල්ගෙන් අසන්නේ බැරිම තැනය. මහේෂි ගැන විශ්වාසය තබන කමල් තමන්ගේ ජීවිත කතාව පවසන්නට පටන් ගත්තේය. බිරිය මිය ගිය බව ද කතාවේ අතරමගදී මහේෂිට කමල් කීවේය. මහේෂිගේ පියාට ද ඇය කමල්ගේ කතාව කීවාය. දෙදෙනා සංතාපයට පත් විය. එහෙත් සියල්ලන් අන්දමන්ද කරමින් කමල්ගේ මියගිය බිරිය නැවත පැමිණියාය. එය සිදු වූයේ කෙසේද, එය අද්භූත සිදුවීමක් නෙවේද?

ප්‍රසාද් සමරතුංග

Cast

Crew

Other Crew