ජංගි හොරා

ජංගි හොරා

Colour

Film No: 1345  ·  Released: 23 Dec 2021

67.22% · 3,958 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ADULTS ONLY වැඩිහිටියන්ට පමණයි

සාරාංශය

නමජංගි හොරා
චිත්‍රපට අංකය1345
තිරගත වූ දිනය23 Dec 2021
වර්ණ ක්‍රමයColour
ධාවන කාලය01h:30m
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයවැඩිහිටියන් සඳහා
ප්‍රධාන නළුවා: පුබුදු චතුරංග ප්‍රධාන නිළිය: දිල්හානි ඒකනායක අධ්‍යක්ෂණය: සෝමරත්න දිසානායක නිෂ්පාදනය: රේණුකා බාලසූරිය

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය වූ අන්ඩර් පෑන්ට් තීෆ් (ජංගි හොරා) දකුණු කොරියාවේ බූසන් නුවර පැවැත්වෙන බූසාන් අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා තෝරාගෙන තිබේ.

අධ්‍යක්ෂවරයා මේ වනවිටත් බුසාන් නුවරට ගොස් සිටියි. අන්ඩර් පෑන්ට් තීෆ් සෝමරත්නගේ සුපුරුදු සිනමා රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය වූ චිත්‍රපටයකි. මානසික ව්‍යාධියෙන් පෙළෙන වැඩිහිටියකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය මඟින් වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනයට අවසර ලබාදී තිබේ.

පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරියගෙනි. අජිත් රාමනායක සංස්කරණ ශිල්පියාය. පි‍්‍රයන්ත කළුආරච්චි ශබ්ද සංකලයෙන් නිර්මාණය වූ මෙහි සහාය අධ්‍යක්ෂණයෙන් චාමර චින්තක සේලාර දායක විය.

ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද ශෂිකා නිසංසලා සහ විශාරද හර්ෂණ දිසානායක ගායනයෙන් දායක වූ අන්ඩර් පෑන්ට් තීෆ් රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play