Katha Karana Heena

Katha Karana Heena

කතා කරන හීන

Colour

Film No: 1299  ·  Released: 15 Mar 2019

59.52% · 1,941 votes
Rate this film

Summary

NameKatha Karana Heena / කතා කරන හීන
Film No1299
Released Date15 Mar 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids

Trailer

අපූර්වට වයස අවුරුදු දහසයකි. නව යොවුන් වියෙහි සුන්දරත්වය විඳීමට අපේක්ෂාවෙන් සිටින ඔහුට විටෙක මහත් වු තනිකමක් දැනෙයි. තමන්ට මව්පියන් ආදරය නැතැයි සිතෙයි. එලෙස වීමට හේතු කාරණ කිහිපයකි. අපූර්වගේ පියා නීතිඥයෙකි. මව බැංකුවක ඉහළ නිලධාරිනියකි. එහෙයින් දෙදෙනාම ගත කරන්නේ අති කාර්යබහුල දිවියකි. ඔවුන් රැකියාවට මුල්තැන දීම හේතුවෙන් අපූර්වට ඔවුන්ගේ ආදරය ලැබෙන්නේ නැත.

ඔහුට බිම්සර නමින් සහෝදරයකු ද වෙයි. බිම්සර ජීවත් වන්නේ තමන්ගේ ලොවකය. පරිගණකය ඔහුගේ ජීවිතයයි. එතැනින් එහා ලොවක් ඇත්නම් ක්‍රීඩාව පමණක්ය. අපූර්ව ක්‍රමයෙන් තමන් මවාගත් සිහින ලොවක ජීවත් වන්නට පටන් ගනියි. ඔහු තමා අවට පවතින සියලු දේ වලට ජීවය ඇතැයි සිතයි.

අපූර්ව ගස් වැල්, තරු, වලාකුළු, පොත්වල අකුරු ආදී දේ සමඟ කතා කිරීමට පටන් ගනියි. ඔහු අමායා නමැති ඇවිදීමට නොහැකි ගැහැනු ළමයකු සිය හොඳම යෙහෙළිය කර ගනියි. සිහින තුළ ජීවත්වන අපූර්වට ඉගෙනීම අප්‍රියජනක වේ. ඔහු පරිසයෙන් ඉගෙන ගන්නා දෙයට ඇලුම් කරයි.

අපූර්ව මෝඩයකු වී බිම්සර උගතකු වේ යැයි බිය ගන්නා අපූර්වගේ මව්පියන් අපූර්ව උගතකු කිරීමේ වෑයමක යෙදෙයි. ඒ නිසාම අපූර්වගේ හැඟීම් තේරුම් ගැනීමට මව්පියන්ට නොහැකි වේ. ඔය අතර අපූර්වට යහළුවකු මුණ ගැසෙයි. ඒ කතන්දර සීයාය. ඔහු වාහන සාදන වැඩපළක සේවය කරයි.

සීයා අපූර්වටත් අමායාටත් දැඩි ලෙස ඇලුම් කරයි. නොහඳුනන විශ්වාස කළ නොහැකි ආගන්තුකයකු බැවින් කතන්දර සීයාට අපූර්වගෙන් ඈත් වෙන ලෙස අපූර්වගේ මව්පියන් දැනුම් දෙයි. සීයා අපූර්ව මුණ නොගැසෙන්න පරිස්සම් වෙයි. යළිත් අපූර්ව තනි වෙයි.

ඒ අතර මව්පියන් අපූර්වව නගරයේ පාසලට ඇතුව කිරීමට තීරණය කරයි.

Cast

Crew

Other Crew