තොරතුරු
Doosra / දූස්රා
[ Colour ]
චිත්‍රපට අංකය : 1398
නිකුත් වූ දිනය : 2024-08-09
59.210526315789
59% |   76  Vote(s) | Vote Here
1 2 3 4 5
 
වැඩිහිටියන්ට පමණයි
 
සාරාංශය

Doosra / දූස්රා
චිත්‍රපට අංකය : 1398
නිකුත් වූ දිනය : 2024-08-09
වර්ණමානය : Colour
වර්ගය :
සමාගම : Magic Lantern
ප්‍රධාන නළුවා : සජිත අනුත්තර ඇන්තනී
ප්‍රධාන නිළිය : Thilakshini Rathnayake
අධ්‍යක්ෂණය : Channa Deshapriya
නිෂ්පාදනය : Marc Tessier
නිෂ්පාදනය : Lakshan Abeynayake

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළයන් ත්‍රිත්වයක් නියෝජනය කරමින්, සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා නිර්මාණය ‘දූස්රා’ එළැඹෙන අගෝස්තු 09 වන දින සිට එම්. පී. අයි. සිනමා මණ්ඩලය ප්‍රධානව දිවයින පුරා සිනමා ශාලාවන්හී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව ඇත. ප්‍රංශ සිනමාවේ ලාංකීය අනන්‍යතාවය තහවුරු කළ ලක්ෂාන් අබේනායක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිංහල සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ ද දූස්රා තුළිනි. ඔහු සමඟින් තිලක්ෂිණී රත්නායක, සජිත ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ති රන්වල, ස්ටීව් ඩිලා සිල්වා, නදීෂානි පේලිආරච්චි, ජයනාත් බෝදාහන්දි, රුවන් මදනායක, රෝහිත් මාන්නගේ, සමන්ත පරණලියනගේ සහ තරිඳු කාවින්ද ගමගේ ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ රංගන දායකත්වය ලබා ඇති මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, ගී පද රචනයෙන් අශෝක හඳගම, ගීත ගායනයෙන් රෝහිත ජයලත් (ජය ශී‍්‍ර) සමඟින් නිපුණි සාරදා, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රසන්න කිතලගම, නිෂ්පාදන කළමනාකරණයෙන් ප්‍රවීන් රණසිංහ හා සම නිෂ්පාදනයෙන් හෂානි කිතලගම එක්වන ‘දූස්රා’ මාක් ටෙසියර් සමඟින් ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කර ඇත. මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙසින් තිරගත වනු ඇත.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Channa Deshapriya
නිෂ්පාදනය
Marc Tessier
නිෂ්පාදනය
Lakshan Abeynayake
කැමරාකරණය
Dhammika Rathnayake
සංස්කරණය
Tissa Surendra
සංගීත අධ්‍යක්ෂණය
Chinthaka Jayakody
සහාය නිෂ්පාදනය
Hashani Kithalagama

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Daminda D. Madawala
නිෂ්පාදන කළමනාකරු
Praveen Ranasinghe
තිර නිෂ්පාදනය
Prasanna Kithalagama
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS