Hora Uncle

Hora Uncle

හොරා අංකල්

Colour

Film No: 1409  ·  Released: 08 Aug 2024

59.63% · 1,751 votes
Rate this film

Summary

NameHora Uncle / හොරා අංකල්
Film No1409
Released Date08 Aug 2024
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids
Main Actor: Mahendra Perera Main Actress: Dulani Anuradha Producer: Saman Dharmawansha Director: Harshana Wickramasinghe

Trailer

Description

හර්ෂණ, හොරා අංකල් සිනමා පටය තැනීමට පදනම වැටෙන්නේ කොහොමද?

චිත්‍රපටයේ තිර රචනය කළේ නිහාල් පීරිස් කියන ප්‍රවීණ ලේඛකයා. අපි කතා කරමින් සිටියේ ටෙලි නාට්‍යයක් කරන්න. ඒ සඳහා නිෂ්පාදකවරයෙකුත් හිටියා ඔය අතරතුර දී නිහාල් මහත්මයා මට එවනවා කතා සාරාංශයක්. ඒ මේ හොරා අංකල් කියන චිත්‍රපටයේ. ඒක වෙනස්ම තේමාවක් හින්දා මගේ හිතට තදින් දැනුණා. මගෙත් එක්ක ටෙලි නාට්‍යයක් කරන්න හිටපු නිෂ්පාදකවරයාට මම කිව්වා මෙහෙම වැඩක් තියෙනවා කරමුද කියලා. හොරා අංකල් චිත්‍රපටයේ කතා සාරාංශය ඔහුට දුන්නා. ඒ ඇතිවුණු එකඟතාවය මතයි චිත්‍රපටය නිර්මාණය කරන්නට පටන් ගත්තේ.

ඔබ හිතනවාද ඒ ගත්ත තීරණය සාර්ථකයි කියලා?

අනිවාර්යනේම. මම ගොඩක් සතුටු වෙනවා ටෙලි නාට්‍යයකට වඩා චිත්‍රපටයක් නිර්මාණය කිරීම පිළිබඳ. නිර්මාණකරුවෙකු චිත්‍රපටයක් තනනවා කියන්නේ එක ලොකු තෘප්තියක් ලබන වැඩක්.

මෙහි කැමරාකරණය ඇතුළු සෙසු අංශ සඳහා දායකත්වය ලබා ගත්තේ මගෙත් එක්ක ක්ෂේත්‍රයට පැමිණි සමකාලීනයෝ. ඔවුන් බොහොම කැමැත්තෙන් මගේ මේ නිර්මාණය සාර්ථක කර ගන්න ලොකු පිටිවහලක් ලබා දුන්නා.

හොරා අංකල් චිත්‍රපටය කුමන ප්‍රේක්ෂක කණ්ඩායමක් වෙනුවෙන්ද තැනුවේ?

මේක ළමයින් වෙනුවෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. නමුත් වැඩිහිටියන්ටත් ලොකු පාඩමක් කියා දෙනවා. ළමයින් කියන්නේ හරිම නිරවුල්, ඒ වගේම අවංක මනසක් ඇති අය. ඔවුන් කියන දේවල් හරිම ස්වභාවිකයි. අපි චිත්‍රපටයට නම තිබ්බෙත් මේ ගැන හිතලා. නිහාල් පීරිස් මහත්මයා මට නම් කිහිපයක් කිව්වා. ඒ අතර තිබුණ හොරා අංකල් කියන නමට තමයි මගේ හිත ගියේ. හොරා කියලා කියපු ගමන් අපේ ඔළුවට යන්නෙ අනුන්ගේ දේවල් හොරකම් කරන තැනැත්තෙක්. නමුත් ඒකට අංකල් කියන පදය එකතු කරලා අමතන්නේ ළමයින්. ළමයින්ට ඔහු හොරෙක් නොවෙයි, ලෙන්ගතු අයෙක්. අනික මේ තැනැත්තා කරන්නේ තමන්ගේ ළමයා වෙනුවෙන් කැප කිරීමක්. මං හිතනවා චිත්‍රපටයේ සම්පූර්ණ කතාව මෙතෙන්දි කියන එක සුදුසු නැහැ කියලා. මට කියන්න තියෙන්නේ මේ චිත්‍රපටය වැඩිහිටියන්ටත් ඉතාම සුදුසුයි.

මේ සිනමාපටය නිර්මාණය කරන්න ගිහින් ඔබ ලැබූ අමතක නොවන අත්දැකීමක් එහෙම තියෙනවද?

කතාවට අනුව මෙහි ප්‍රධාන ළමා චරිතයේ කාමරය වෙනස්ම එකක්. පිටපතට අනුව මගේ හිතේ මැවුණු කාමරයක් සහිත නිවසක් හොයාගෙන කලා අධ්‍යක්ෂ ධම්මික හේවාදුවත්ත සමඟ අපි සෑහෙන්න ලොකේෂන් සංඛ්‍යාවක ඇවිද්දා. නමුත් අපේ හිතට හරි යන ඒ දර්ශන තලය ලැබුණෙම නැහැ. අන්තිමේට කලා අධ්‍යක්ෂවරයා තීරණය කළා ඒ වගේ කාමරයක් චිත්‍රපටයක් වෙනුවෙන්ම නිර්මාණය කරන්න.මට පුදුමත් හිතුණා. ඔහු පිටපතේ තියෙන ඒ කාමරය ඒ විදිහටම මට නිර්මාණය කරලා දුන්නා. ඇත්තටම ඔහු ඒ මොහොතේ කළේ ලොකු කර්තව්‍යයක්. ඒ තැන ඒ ලොකේෂන් එක නිසියාකාරව නිර්මාණය නොවුණානම්, චිත්‍රපටයටත් ලොකු අසාධාරණයක් වෙනවා.

වර්තමානයේ පවතින වසංගත තත්ත්වයත් එක්ක සිනමා ශාලා වැහෙනවා යළි විවෘත වෙනවා. ඔබේ චිත්‍රපටයත් කවදා පෙන්නයිද කියලා හරියටම කියන්න අමාරුයි නේද.. මේ තත්ත්වය නිර්මාණකරුවකු විදිහට කොහොමද ඔබට දැනෙන්නේ?

මම හැම තිස්සෙම ධනාත්මකව හිතන කෙනෙක්. මේ ජනවාරි පළවෙනිදා ඉඳලා චිත්‍රපට ශාලා විවෘත කළා කියලා කියපුවාම හිතට ලොකු සහනයක් ආවා. මම හිතනවා මිනිසුන් මේ වගේ වෙලාවල් වල ලොකු පීඩනයකින් ඉන්නේ. ඒ වගේම මොන වසංගත තත්ත්ව ආවත් සිනමාව කියන විෂය මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. අනික ලංකාවේ මිනිස්සු එකම දෙයක් ඔළුවේ තියාගෙන වැඩි කාලයක් ඉන්නේ නැහැ. මේ තත්ත්වය මත මම හිතනවා තව කෙටි කලකින් සිනමාශාලාවන්ට ප්‍රේක්ෂකයෝ පැමිණේවි කියලා. ඒත් එක්කම මගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වේවි.

සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබ පැමිණි ගමන් මඟ මතක් කළොත්?

මම මුලින්ම නිෂ්පාදන කළමනාකරුවකු විදියට තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. හැබැයි ක්ෂේත්‍රයට එන්නේ නළුවෙක් වෙන්න හිතාගෙන. යස් බොස් ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස දායකත්වය දැක්වූවා. පසුව මම ඊළග පියවර විදිහට නළුවෙකු වෙන්න මම අවස්ථා හොයනවා ඒ වෙලාවෙ සිරස ටැලන්ට් ෆැක්ට්‍රි ආයතනයේ හිටපු ගිහාන් රංග බණ්ඩාර කියන මහත්මයා මට කියනවා රඟපෑම ගැන ඉගෙන ගන්න ඕනේ නම් සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට ඉදිරි වැඩ කරන්න කියලා. එහෙම කිඳුරංගනා නාට්‍ය තුන්වෙනි සහය අධ්‍යක්ෂ විදිහට මම වැඩ කළා. ඊට පසුව ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ සුමිත් කුමාර මහත්මයාගේ මායා මන්ත්‍රී කියන ටෙලි නාට්‍යයේ. ඊට පසුව ප්‍රාර්ථනා මල්. සඳට අහස ආදරෙයි. යස් මැඩම් වැනි නාට්‍ය ගණනාවක ප්‍රධාන සහය අධ්‍යක්ෂවරයා විදිහට දායකත්වය ලබා දුන්නා. නාලන් මෙන්ඩිස්, අනුර මාධව ජයසේකර වැනි නිර්මාණකරුවන් යටතේ මම වැඩ කටයුතු කළා. බොහෝ අත්දැකීම් ලබා ගත්තා. අපේ කාලේ පටාචාරා, ආදරයේ මං වැනි සිනමාපට කිහිපයක්ම ප්‍රධාන සහය අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කටයුතු කළේ මම.

හොරා අංකල් චිත්‍රපටයේ නළු නිළියන් කවුද?

මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමාර තිරිමාදුර, ජනක කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ, සමන් ධර්මවංශ, ජයරත්න ගලගෙදර, අශිකා මතසිංහ, දොන් ගයි ඇතුළු පිරිස මෙහි රඟපානවා. ළමා චරිත රංගනයෙන් දායක වන්නේ සෙනුල්‍යා දන්තනාරායන, නෙත්ප්‍රිය මධුභාශිත, සහ දෙව්මි සතිෂ්කා.

නිෂ්පාදන පිරිවරත් මතක් කළොත්?

තිර රචනය නිහාල් පීරිස්. ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මිකගෙන්. නිශාන් සේනාරත්න රේඛීය නිෂ්පාදකවරයා විදිහට දායකත්වය ලබා දුන්නා. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂවරයා, මනනුවන් රූපසිංහ අංග රචනයෙන් දායක වුණා. ඇඳුම් නිර්මාණය කර දුන්නේ ප්‍රියාන් අනුර ශ්‍රී, නර්තන නිර්මාණය නිලාන් මලිගැස්පගෙන්, සහාය අධ්‍යක්ෂණය තරිඳු ඉලංගකෝන්. දෙවන සහාය අධ්‍යක්ෂණය අමිල ප්‍රේමරත්න, සමන් අතපත්තු, ධම්මික ගුණසේන නිෂ්පාදන කළමනාකරු, සංගීතය නිම කොට දුන්නේ නවරත්න ගමගේ, ගීත රචනය බන්දුල නානායක්කාරවසම් සහ මම, ගීත ගායනය ලක්ෂ්මන් විජේසේකර, පාරමී ආලෝකා, කොණ්ඩා සැකසුම තුෂාර විදානගමගේ, හඬකැවීම් අධ්‍යක්ෂණය, පුබුදු ධනංජය, සංස්කරණය, වර්ණ සංකලනය, ශබ්ද පරිපාලනය, පසුබිම් ශබ්ද සැකසුම ඩිලාන් ගුණවර්ධන විසින් සිදුකළා. නිෂ්පාදනය දේශබන්ධු සමන් ධර්මවංශ සහ ආචාර්ය සුමින්ද ලෝව්

ප්‍රසාද් සමරතුංග

බින්දු සහ පසිඳු සහෝදරයෝය. තවමත් පාසල් වියෙහි දිවි ගෙවන ඔවුන්ගේ පියා වූ නලින්ද ඉහළ විධායක නිලධාරියකි. ඔහුගේ බිරිය චම්පාය. මේ පවුල ජීවත් වන්නේ නවීන පන්නයේ නිවසකය. මිල මුදල් යහමින් ඇති ඔවුන් ගත කරන්නේ සුඛෝපභෝගී දිවියකි.

මේ කතාව ඇරැඹෙන්නේ නලින්දගේ නිවසට සොරකු ඇතුළුවීමත් සමඟය. ඔහුගේ අඩි ශබ්දය පළමුව ඇසෙන්නේ බින්දු සහ පසිඳුටය. වෙනම කාමරයක නිදා සිටින ඔවුන් බියට පත්ව තැති ගනිද්දී සොරුට හසුවෙති. මේ සොරාගේ නම රංජිත්ය.

වෘත්තීය හොරකු වන ඔහු සොරකම් කරන්නේ අවාසනාවන්ත රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටින තම දියණියගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීිමටය. ඒ ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තිහක් පමණ වැයවන ශල්‍යකර්මයක් කළ යුතුව ඇත.

මේ වන විට විවිධ මාර්ගවලින් රංජිත්ට යම් මුදලක් එකතු වී තිබේ. එහෙත් තව ලක්ෂ පහ හයක් අඩුය. එය සොයා ගැනීමට කිසි මාර්ගයක් නොමැතිකමින් රංජිත් සොරකමට පෙලඹෙයි. ඔහු නලින්දගේ නිවසට ඇතුළු වන්නේ ඒ නිසාය. තමා අසු වු බව දැනගන්නා රංජිත් මේ මොහොතේ උපක්‍රමයක් කල්පනා කරයි. බින්දුව සහ පසිඳුව මිතුරු කරගතහොත් බේරෙන්නට හැකි බව සිතයි.

ඒ සිතිවිල්ල ඔස්සේ රංජිත් දරු දෙදෙනා අතර මිතුරු සබඳතාවක් ඇති කර ගැනීමට උත්සාහ කරයි. දැඩි ලෙස අසනීපව සිටින සඳලි ගැන බින්දු සහ පසිඳුට පවසයි. සඳලි යනු කලින් ඉතා දක්ෂ ධාවන සූරියකි. නමුත් සියලු සිහින බිඳ දමමින් ඇය මේ වන විට රෝද පුටුවකට සීමා වූ ජීවිතයක් ගත කරන්නීය.

සොරාගේ අනුවේදනීය කතාව අසන බින්දු සහ පසිඳු තුළ ඔහු ගැනත් සඳලි ගැනත් ඇතිවන්නේ මහත් වූ දුකකි. ඔවුනට උදවු කිරීමට සිතා අනුකම්පා බරිත සිතින් පසිඳුත් බින්දුත් නිවසේ සල්ලි තිබෙන තැන රංජිත්ට පෙන්වීමට එකඟවේ.

Cast

Crew

Other Crew