Jangi Hora

Jangi Hora

ජංගි හොරා

Colour

Film No: 1345  ·  Released: 23 Dec 2021

67.31% · 3,945 votes
Rate this film
Special Message

ADULTS ONLY වැඩිහිටියන්ට පමණයි

Summary

NameJangi Hora / ජංගි හොරා
Film No1345
Released Date23 Dec 2021
ColorimeterColour
Duration01h:30m
Movie GroupSinhala
CategoryAdults
Main Actor: Pubudu Chaturanga Main Actress: Dilhani Ekanayake Director: Somaratne Dissanayake Producer: Renuka Balasuriya

Trailer

Description

ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය වූ අන්ඩර් පෑන්ට් තීෆ් (ජංගි හොරා) දකුණු කොරියාවේ බූසන් නුවර පැවැත්වෙන බූසාන් අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා තෝරාගෙන තිබේ.

අධ්‍යක්ෂවරයා මේ වනවිටත් බුසාන් නුවරට ගොස් සිටියි. අන්ඩර් පෑන්ට් තීෆ් සෝමරත්නගේ සුපුරුදු සිනමා රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය වූ චිත්‍රපටයකි. මානසික ව්‍යාධියෙන් පෙළෙන වැඩිහිටියකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය මඟින් වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනයට අවසර ලබාදී තිබේ.

පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරියගෙනි. අජිත් රාමනායක සංස්කරණ ශිල්පියාය. පි‍්‍රයන්ත කළුආරච්චි ශබ්ද සංකලයෙන් නිර්මාණය වූ මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් චාමර චින්තක සේලාර දායක විය.

ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද ශෂිකා නිසංසලා සහ විශාරද හර්ෂණ දිසානායක ගායනයෙන් දායක වූ අන්ඩර් පෑන්ට් තීෆ් රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි.

Cast

Crew

Other Crew