තොරතුරු
Irani / ඉරානි
[ Colour 35m ]
තිරගත වීමට නියමිතයි
61.860465116279
62% |   43  Vote(s) | Vote Here
1 2 3 4 5
 
ජෙගන් සුබ්‍රමනියම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය
 
සාරාංශය

Irani / ඉරානි
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : 35m
වර්ගය :
ප්‍රධාන නළුවා : Raj Kumar
ප්‍රධාන නිළිය : Jayani Weerasinghe
අධ්‍යක්ෂණය : Jegan Subramaniyam
නිෂ්පාදනය : Vishnu Prasanna
නිෂ්පාදනය : Jegan Subramaniyam

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

සිරිලක අසිරි සිරිය විඳගැනීමේ අරමුණින් යුතුව සංචාරයේ නියැළීම පිණිස ඔහු මෙරටට පැමිණෙන්නේ, සිය බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දියණිය ද සමඟිනි. ඔවුන් සතුටින් සංචාරයේ නිරත වන අතරතුර කඳුකර ප්‍රදේශයකදී ඔහුගේ බිරිඳ සහ දියණිය පැහැර ගැනීමට ලක්වේ. මැර පිරිස ඔහුට පහරදී පලා යයි. වනාන්තරයේ අතරමං වන ඔහු සිහිසුන්ව ගං ඉවුරක ඇද වැටේ. සුනඛයකුගේ මඟ පෙන්වීම මත වනාන්තරයේ පතල් කපන්නෙකු පැමිණ ඔහු රැගෙන ගොස් සාත්තු කර යලි යථා තත්ත්වයට පත් කරනා මුත්, ඔහුට යෑමට ඉඩ නොදී ඔවුන්ගේ පතල් වැඩ සඳහා බලෙන් රඳවා ගනී. වසර විස්සකට පසුව ලද අවසරයකින් පතලින් පලායන ඔහු තේ වතු ආශ්‍රිත ගම්මානයකට සේන්දු වෙයි. ඒ මේ අත සැරිසරන ඔහුට මෙම ප්‍රදේශයේදී තම බිරිඳ සහ දරුවා පැහැරගත් අතීතය සිහිපත් වේ. තමාගෙන් දුරස්කළ තම එකම දියණිය සහ බිරිඳ සොයාගැනීමටත් එම අපරාධකරුවන්ගෙන් පළිගැනීමටත් ඔහු සැලසුම් කරයි. ඔහුගේ සැලසුමට අනුව අපරාධකරුවන් සොයා ගැනීමට හැකිවේද සහ දිගු කලකට පසු ඔහු සොයා යන බිරිඳ සහ දරුවා ඔහු හඳුනා ගනීවිද යනු “ඉරානි” තුළින් ප්‍රේක්ෂකයාට පහදා දෙනු ඇත.
 
ජෙගන් සුබ්‍රමනියම් දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ නියැළී සිටින්නෙකි. 2007 වසරේ තිරගත වූ “අන්ධ ගිම්හාන නිවාඩුව” (ANDHA SUMMER LEAVLELA) චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරු ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වන ඔහු, තිර පිටපත් රචකයකු සේම රංගන ශිල්පියෙක් ශිල්පියෙකුද වෙයි. 2011 වසරේ තිරගත වූ “වර්ණම්” චිත්‍රපටයේ සහය නිෂ්පාදකවරයාද වූ ඔහු, එමී සම්මානලාභී ඇල්ෆොන්ස් රෝයි සහ බලාජී තරණිතරන් වැනි ප්‍රකට අධ්‍යක්ෂවරුන් යටතේ ඔවුන්ගේ නිර්මාණයන් හා එක්වෙමින් සිනමා නිර්මාණකරණය පිළිබඳ හසල දැනුමක් ලද නිර්මාණවේදියකු වන අතර, ඉන්දු ශ්‍රී ලංකා සිනමාත්මක සුසංයෝගයක් වන “ඉරානි” ජෙගන් සුබ්‍රමනියම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Jegan Subramaniyam
නිෂ්පාදනය
Jegan Subramaniyam
නිෂ්පාදනය
Vishnu Prasanna
තිර රචනය
Jegan Subramaniyam
කැමරාකරණය
Pravin Jayaratne
සංස්කරණය
Pravin Jayaratne
කලා අධ්‍යක්ෂණය
Roshan Abegoda
අංග රචනය
Henry Premarathna
සංගීත අධ්‍යක්ෂණය
Arun Dyan
විධායක නිෂ්පාදනය
Sunil Wakheel
විධායක නිෂ්පාදනය
B.P.N. Raj
සහාය නිෂ්පාදනය
Thushara Jayasuriya
සහාය නිෂ්පාදනය
Jannani Fedrick

අමතර ශිල්පින්

වර්ණ සංයෝජනය
Pravin Jayaratne
සහාය අධ්‍යක්ෂණය
Nuwan Perera
සහාය අධ්‍යක්ෂණය
Akalanka Kaluarachchi
සහාය අධ්‍යක්ෂණය
Jenashan Rajeshwar
සහාය අධ්‍යක්ෂණය
V.J. Thamishanda Akesh
ඇඳුම් නිර්මාණය
M.K.D. Chathurangi
සහාය කැමරාකරණය
Nuwan Kumara
සහාය කැමරාකරණය
Suresh Kumara
සහාය අංග රචනය
Sathsarani
සහාය අංග රචනය
Amanjali
සහාය කලා අධ්‍යක්ෂණය
M.B. Vijithasiri
නිශ්චල චායාරූප
Chanaka Rathnayake
ශබ්ද නිර්මාණය
Krishna Chandran
නිෂ්පාදන සම්බන්ධිකාරක
Anura Dayanjith
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS