දෙවැනි යුද්ධය

දෙවැනි යුද්ධය

Colour

Film No: 1373  ·  Released: 04 May 2023

60.01% · 1,568 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමදෙවැනි යුද්ධය
චිත්‍රපට අංකය1373
තිරගත වූ දිනය04 May 2023
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: පුබුදු චතුරංග ප්‍රධාන නිළිය: උදාරි වර්ණකුලසුරිය නිෂ්පාදනය: Keeth Ranga නිෂ්පාදනය: Channa Obeysekara නිෂ්පාදනය: Rajiv Siwadasan අධ්‍යක්ෂණය: වී. සිවදාසන්

පූර්ව ප්‍රචාරක පටය

ගේ දොර, ඉඩකඩම්, යාන වාහන කොතෙක් තිබුණ ද තනිකම ඒ කිසි දෙයකටවත් මකා දැමිය නොහැකිය. සුවිසල් නිවසේ තට්ට තනිවම දිවි ගෙවන කමල් සූරිය බණ්ඩාරට ද එම කාරණාව පොදු එකක් විය. ඔහු සෙමින් තම අතීතය ආවර්ජනය කළේය. කලකට ඉහත තමන් මීට හාත්පසින්ම වෙනස් ජීවිතයක් ගත කළා නොවේදැයි කමල්ට සිතිණ. ඒ සෑම දෙයක්ම කනපිට පෙරළෙන්නේ ඔහුගේ බිරියගේ අභාවයත් සමඟය. ඉන්පසුව කමල් එතරම් සමාජයට මුහුණ නොදුන්නේය. බිරිය පිළිබඳ ඇතැමුන් විමසද්දී ඊට පිළිතුරු දීම ඔහුට මහත් වූ කරදරයක් විය.

කමල්ට ප්‍රදීප් නමැති මිතුරෙකු සිටියේය. මහේෂි සහ ඇගේ පියා කමල්ගේ නිවසට ගෙන එන්නේ ප්‍රදීප්ය. මහේෂි තම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් නිස්කලංක තැනක් සොයමින් සිටියාය. කමල්ගේ නිවස ඊට කදිමය. එය සොයා දුන්නේ මහේෂිගේ මිතුරු පොලිස් නිලධාරියෙකි. මහේෂි සමඟ ඇගේ පියා ද එහි ආවේය. දින කිහිපයක් ගෙවී ගියේය. කමල්ගේ තනිකඩ දිවිය මහේෂිට මහත් වූ කුතුහලයක් ගෙන එන්නක් විය. ඇය ඒ පිළිබඳ කමල්ගෙන් අසන්නේ බැරිම තැනය. මහේෂි ගැන විශ්වාසය තබන කමල් තමන්ගේ ජීවිත කතාව පවසන්නට පටන් ගත්තේය. බිරිය මිය ගිය බව ද කතාවේ අතරමගදී මහේෂිට කමල් කීවේය. මහේෂිගේ පියාට ද ඇය කමල්ගේ කතාව කීවාය. දෙදෙනා සංතාපයට පත් විය. එහෙත් සියල්ලන් අන්දමන්ද කරමින් කමල්ගේ මියගිය බිරිය නැවත පැමිණියාය. එය සිදු වූයේ කෙසේද, එය අද්භූත සිදුවීමක් නෙවේද?

ප්‍රසාද් සමරතුංග

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play