Giniyam Yamaya

Giniyam Yamaya

Colour Yet to be released

Yet to be released

57.91% · 1,427 votes
Rate this film

Summary

NameGiniyam Yamaya
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Chameera Liyanage Main Actress: Nayomi Thakshila Producer: Prince Wickramanayake Director: Rihan Ravindra

Description

වෘත්තීය ඡායාරූප ශිල්පියකු වන චරිත් සොඳුරු ගම් පියසකට පා තබන්නේ විචිත්‍රවත් සේයා රූ කිහිපයක් සිය උප නෙතෙහි සටහන් කර ගැනීමටය. මේ සංචාරය අතරතුරදී හමුවන ගඟක් අයිනේ නවතා තිබූ ඔරුවකට ගොඩ වන ඔහු තොටියාට පවසන්නේ ගඟෙන් එගොඩට තමන් ඇරලවන හැටියටය. ක්‍රමයෙන් ගඟ මැදට එද්දී චරිත්ගේ කැමරාවෙහි අපූරු ඡායාරූප කිහිපයක් නාභිගත වෙයි. ගඟේ ඉවුරේ මනස්කාන්ත දසුනක් නෙත ගැටෙන ඔහු ඒ දෙසට කැමරාව හරවා කැමරාවේ බොත්තම ඔබයි. ක්ෂණයකින් ගඟෙහි ගිලී නාමින් සිටි තරුණියක මතු වෙයි. කිසිවෙකුත් නොසිතූ පරිදි ඇය ඇඳ සිටි දිය රෙද්ද මඳක් පහතට වී පියයුරු නිරාවරණය වේ. චරිත්ගේ කැමරාවේ සටහන් වන්නේ ඇයගේ එකී ස්වරූපයේ සේයාරුවයි. තමන් ඡායාරූපයට නඟාගත් බව දැන ගත් චමලි නමැති ඇය දුව යන්නේ ඇගේ අයියා ලගටය. ඔහු ටයගර් සමන්ය. දන්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපෙන ටයිගර් සමන් චරිත්ව සොයා යයි. ඔහුගේ ඉරණම කෙබඳු වීද. ගිනියම් යාමය නමැති සිනමාපටය දිග හැරෙන්නේ එකී කතාවත් සමඟිනි. සහාය අධ්‍යක්ෂවරයකු, තිර රචකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසට වඩාත් ප්‍රකට රිහාන් රවීන්ද්‍ර සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වන්නේ මෙම සිනමාපටය සමඟිනි.

Cast

Crew

Other Crew