Karthi Saha Banu

Karthi Saha Banu

කාර්ති සහ බානු

Colour 35mm Yet to be released

Yet to be released

59.09% · 440 votes
Rate this film
Special Message

අසම රන්දිල් ලියනගේ විසින් ලියූ “ආදර ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව” කෘතිය ඇසුරිනි.

Summary

NameKarthi Saha Banu / කාර්ති සහ බානු
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Didula Induwara Main Actress: Chamathka Lakmini Director: Ashini Randini Producer: Ashanthi Nandika

Description

කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය සහ කොළඹ නාගරීකය අවට ප්‍රදේශයන් තුළදී සම්පූර්ණයෙන්ම රූගත කිරීම් සිදුකර ඇති මෙම සිනමා නිර්මාණයෙන් සාකච්ඡාවට බදුන් වනුයේ, වර්තමාන සමාජය තාරුණ්‍යය කෙරෙහි බලපෑම් කරන ආකාරයත්, එම බලපෑම් හමුවේ ඇතිවන අභියෝග සහ ගැටලුවලදී ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරයත්, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හැසිරවීමේදී මතුවන යහපත්, අයහපත් ප්‍රවණතාවයන් සමඟින් නොපසුබටව ඉදිරියට යාමට නූතන තාරුණ්‍ය ප්‍රයත්න දරන ආකාරයත් වේ. තම ලේඛන වෘත්තයෙහි ස්ථාවර වීමට වෙර දරන “කාර්ති” නම් තරුණයාත් ඔහුගේ පෙම්වතිය වූ සුරූපී සුන්දර තරුණියක් වන “බානු” ඔවුනොවුන්ගේ ජීවිතවලට එල්ලවන විවිධ බාධක අභියෝග හමුවේ ගෙවී යන කාලයත් සමඟින් තාරුණ්‍යයේ ප්‍රේමණීය වූ සුන්දරත්වයේ සංකීර්ණත්වය හා පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ පවතින නොපෙනෙන අළු පැහැය සමාජගත කිරීමට මෙතුළින් උත්සාහ දරා ඇත.

මෙහි අධ්‍යක්ෂිකාව වන අශිනි රන්දිනි විමලදාස, කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරිනියක් වන අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ නිදහස් නිවේදිකාවක් ලෙසින්ද මේ වන විට කටයුතු කරමින් සිටී. “කාර්ති සහ බානු” ඇය විසින්ම තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කල ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. විශ්ව විද්‍යාලයේදී තම විෂයට අනුබද්ධිත ක්‍රියාකාරකම් රැසකට දායකත්වය දක්වා ඇති ඇය, ඉදිරියේ සිනමා ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් ලබාදීමටත්, තිර පිටපත් රචනයෙන් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණයට පිවිසීමටත් බලාපොරොත්තුවෙන් සිටී.

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Cast

Crew

Other Crew