Eka Heenehi Paata Godai

Eka Heenehi Paata Godai

එක හීනෙහි පාට ගොඩයි

Colour Yet to be released

Yet to be released

62.9% · 697 votes
Rate this film
Special Message

මාලක වීරවර්ණකුලගේ කුළුඳුල් සිනමා නිර්මාණය

Summary

NameEka Heenehi Paata Godai / එක හීනෙහි පාට ගොඩයි
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama

Description

පෙළින් පෙළට ඉගිලී යන පාට පාට සමනල්ලු වගේ තමයි පුංචි පුංචි හීන දකින පුංචි ළමයි. සිහින කියන්නේ, පාසල් අධ්‍යාපනය හදාරමින් ගම්මානයක දිවි ගෙවන දුප්පත් අහිංසක වගේම ඉගෙන ගැනීමට දක්ෂ දරුවෙක්. සිහිනගේ තාත්තා මිය යන්නේ එයා පුංචි කාලයේදීමයි. අසනීපයෙන් පසුවුණ තාත්තාව බේරගන්න, සිහිනගේ අම්මා – සඳවතී නොගත් උත්සාහයක් නොමැති තරම්. සිහිනගේ තාත්තා මිය යද්දි එයාලගේ ගේයි ඉඩමයි ගමේ ඉන්න යාළු මාර මුදලාලිට උකස් කරලා මුදල් අරගෙන තිබුණේ. ඒ මුදලාලි ඒ තරම් හොඳ කෙනෙක් නොවෙයි. මුදලාලිගේ පුතා කසුන් ඉගෙන ගන්නෙත් සිහිනගේ පන්තියේමයි. මේ තාත්තා සහ පුතාගෙන් සිහිනලාට හරියට හිරිහැර කරදර සිදු වෙනවා. මේ දෙන්නා සිහිනගේ ඉගෙනීම කඩාකප්පල් කරන්න නිතරම උත්සාහ කරනවා. සිහින හැම වාරෙකම පන්තියේ පළවෙනියා. මුදලාලි හදන්නේ සිහිනගේ පාසැල් ගමන නතර කරලා, මුදලාලිගේ වත්තේ වැඩට ඔහුව ගෙන්වාගන්න. ඔය අතරේ තමාගේ අම්මට පිළිකාවක් තියෙන බව දැන ගත් සිහින ගොඩක් අසරණ වෙනවා. දිනක් රෝගය උත්සන්න වුණ මොහොතක සඳවතීව රෝහල් ගත කරනවා. එහිදී අවශ්‍ය බෙහෙතක් රැගෙන ඒමට ගොස් පැමිණෙන විට සඳවති මිය ගිහින්. ගුරුවරුන්ගේ උදව්වෙන් සිහින ඉගෙන ගන්නවා. මුදලාලි මුල් ගුරුතුමාට බලපෑම් කරනවා සිහිනව පාසැලෙන් ඉවත් කරන ලෙසට. අසරණ වීම් හා කරදර බාධක මැද දිවි ගෙවන සිහිනගේ අනාගතය කුමන දිසානතියකට යොමුවේ ද යනු මෙතුළින් පෙන්වා දී ඇත.

තම කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙසින් “එක හීනේ පාට ගොඩයි” රැගෙන සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන මාලක වීරවර්ණකුල, කැලණිය විශ්ව විද්‍යාලය, වයඹ ජාතික අධ්‍යාපන පීඨය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යාර්ථයෙක්ද වන අතර, වර්තමානයේ ශ්‍රේණිධාරි විදුහල්පතිවරයකු ලෙස සේවයේ නිරතව සිටී. පාසල් අධ්‍යාපන අවධියේ සිටම කලාවට ඇලුම් කළ මාලක, කලක් නාට්‍ය හා රංගකලා ගුරුවරයෙකු ලෙසද සේවය කර ඇත. එයින් ලද ආභාසය හා උනන්දුව මත ජාතික තලයේ නාට්‍ය තරගාවලි රැසක් ජයග්‍රහණය කරන්නට ඔහුට හැකියාව ලැබී ඇත. “හීන ගොඩයි”, “මැජික් සීයාගේ සතුටු කරත්තය”, “පාර කියන මල් කුමාරි”, “කහ ඉර මෙතනයි”, “තරහා වෙන්න එපා යාළු” වැනි වේදිකා නාට්‍ය නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කරමින් වේදිකාගත කිරීමෙන් අනතුරුව ඔහු හදාළ කලාවේ කූට ප්‍රාප්තිය ලෙසින් “එක හීනෙහි පාට ගොඩයි” නිර්මාණය වී ඇත.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew