Doosra

Doosra

දූස්රා

Colour

Film No: 1412  ·  Released: 09 Aug 2024

61.09% · 623 votes
Rate this film
Special Message

වැඩිහිටියන්ට පමණයි

Summary

NameDoosra / දූස්රා
Film No1412
Released Date09 Aug 2024
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyMagic Lantern
Main Actor: Sajitha Anuththara Main Actress: Thilakshini Rathnayake Director: Channa Deshapriya Producer: Lakshan Abeynayake Producer: Marc Tessier

Trailer

Description

අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළයන් ත්‍රිත්වයක් නියෝජනය කරමින්, සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා නිර්මාණය ‘දූස්රා’ එළැඹෙන අගෝස්තු 09 වන දින සිට එම්. පී. අයි. සිනමා මණ්ඩලය ප්‍රධානව දිවයින පුරා සිනමා ශාලාවන්හී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව ඇත. ප්‍රංශ සිනමාවේ ලාංකීය අනන්‍යතාවය තහවුරු කළ ලක්ෂාන් අබේනායක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිංහල සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ ද දූස්රා තුළිනි. ඔහු සමඟින් තිලක්ෂිණී රත්නායක, සජිත ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ති රන්වල, ස්ටීව් ඩිලා සිල්වා, නදීෂානි පේලිආරච්චි, ජයනාත් බෝදාහන්දි, රුවන් මදනායක, රෝහිත් මාන්නගේ, සමන්ත පරණලියනගේ සහ තරිඳු කාවින්ද ගමගේ ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ රංගන දායකත්වය ලබා ඇති මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, ගී පද රචනයෙන් අශෝක හඳගම, ගීත ගායනයෙන් රෝහිත ජයලත් (ජය ශී‍්‍ර) සමඟින් නිපුණි සාරදා, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රසන්න කිතලගම, නිෂ්පාදන කළමනාකරණයෙන් ප්‍රවීන් රණසිංහ හා සම නිෂ්පාදනයෙන් හෂානි කිතලගම එක්වන ‘දූස්රා’ මාක් ටෙසියර් සමඟින් ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙසින් තිරගත වනු ඇත.

Cast

Crew

Other Crew