Hola

Hola

හෝලා

Colour 35mm Yet to be released

Yet to be released

61.79% · 1,365 votes
Rate this film

Summary

NameHola / හෝලා
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Udith Fernando Main Actress: Gayathri kanchanamala Director: Nalaka Withanage Producer: Ramesh Dilshan Producer: Prasanna Jayasuriyage

විහාරමහා දේවී උද්‍යානය වෙනදාට වඩා අද ජනාකීර්ණය. ඒ එදින ඉරිදාවක් වූ නිසාය. නොයෙක් ජනයෝ ඇවිත් රිසි පරිදි මේ භූමියේ ඇවිදිති. ඇතැම්හු බිම වාඩිවී ආහාර පාන ගනිමින් සිටිති. සමහර දුවා දරුවෝ මවුපිය දෑතින් මිදී හිතේ හැටියට කෙළි සෙල්ලම් කරති. ඔය අතරේ මෙතැන සිටිනා තරුණයෙකි. ඔහුගේ නම අර්ජුනය. අර්ජුන උද්‍යානයට පැමිණියේ තනිවම නොව තම පවුල සමඟිනි. අර්ජුනගේ දියණියට අයිස්ක්‍රීමක් ගන්න මුදල් ලැබුණේ සෑහෙන්න වෙලාවක් යනතුරු පියාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ඇය මිටින් හළ කිරිල්ලියක පරිදි දුව ගියාය. ඒ මොහොතේ එක්තරා තරුණියක් මෙතැනට පැමිණෙයි. ඇය ට්‍රේසිය. සුරූපිනියකවූ ඇය දෙස නොයෙක් දෙනා හොරෙන් බලන අන්දමක් පෙනිණ. එහෙත් ඇය දැකීමෙන් අර්ජුන මහත්වූ කලබලයකට පත් වෙයි. ට්‍රේසිගේ නෙතට අර්ජුන හසු වන්නේ ඔය මොහොතේය. ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ බලා සිටිති. ක්‍රමයෙන් අතීත කතාවක් මතක් වෙයි. අදින් අවුරුදු කිහිපයකට ප්‍රථම අර්ජුන පෙම්වතෙක්ව සිටියේය. මැණික් නමැති තරුණියක් ඔහු විවාහ කර ගන්නට සූදානමින් පසුවෙයි. වෘත්තියෙන් කලාකරුවෙකු වූ අර්ජුනට ස්ථිර රැකියාවක් නොමැති වීම මැණික තිබූ එකම ප්‍රශ්නය විය. වරින්වර ඇය අර්ජුනගෙන් ඒ පිළිබඳ විමසීය. නිදහස් කලාකරුවෙකු ලෙස ජීවිතය ගෙනයාමට ප්‍රිය කළ අර්ජුනගෙන් එකී පැනය නිතරම මැණික් විමසන්නීය. එය අර්ජුනට හිසරදයකි. දිනක් එම කතාබහ උත්සන්න විය. ගමනක් යමින් සිටි අතරතුර දී ඇති වූ එම බහින් බස් වීම නිසා අතර මඟ අර්ජුන දමා මැණික් පිටත්ව ගියාය. අති සුඛෝපභෝගී බෙන්ස් රථයකින් ට්‍රේසි පැමිණෙන්නේ ඔය මොහොතේදීය. දෙදෙනාට දෙදෙනා හඳුනා ගන්නා ඔවුන් නිදහසේ ඇවිදින්නට පටන් ගනිති. ට්‍රේසි සහ අර්ජුන අතර ක්‍රමයෙන් ප්‍රේමයක් ලියලයි. කාලය ගෙවී යද්දී ඒ දෙදෙනාට වරින් වර ප්‍රශ්න ගැටලු මතුවෙයි. ඒවාට උත්තර සොයමින් ට්‍රේසි සහ අර්ජුන කාලය ගත කරති. නුවර ප්‍රදේශයේ චාරිකාවක නියැළෙමින් සිටියදී ඔවුන්ගේ ජීවිතයට පැමිණෙන වසන්ත නැමැති කෙනෙකු නිසා මෙතෙක් නිදහසේ ගෙවා දැමූ ට්‍රේසි සහ අර්ජුනගේ ජීවිතය කණපිට හැරේ. එතැන් පටන් සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් පෙළකි.

Cast

Crew

Other Crew